Tuesday, June 30, 2009

කයිලාසාවට පෙම් බැඳීම හෙවත් "Chaandan Main" ඇසීම.

මේ වියමන ඉන්දියනු සූෆී සංගීතය නවමු මාවතකට යොමුකළ Kailash Kher ගේ “Kailasa-Chaandhan Main”ඇල්බමය පිළිබඳව පෙරවදන කි.
KKCM
ඇසීමට නොහැකි තරම් කලබලකාරී මෑත කාලීන ඉන්දියානු සංගීත ලොව තුලින් කාලයකට පසුව මා හට කයිකාසාවන් ගේ "Chaandan Main" හමුවිය. කයිලාසා යනු තිදෙනෙකුගෙන් යුතු සංගීත කණ්ඩායම කි. [Kailash Kher, Naresh Kamath, Paresh Kamath] සමඟ ඔවුන් ගේ හතර වන ගීත සංහිතාව වන "චාන්දන් මේන්" මා ඇසුවනම ප්‍රභාශ්වරයට පත්විය. ඒ එතරම්ම අලංකෘත නිසාවෙනි. කයිලාසාවන් ගේ මෙයට ප්‍රථම ඇල්බමයන් වූ "ආවාර්ගී[Awargi], කයිලාසා [Kailasa]සහ ජූමෝ රේ[Joomoo re]" ට පසුව මා ඉහත පවසන්නට යෙදුන ඇල්බමය පසුගිය ජූනි 21දා නිකුත් විය. මේ වන තුරුත් ඉන්දීය ශාස්ත්‍රීය ගීත අතර මුල් ස්ථාන අත්පත් කරගෙන සිටින කයිලාසාවන් මෙයට පෙර ප්‍රසිද්ධියට පත් වූයේ "දේශද්වානියා [Deshadhwaniya]හා පර්නාලි[Parnali]" හි සංගීත අදියුරුවන් නිසා වෙනි.

මගේ අත්දැකීම අනුව කයිලාසාවන් යනු සංගීත නිර්මාපකයන් නොවෙයි. ඔවුන් සංගීතය විඳින්නන්, මක් නිසාද යත් ඔවුන් විඳින ගී අසන්නන් වන අපට ලබාදීමයි ඔවුන් කරන්නේ.., සුෆි යනු ඔවුන් ගේ ගීත මොඩලයයි. පහලට දිනෙන් දින ගලන ගීත කලාව තුල උඩුගං බලා යන මේ තුන්කට්ටුව තුල පවතින ගීත අතර පවතින්නේ අරුමැසි බවක්.
එය පවතින ලොව ප්‍රවාහය ට පටහැනි නිසා ලංකාව වැනි වැල යන අතට ම මැස්ස ගහන ගීත වට්ටෝරු පවතින රටක, මේ ගීත රේඩියෝවක වත් නොයන්නේ අපේ අවාසනාවක ට…

#  පූර්ණ ගීත ඇල්බමය මෙතැනින් භාගත කරගන්න.
# මින් පෙර එළිදක්වන ලද කයිලාසාවන් ගේ ඇලබමයන් භාගත කරන්න.. පහත ඇමිනුම් හරහා යන්න.
Awargi [2005]
Kailasa [2006]
Joomo Re [2007]
.::Bohemian::.

11 කියවල මෙහෙම ලිව්ව ලු.:

gayandinusha said...

අඩෝ... නියමයි, නියමයි thanx වේවා

දිසා said...

ගොඩක් (පින්)ස්තුතියි ලිෂාන් කියලා වැඩක් නැ නියමයි උබෙ ලිපිය මම මෙක අදම බානවා

-බිன்ku- said...

බොහොම පිං මිත්‍රයා, අද රේඩියෝවේ රෑපවාහිනීයේ අස්සක් නෑර යන් එව්වා අතරින් මෙවැන්නක් ඉදිරිපත් කලාට ඔබට තුති! (ඒත් භාගත කිරිමට ලබා දීම තුලින් ඔහුෙග් වෑයමට අසාධාරණයක් ෙවන්නාක් ෙස් දැෙනයි!)

malee_msg said...

මේ.. ගන්නවා.. බොහෝම පිං...!

LishWish said...

ප්‍රතිචාර දැක්වූ හැම දෙනාටම බොහෝමත්ම ස්තුතියි.
@ මා හිතවත් බිன்ku සහෝදරයා ට,
ලංකාව තුල මෙම ඇල්බමය මිලදී ගැනීම ට ඇති එකම ස්ථානය නම්, මහරාජා ආයතනය යටතේ පවතින "Vibrations" ආයතනය පමණයි. එහි ද මිල රු:1500 පමණ වනවා. මා අන්තර්ජාලය තුල සෙවුමක් දමා මෙම ඇල්බමය නොමිලයේ ම භාගත කර හැකි zip ගොනුවක් සොයා එහි ඇමිනුමක් මා ලිපියට එකතු කිරීමට සිතුවේ එම නිමැවුමේ හිමිකරුවාට අසාධාරණයක් කිරීමට නොව, ලංකාවේ සූෆී සංගීතයට ප්‍රිය තාව දක්වන බොහෝ දෙනා හට මෙතරම් මුදලක් වැයකර ඇල්බමයක් මිලදී ගැනීමට තරම් ක්‍රය ශක්තියක් නැති බව දන්නා නිසයි. [මේ ඇල්බමය මිලදී ගත්තා ට මාත් එම පංතියට අයත් වන නිසා]
කුමක් නමුත් ඔබ මතුකල ඉහත කාරණාව තුලින් ඉහත බුද්ධි දේපලෙහි අයිති කරුවාට අනියමින් හෝ අසාධාරණයක් වනවා නම් මගේ බලවත් කණගාටුව..!!
ස්තුතියි මා දැනුවත් කලා ට.. එය මා තවත් දිරිගන්වන සුලුයි.

ranndeera said...

බොහෝම ස්තූතියි

තවත් ඔවුන්ගේ ඇල්බම් ඇති බව දැනගතිමි .ඔබ ලග ඒවා ඇත්නම් බාගත කරගන්න දාන්න

LishWish said...

@ ranndeera,
නැවත වරක් මා වියමන පිරික්සන්න. ඔබ සෙවූ දේට පිළිතුරු ලැබේවි..

-බිன்ku- said...

මිත්‍රයා, මා ඔබේ වෑයමේ වැරද්දක් දුටුවා නොව, එය ඔබේ වැරද්දකුත් නොව. මේ ඇල්බමයට ඇලුම් කල බොහෝ දෙනෙක් දැනටමත් භාගත අවසන් හා ඒ ගැන තම සමීපතයන්ට කියා ඇති. ඔබ කර ඇත්තේද එවැනි සේවාවකි. ඔහු ගැන අසා දැක නොමැති බොහෝ දෙනෙක් ඔබ නිසා දැන ගන්නට ලැබුණු අතර ඔහුට ප්‍රිය කරන තවත් රසික පිරිසක් එකතු වුවායැයි මගේ විශ්වාසයයි, එලෙසම බොහෝ දෙනෙක් ඔහු වටා එක් රොක් වෙන්නට ඇති. කෙසේ වෙනත් මෙහි දෙපැත්තක් තියෙනවා නෙව. ඔබ කියන කතාව ඇත්ත එතරම් මුදලක් වියදම් කරන්න තබා Vibrations ලඟට යන්න පුලුවන් වෙයිද අපි බොහෝ දෙනෙකුට බෙහෙතක්වත් ගන්නට?

gayandinusha said...

ඔබගේ වෑයමින් තව තවත් කයිලාසාවට පෙම් බැදි පිරිසක් එකතු වූ හැඩයි, කයිලාශ් කෙහෙර්'ට ජය වේවා!

said...

මේන්න මේ සිංදුවට මන් ගොඩක් කැමතියි.

හෂිත said...

මල්ලියේ උඹට පිං!
December 18th


What is Love? Gratitude


Don't unstrung your bow,
I am your four feathered arrow
that has not been used yet

I am strong knifeblade word,
not some if or maybe, dissolving in air.
I am sunlight slicing the dark.
Who made this night?
A forge deep in the earth mud.

What is this body?
Endurance.
What is Love?
Gratitude
What is hidden in our chests?
Laughter.
What else?
Compassion.

Don't ask what love can make or do.
Look at the colours of the world.
The river water moving in all rivers at once.

RUMI(Sufi Poet)
1200 Century

from;
A year with Rumi