Wednesday, July 8, 2009

කිචි කවාගන්න උවමනා නැත..!

අද මම මගේ පරණ ලාච්චුවක් අදිනකොට පරණ නැෂනල් ඉන්ක්වයර් සඟරා වගයක් හම්බ උනා. නිකමට වගේ කියවලා බලනකොට ලිපි අග පුංචියට තිබුන කතා ටික කියවලා බැලුවා. 1970 දී පලවූ සඟරා උනත් ඒ කතා වල “ටොක්ක” තාමත් හොඳට ඔලු වලට වදින්නේ කතාව තුල අපට හිතන්න දේවල් ඉතිරි කරල තිබෙන හන්දයි..
කෑමක් උනත් වැඩිය රස බෙදාහදා ගෙන කනකොට නිසා කතා වලින් ස්වල්පයක් ඔබත් එක්ක රස්තියාදුවේ යවන්න හිතුවා.


මාමාගේ ශ්‍රවණය

මගේ මාමාගේ ශ්‍රවණය තරමක් දුර්වල වුවත් ඒ බවක් අන් අයට නොහඟවයි. එක හැන්දෑවක හේ කුඩා ගුවන්විදුලි යන්ත්‍රයක කුඩා ශ්‍රවණ ආධාරකයක් කණේ රුවාගෙන සිටිනු මම දුටිමි. එය ශ්‍රවණ ආධාරකයක් නොවන නිසා එලෙස රඳවා ගෙන සිරීම ගැන මම ප්‍රශ්ණ කළෙමි.
"
මොකද්ද ඔය ආධාරකයෙන් ඇති වැඩේ..?
ඔව්., ඒකෙන් මගේ කණ ඇසෙන්න උදව්වක් නෙමෙයි. ඒත් මිනිස්සු ශබ්ද නගලා මට කතා කරනවා නේ.
."
බලපත්‍ර පරීක්ෂණය
මොටර් රථ බලපත්‍ර ලබා ගැනීමේදී මාර්ග පරීක්ෂණය අතරතුර පරීක්ෂකවරයා ගේ සරළ ප්‍රෂ්ණ වලට මුහුණ දෙමින් සිටි පුද්ගලයෙකි.
“ප්‍ර: මෙහෙම යනකොට පාර හරහා අන්ධ පුද්ගලයෙක් මාරු වෙනවා ඔබ දකිනවා.. මොකද කරන්නේ.?
පි: මොකක් කරන්නද..? මගෙ වාහනේ නොම්මර තහඩුව දකින්නේ නැති එක වාසනාවක්.
ප්‍ර: මීදුම තියෙන අවස්තාවක ඔබ රිය පදවන කොට මොනවද පාවිච්චි කරන්නේ..?
පි: වාහනේ හෝන් එක.”

සැලකීම
හොවාර්ඩ් දිනපතාම යන අවන්හල ට එදිනද ගොස් මත්පැන් අලෙවිකරන්නා ට මෙසේ පැවසීය.
"මට විස්කි වීදුරුවක් ගේනවා. ඉන්න හැමෝටමත් විස්කි වීදුරුවක් දෙනවා.., ආ., තමුසෙත් විස්කි වීදුරුවක් බොනවා."
හොවාර්ඩ් කියූපරිදි ම මත්පැන් වීදුරුවක් බැගින් ලබා දී තමාද., විස්කි වීදුරුවක් හිස් කලේය. පසුව හොවාර්ඩ් නැවත ඔහු අමතන්න ට විය.
" මේ...... මට තවත් වටයක් විස්කි අරන් එනවා. තමුසෙත් එකක් බොනවා "
" සමාවන්න, ඒත් ඔබ කලින් වටයට බිල ගෙවලා ඉන්න " අලෙවි කරුවා පැවසීය..
" එහෙම කොහොමද...? මම ගෙවන්නෙ නැහැ., මට සල්ලි නැහැ.. " හොවාර්ඩ් ගේ බස් ඇසූ මත්පැන් අලෙවි කරන්නා ඔහුව අවන්හලෙන් ඉවතට ඇද දැමීය. එහෙත් පසුදින ද හේ අවන්හල ට ගොඩවිය.
" මට විස්කි ගේනවා.., හැමෝටම විස්කි දෙනවා "
සුපුරුදු ලෙස මතපැන් අලෙවි කරන්නාට අණ කලේය. එය ඇසූ ඔහු හොවාර්ඩ් වෙත පැමිණියේ ය.
" ඔබ අද මා ගැන සලකලා නෑ වගේ...? "
" තමුසේ ගැන සලකන්නේ කොහොමද? තමුසේ ඊයේ විස්කි වීදුරුවක් බීල මට සලකපු හැටි මතක නේ...? "

මවුත් වොෂ්
එක් පුද්ගලයෙක් තමන් පුවත්පතක කියැවූ ලිපියක් ගැන දීර්ඝ විස්තරයක් කරමින් අවසානයේ මෙසේ පැවසීය.
" ඔබ දන්නවාද මම හුස්ම ගන්න වාරයක් පාසා එක් පුද්ගලයෙක් මැරෙනවා කියලා "
එවිට අනෙක් පුද්ගලයා පිළිවදන් දෙමින් මෙසේ පැවසීය..
" හරි කතාවක්නේ තමුසේ කියන්නෙ.., මවුත් වොෂ් එකක් පාවිච්චි කරලා බලනවකෝ "
ජාවාරම
ඇමරිකන්-මෙක්සිකෝ දේශසීමාව හරහා එක්තරා පුද්ගලයෙක් තම පාපදියෙන් යන අතර තුර එහි මුර භටයෙක් ඔහු නතර කලේ ය. සයිකල් කරුවා ගේ පිටෙහි වූ බෑගය දෙස බලමින් මුරභටයා ඔහුගෙන් ප්‍රශ්ණ කරන්න ට විය.
" මොනවද බෑග් එකේ..? "
" වැලි. "
" වැලි..! එහෙම කියලා බෑ.., පරීක්ෂා කරන්න ඕනෑ.."
බයිසිකල් කරු මුරභටයා ට වැලි බෑගය දුන්නේය. කිසිත් නොවීය. වැලි බෑගයා හා යෑමට අවසර ලැබිණි.. සති 2 කට පසුවත් මෙලෙසම බයිසිකල් කරුවා ව සෝදිසිය ට ලක්විය.සැක කරයුතු යමක් නොවූ යෙන් නිදසේ යාමට ලැඉණි. මෙය මාස 6ක ම සෑම සතියක ම වන සිදුවීමක් බවට පත් විය.. දින කිහිපය කට පසුව නගරයේ දී මුරභටයා ට සයිකල් කරු නගරයේ දී හමුවිය...
" ආ.. තමුසෙට පිස්සු කියලා මම හිතන්නෙ නැහැ. අපි දන්නවා තමුසේ මොනවාහරි දේශසීමාව හරහා ජාවාරම් කලා කියලා. ඇත්තට ම තමුසෙ මොනවද ජාවාරම් කලේ..? "
" බයිසිකල් "

වෙනස
අමෙරිකානුවෙක් හා ඉන්දියානුවෙක් අවන්හලක එකම මේසයක වාඩිවිය. චුයින්ගම් හපමින් තම පුරාජේරුව පටන් ගත්තේය.
අමෙරිකානුවා: තමුසෙ කාලා තියෙනවද.., තිරිඟු පිටි..?
ඉන්දියානුවා: ඔව්
අමෙරිකානුවා:අපි එහෙම නෑ. තිරිඟු ඇටය පෝශ්‍යදායක කොටස කාලා රොඩු ටික පිටි කරලා තමුසේලා ට එවනවා.
ඉන්දියානුවා: එහෙමද?
අමෙරිකානුවා: තමුසේ කාලා තියෙනවාද? ජෑම්..?
ඉන්දියානුවා:
ඔව් අමෙරිකානුවා: අපි ඒවා කන්නේ නෑ. අපි අලුත් පළතුරු කාලා කුණු විච්චි අහක දාන පළතුරු ජෑම් ලෙස සකසලා තමුසෙලා ට එවනවා.
මෙතෙක් නිහඬව සිටි ඉන්දියානුවා ඇමෙරිකානුවා ගෙන් මෙසේ ඇසීය.
ඉන්දියානුවා: තමුසේ ඇමෙරිකාවෙදී අනියම් සම්බන්ධතා පවත්වලා තියෙනවද..?
අමෙරිකානුවා: ඔව්..!
ඉන්දියානුවා: ඒ අවස්ථාවල තමුසේලා පාවිච්චි කරන උපත් පාලන කොපු වලට මොකද කරන්නේ..? අමෙරිකානුවා: විසිකරනවා.
ඉන්දියානුවා: තමුසේ දන්නවාද ඉන්දියාවේදී ඒවා එකතු කරලා සකස් කරලා චුවින්ගම් හදලා අමෙරිකාවට එවනවා කියලා...?

.::Bohemian::.

6 කියවල මෙහෙම ලිව්ව ලු.:

-බිன்ku- said...

බි පෙ සි!

රස වින්දා හොඳ හැටි! ස්තුතියි!

Kanishka said...

හික් හික්.... :D

දිසා said...

කොහොමත් ලිෂාන් ඔය 70 /80 දශකයන් වල විහිලු කතා පවා හිනායන අකාරයෙන් නිරමාණය කරලා තියනවා දැන් තියන එවා අපිව හිනස්සන්න හදන්නේ අමු තිත්ත කුණුහරුප කියන්න හදලා

මෙ ලිපිය දැකලා මට විනොදසමය කියන වැඩසටහන මතකයට අවා

http://www.youtube.com/watch?v=kuOAqYEpQFs&feature=related

මම මචන් ගින්දර said...

නියමයි ආ! :lol:

Anu said...

අන්තිම එක නම් මරු.. හිකිස්..

gayandinusha said...

එල එල