Wednesday, July 1, 2009

ලෝකුරු නයිදේ ගේ "හත් බොරු කවිය".

ලෝකුරු නයිදේ කන්ද උඩරට අවසාන රජුව සිටි ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ කවිකාර මඩුවේ සිටි මුඛරි කවියෙකි. රජතුමා කවියන් පිරිවරා සිටි විවේක අවස්ථාවල දී ඔවුන් ලවා කවි කියවා ප්‍රීති වීම සිරිතක් විය. නිතරම එකම කවි අසා හෙම්බත් වී සිටි රජතුමා කවීන් අතර තරඟයක් ඇතිකිරීමට සිතා ගත්තේය.

කවිකාර මඩුවේ සෑම සියලු දෙනාම එක් වූ අවස්ථාවක රජතුමා මෙසේ කීවේය.
"හොඳයි නුඹලා හැමදාම මට නොයෙක් කවි බැඳ කියනවා.., හොඳයි පුලුවන්නම් බොරු හතක් ඇති කවියක් සාදා කියපල්ලා"
එහෙම කියන එකෙකුට මගෙන් පඬුරු ලැබෙනවා ඇත. සියලුම කවියන් අන්දුන් කුන්දුන් වූහ. එහෙත් ලෝකුරු නයිදේ සැලුනේ නැත.
ඔහු නැගිට,
“කිලිකුණු නැති වැඳිගෙ පුතෙක් - ඇඳගෙන නිල්වලා කඩක්
මිරිඟු දියෙන් නානය කර - පැලඳ දිඹුල් මල් වඩමක්
තුරඟ අඟින් රථය තනා - අඹරා ඉබි ලොමින් යොතක්
කුහුඹු අගින් කෙවිට තනා - දැක්කිය සුරපුරට උදක්”
යන කවියා කීවේය. රජ්ජුරුවෝ ඔහුට ප්‍රශංසා කර වටිනා තෑගි පිරිනැමීය.
[ඉහත කවිය අත්තම්මා මා කුඩා කල මා ළඟ තබා ගෙන මාහට කියා දුන් එකකි. පේන හැම දේම ලියා තැබීමේ පුරුද්ද කුඩා කලත් මාහට තිබූ නිසා ලියා තබා, අද පරණ පොත් ගොඩක් අවුස්සන විට මා හට යළි හමුවිය.]

3 කියවල මෙහෙම ලිව්ව ලු.:

-බිன்ku- said...

ලෝකුරු නයිදේ අන්දරේ නොවෙයි නේද?

කොහොම වෙනත් කවියේ අමුතු තේරවිල්ලක් කියනවා නෙව!

Anonymous said...

නියම කවියක් එවාගේම ලිෂාන් තනිකරම බොරු ලියලා තියන ගජබින්නාලංකාරය කියලා කවි පොතක් ගැනත් මම අහලා තියනවා එත් එත ඇත්තද නම් දන්‍නේ නැ

ඉන්දික said...

maxa blogak bro..thawa tawa oneee!
ape paththe enna..

http://ekewattuwa.blogspot.com/

thankzzzzzzz