Tuesday, June 5, 2012

වෛශ්‍යාකර්මයේ පූජනීය චක්‍රය හෙවත් දේවදාසීන්ගේ නොදුටු පස.

අවවාදයයි►
ඔබ මේ කියවන්නට සැරසෙන ලිපියේ ප්‍රතිනිර්මාණය කල යුතු
කා
රණාවලට අදාලව යොදා ඇති රූප බහුතරය වැඩිහිටියන්ට සුදුසු පින්තූර වේ.., කරුණාකර ඔබ වයස 18ක් හෝ ඊට අඩුනම් කරුණාකර මේ ලිපිය බැලීමෙන් වලකින්න.


වයස අවුරුදු 18 වෙත්දී මට මුම්බායට ඒමට සිදුවුණා. අපේ පවුල හරිම දුප්පත්, ඒ නිසා අපේ අම්මා අප්පා එක්ක එකතුවෙලා මාව දෙවියන්ගේ සේවයට කැපකලා. එසේ කැප කල මම පවුල වෙනුවෙන් ඉපයීය යුතු වූවා, ඒ මුදලින් මගේ පවුල නඩත්තු කලයුතු වූවා. කෙටියෙන් කියනවා නම් මම මා සහ මගේ පවුල වෙනුවෙන් කන්න හොයන්න ගියා. මම මුදල් වෙනුවෙන් "ඔවුන්" මට කියන හැම දේම කලයුතු වූවා. මම කලකට පස්සේ මුම්බායෙන් එනකොට මගේ අතේ යහමින් මුදල් ගැවසුනා, මම එයින් කොටසක් වියදම් කරලා ඇඳුම් පැලඳුම් මිලදී ගත්තා. "ඔවුන්ට" පින් සිදුවෙන්න මට දරුවෙකුට උපත දෙන්නට වූවා.., එහෙත් "ඔවුන්" මගේ සේවය ඉල්ලූ නිසා මම දරුවාව දෙමාපියන් ළඟ දමා නැවත මුම්බායට ආවා. මම නැවත යනවිට මම ගෙන ගිය මුදල් මගේ සහෝදරවරු යහමින් වියදම් කරලා.., මගේ මුදල් ගත්ත ඔවුන් මාව කෙල පිඩක් ඉවත් කරන්නා සේ පවුලින් ඉවත් කලා.., දැන් මට යන්න එන්න තැනක් නෑ, පවුල වෙනුවෙන් මුදල් සෙවූ මට අද වෙනකොට මගේ බඩවියත් වෙනුවෙන් හිඟමන් යදින්න වෙලා..!



 මේ හින්දු බැතිමතුන් පූජනීය බවින් තරකොට සලකන දේවදාසීන් ගේ වර්තමාන කතාවයි. ධනයට බලයට ලොල්වූ සමාජයක ආගමික බලය සහ මුදල් නැමති ඇම කරණකොට ගෙන ඇය දේවදාසියක බවට පත්වන්නට වී. කිසිඳු දාක ඇගේ ජීවිතය දේවදාසියක වූ පසු යළි පැවති ලෙස සම නොවනු ඇති. මේ දේවදාසින්ගේ නොදුටු අඳුරු පසයි. යුවතියක් දේවදාසියක් වන්නේ ඇගේ ජීවිතය හින්දු දෙවඟණක වන "යෙල්ලම්මා" වෙත භාරකෙරුණු පසුවයි. මිහිපිට වෙසෙන "අධ්‍යාත්මික" සුරදූතියන් ලෙස හඳුන් වන අතර ඈ විසින් දෙවියන් වෙත සියසේවාව ලබා දිය යුතු වනවා මෙන්ම එම සේවාවන් ඉන්දියාවේ විවිධ සමාජ මට්ටම් හරහා ඒ සමාජික තත්ත්ව වලට සරිලන ලෙස වෙනස් වෙමින් අදටත් පවතිනවා. බොහෝ දේවදාසීන් ලිංගික කම්කරුවන් ලෙස සිය ඉපයීම කරන අතරම බොහෝවිට ඒ ආදායම් ඒ ඒ දේවදාසීන්ගේ පවුල් ජීවත් කරවීම සඳහා යෙදවෙනවා. වරක දෙමාපියන් විසින් යෙල්ලම්මා දෙවඟන වෙත සිය දුවනියන් භාර කෙරුණු පසු ඔවුන් දෙවියන්ගේ සම්ප්‍රදායන් පුරුදු පුහුණු වීම සඳහා යැවුනත් ඇත්ත වශයෙන් ම ඔවුන් සමාජයට එකතු වන්නේ දෙවියන්ගේ නමින් ලිංගික ක්‍රියාකරකම්වල යෙදෙන්නියන් හෙවත් ගණිකාවන් ලෙසයි.

යෙල්ලම්මා යනු,



අතීත පුරාවෘත්තයන් ට අනුව යෙල්ලම්මා යනු හින්දු ජන කථාවල එන බලවත් සෘෂිවරයෙකු වූ ජමධාග්නී ගේ බිරිඳයි. ජමධාග්නී හට දාව යෙල්ලම්මා විසින් පුතුන් සිවු දෙනෙකුට උපත ලබාදුන් අතර සිවුවැනියාගේ උප්පත්තියේදී ජමධාග්නී සහ යෙල්ලම්මා එකිනෙකාගේ පවිත්‍රතාව පිළිබඳ ප්‍රතීඥාවකට එකඟ වෙනවා. සෑම දිනකම යෙල්ලම්මා සිය සැමියා වෙතට ඔහුගේ වතාවත් කටයුතු සඳහා "වැලි වලින් නිමැවූ" කලයක දියරැගෙන යන්නේ මේ ප්‍රතීඥාවේ බලමහිමයෙන්මයි. බොහෝ කලක් මේ ආකාරයෙන් දිය ගෙන යත්දී එක් දිනෙක මේ ආකාරයෙන් දිය රැගෙන යන යෙල්ලම්මා දුටුවේ අද්භූත ආතමයක් හිමි කරගත් "ගාන්ධර්ව" ඈ දෙස ඇසිපිය නොහෙලා බලා සිටිනා ආකාරයයි.., මේ දැක්මෙන් වික්ෂිප්ත බවට පත් යෙල්ලම්මා දිය රැගෙන ගියද, එක දිගටම දිනපතා දිය රැගෙන යන යෙල්ලම්මා දෙස බලාසිටින ගාන්ධර්ව වෙත යෙල්ලම්මාගේ සිතද ඇදී යන්නේ නොදැනුවත්මයි. දෙදෙනාගේ ආශාවන් සහ ලෝකාස්වාදිත ක්‍රමෝපායන් එක සමාන බව වටහ ගන්නා යෙල්ලම්මා ගේ ජමධාග්නී වෙත පවතින භක්ති සමාධිය දෙදරා ගොස් ඒ වෙනුවට ගාන්ධාර වෙත ඇදෙන්නට වූවා. පසුව ඈ දිය ගෙන ඒම සඳහා නදිය වෙත ගියත් දිනපතා නදීතීරයේ වැලි වලින් නිම වූ කලය එදින සාදාගන්නට නොහැකි බව දැන ගන්නා විට සියල්ල සිදුවී හමාර බව යෙල්ලම්මා වෙත සිහිපත් වූවා. හඬා වැලපෙමින් දුක් වූ යෙල්ලම්මා එදින සිය සැමියා වෙත යන්නට සිදු වූවේ හිස් අතින්.


යෙල්ලම්මා විසින් එදින දිය රැගෙන නොඒම නිසා ක්‍රෝධයෙන් දිලිහෙන්නට වූ ජමධාග්නී විසින් ඈ දිය නොගෙනීමට හේතුව උපකල්පනය කර ඇය හට සිය බඹසර නසාගැනීම නිසා ශාප කරනවා.., එසැනින් ඈගේ පෙනුම විරූපී වී ගඩු සහ තුවාල වලින් ඈ සිරුර වැසෙන්නට වුණා. සිය සැමියා කරන ලද ශාපය නිසා නිවෙසින් පිටමං කරන ලද යෙල්ලම්මා ඉබාගාතේ ඇවිදිමින් සිය කුස ගින්න නිවා ගැනීම වෙනුවෙන් සිඟමන් යදිනා තත්ත්වයට පත් වෙනවා. 


මේ ජමධාග්නී විසින් සිය බිරිඳ වූ යෙල්ලම්මා වෙත කරන ලද ශාපය සමනය කරනුවස් වර්ථමානයේදී යෙල්ලම්මාගේ නමට කැප කරමින් දෙමාපියන් සියදරුවන්ව දේවදාසීන් බවට පත් කරන්නේ එලෙස සිය දරුවන් දෙවියන් වෙත පූජා කිරීමෙන් යෙල්ලම්මා වෙත වූ ශාපය බිඳකින් හෝ සමනය වේ යන අන්ධ විශ්වාසය නිසාමයි. එහෙත් ඉන් දරුවන්ගේ ජීවිත මිහිපිට අපායක් වෙන බව එම දරුවන් වත් දෙමාපියන්වත් තේරුම් නොගන්නේ  ඔවුන්ගේ මනැස් දේවභක්තිය නම් පෘෂ්ඨයෙන් වැසී ඇති නිසායි.


මේ ආකාරයෙන් දෙවියන් ඉදිරිය සේවයට කැපවන දේවදාසීන් සිය සේවා ලබාගන්නා අයගේ  ඕනෑම ආශාවක් සන්තර්පනය කරන්නට නොපෙනෙන සාම්‍රදායික රැහැණකින් බැඳී සිටිනවා, මේ සමාජ ගෞරවය නැමති අපුල ව්‍යාධිය නිසා දේවදාසියක සිය ජීවිතය අනුන් වෙත අකමැත්තෙන් හෝ දන් දෙන්නට හුරු කරගන්නවා. වර්තමානය වෙන විට මේ අවර ආගමික සම්ප්‍රදායන් වලින් ඉන්දියාවේ පවතින කුලහීන ජන කොට්ඨාසයන් බැට කනවා.




දේවදාසීන්ගේ පිරිහීම
දේවදාසී වෘත්තියේ අද දවසේ මුහුණුවර නම් ඉතාම කටුකයි. එහෙත් අතීතයේ දී දේවදාසින් සිය සේවාවන් ඉටු කලේ දේවස්ථාන වල නාටිකාංගනාවන් ලෙසයි. එහෙත් සත්‍යවශයෙන් ම ඔවුන් එකල සිය රැඟුම් කටයුතු කලේ මධ්‍යතන ඉන්දියාවේ ඉහළසමාජ සන්තර්පනය වෙනුවෙනුයි. ඒ අතරම රාජකීයන් ගේ පූජනීය යාග පැවැත්වීමත් මේ දේවදාසීන් හට පැවරුනා. දෙවියන්ගේ ස්ත්‍රී දාසීන් වූ මේ අසරණියන් සිය රැඟුම් සහ සන්තර්පන වේදයන් වලින් අධික ලෙස මුදල් ඉපයීම හේතුවෙන් ධනය බලය ගෞරවය ඈ වටා වෙලී පැවතීම නිසා එකල ඔවුන්ගේ කලදවස යහපත් වූවේ ඉහතකී රැඟුම් සන්තර්පන වේදයන් පූජකයන් සහ රාජ වංශිකයින් වෙත පමණක් සීමා වූ නිසා. එහෙත් මේ සම්බන්ධයේ ශක්තිමත් බව කල්යත්දී දුර්වල වූ විගසම ඔවුන්ගේ විනාශය ආරම්භ වුණා.

පසු කලෙක වූ ආක්‍රමණ සහ මිශනාරීන් විසින් සිය ධර්මය රට තුල පැතිරවීම තුලත් දේවදාසීන්ට වූවේ හානියක්. මේ ඉතිහාසය වෙනස් වෙන්නට 1360දී සුල්තාන් ශාහ් විසින් හින්දු දෙවොල් වලට කරන ලද හානිය තුලින් ආරම්භ වූ දේවදාසීන්ගේ අපර කාලය උඡ්ඡස්ථානයට පත්වූයේ 19වෙනි සියවසේදී කතෝලික මිශනාරීන් විසින් සිය දහම පතුරන්නට වීම නිසාවෙන්. කලෙක උතුම් දෙවොල් නාටිකාංගනාවන් වී මේ කතුන් සිය පැවැත්ම වෙනුවෙන් ඉහල සමාජයේ අනියම් භාර්යාවන් ලෙස සිය ජීවිත කරන්නට වීම නිසා වෙන ඔවුන් වෙත වූ ඉහල මූල්‍යමය වටිනාකම ස්වාමියා විසින් සිය ආශාවන් සන්තර්පනය කරවීම සඳහා ගෙවන බරපැණක් තරම අවප්‍රමාණ වූවා. අද වන විට දේවදාසීන්ගේ සේවය ලබාගන්නේ කුළීසේවකයන් සහ ලොරි රථ රියැදුරන් පමණක වන තරමට පහත්වෙලා. යුවතියකගේ ජීවිතයේ වටිනාම සන්ධිස්ථානය වූ විවාහය යන සංකල්පයම අහිමිවූ තටු සිඳුණු කිරිල්ලියන් වූ මේ ජීවිත වලට අද ගණිකාව යන ප්‍රතිරුව බද්ධවන තරමට ඔවුන්ගේ දෛවය ශෝක ජනක වී අවසන්.තම කැමැත්ත අකමැත්ත නොවිමසා දේවදාසීන් ලෙස පුජාවෙන යුවතියන් බොහෝ වෙත සිය පවුලේ සුඛවිහරණය පැතීම නිසායි.

 

අපි ඉස්කෝලේ ගියොත් මගේ පවුලේ අයට වෙන්න කුසගින්නේ ඉන්නයි. මෙසේ කියන දේවදාසිය වෙතින් සිය කුඩා සහෝදරියන් දෙදෙනාත් සහෝදරයාත් මහලු මිත්තණියත් ජීවත් කරවනවා. මුලු පවුලේම වගකීම අද වෙනකොට මගේ උරහිස් වල රැඳිලා, ඉතින් මම කෝහොමද මුදල් හොයනවා ඇරෙන්නේ ඒ වගකීම් වලින් බැහැර වෙන්නේ?? මගේ පවුල මගේ වගකීමයි, මා ඔවුන් ජීවත් කල යුතුයි..

ළදරු කල සිටම මේ ආකාරයෙන් දෙවියන් වෙත බැඳි සිය පවුල ජීවත් කරවන මේ යුවතියන් දේවදාසීන් වීම නිසා ඔවුන්ගෙන් ප්‍රයෝජන ගන්න සමාජයම ඔවුන්ට සලකන්නේ "පලුදු වූ" එසේත් නැතිනම් කවදා හෝසැමියෙකු හිමිකර ගත නොහැකි සහ අධ්‍යාපනයක් ලබා ගත නොහැකි චරිත ලෙසයි.

අද්‍යතන සමාජයේ දේවදාසීන්

  "මට වයස අවුරුදු හයයි මගේ දෙමාපියන් මාව පූජා කරන විට"
මෙසේ කියන්නේ රාණී බායි.., ඇය කර්ණාටක ප්‍රාන්තයේ සෞන්දතී හී ජීවත් වන දේවදාසියක්.
මම ඒකාලේ දන්නේ නෑ මොකද්ද මේ වෙන්නේ.., මාව රැගෙන ගොස් මේ කරන්නේ මොකද්දැයි කියා, මා තුල වූවේ අන්කිසිවක් නොව පුදුමයක් පමණයි. කලකට පසුව මා වැඩිවියට පත්වූ පසු මගේ පියා මාව ගොපල්ලෙකුට විකුණුවා[?] රුපියල් 500 කට.


මුම්බායි නගරය තුල 1934හී ගෙනෙන්නට යෙදුනු දේවදාසීන් සුරැකුම් පනතක් මඟින් දේවදාසී සේවය නීති විරෝධී වුවත් සෞන්දතී වැනි ආගමික කටයුතු රැසක් කෙරෙන නගරබද ප්‍රදේශ වල 23000කට අධික කාන්තාවන් ප්‍රමාණයක් තවමත් දේවදාසී භාවය නිසා සිය සිරුරු මුදලට විකුණනු ලබනවා. මේ හේතුව නිසා අද වනවිට සෞන්දතී යනු දේවදාසී සංස්කෘතියේ අපිකේන්ද්‍රය පත් වී හමාරයි.සෑම වසරකම යෙල්ලම්මාගේ දිනසටහන් හී ඉතා වැදගත් දිනයක් වෙන පූර්ණ චන්ද්‍රයා සැමරීමේ උත්සවය සැමරීමට දහස්ගණනක් වූ ජනතාව සෞන්දතී වෙත පැමිණීම කෙරෙනවා, මාසයක කාලයක් පුරාවට යෙල්ලම්මාගේ පුදසුන් වටා කරන්නට යෙදෙන යාග මීට ඇතුලත්. ඉතින් මෙහීදී දැරියන් දේවදාසීන් කෙරෙනා බව අමුතුවෙන් කිවයුතු නෑ. අවට නගර වල වේශ්‍යාගාර හිමිකරුවන් සිය සේවාස්ථාන වෙත දැරියන් කැඳවගෙන යාමට  එන්නේ මෙතැනටයි. දේව සේවයට කැපකරන දියනියන් දෙමාපියන්ට මුදලක් ගෙන රැගෙන යන්නට වීම නිසා එම දැරියන් දේවදාසීන් වනවාත් සමඟම ගිවිසුම් ගත වෛෂ්‍යාවක බවට පත්වන්නේද නිතැතින්මයි.

කැපකිරීමේ ක්‍රියාවලිය. 


 ස්නානය කර පච්ච වර්ණිත සාරියකින් සහ පාසළඹින් සැරසෙන මේ යුවතියන් වළලු සහ පාමුදු සරසාගන්නවා. සිය මුව සරස ගන්නා අතරම පොටවල් පහකින් සමන්විත මුතු මාලය ඔවුන් වෙත සම්ප්‍රදායක් එක්කරනවා. ඒ ගෙල වටා බැඳි මුතුපොට සංකේතවත් කරන්නේ ඈ දේවදාසීයක බවයි. ඉහත කී ලෙස සැරසුනු පසු ඔවුන් ව පැරණි දේවදාසියන් විසින් ගැනුම් කරුවෙනු වෙත ගෙන අතර එහිදී ගැනුම් කරුවා විසින් බඳින ලද රන් පැහැ ගැන් වූ ගෙල පළඳනාව පළඳනවා. ඒ ගැනුම්කරුවා මේ කිසිවක් නොදත් අංකුර දේවදාසියගේ කන්‍යාභාවයට මිල බවට පත් වෙනවා.




"මම හිතුවේ අපිව පුදන්නේ යෙල්ලම්මා වෙතට කියලයි, අපි දැනගෙන හිටියේ නෑ ගණිකා වෘත්තිය අපේ රස්සාව වෙන බව, දෙවියන්ගේ නමට අපව පූජා කලාට, ගැනුම්කරුවෙක්ට අපි කියන්නේ අසලදී බල්ලෙකුට හසුවූ මස් කටුවක්  අතර වෙන්සක් නෑ. ඒ තමා අපේ දෛවය, මොනවා කරන්නද, අපි දන්නේ මිනිස්සු එක්ක නිදිවදින්නයි දෙයියන්ට පූජා තියන්නයි විතරයි.
මෙසේ පවසන්නේ 72 හැවිරිදි ලිංගික කම්කරුවෙක් වූ අතීත දේවදාසියක්.


යෙල්ලම්මා දෙවඟණ තවමත් දේවදාසීන්ගෙන් පුද ලබනවා, පවතින සමාජයේ සියලු කටයුතු සියල්ල මුදලින් ඉටු කලත් ඊට අදාල දේව භක්තියේ ආවරණය යෙදූ කල සියලු ගැනුම් කරුවන් මේ අරණ කන්‍යාවන් වෙනුවෙන් යොදවන මුදල් පුද පඬුරු බවට පත්වෙන අතර ඔවුන්ට නීතියේ රැකවරණයද උරුමයි. එහෙත් මේ දේව නාමයන් පසුපසින් ඇදෙන අදිසි හස්ත වලට මුවාවී එළිලන්නේ නූතන සමාජයේ චිත්තවිපර්යාස වල පෙර දැක්ම බව අප තරයේ හිත තබා ගතයුතුයි.., ඒ චිත්තවිපර්යාස වලට ගොදුරු වන දැරියන්ද ඊටම සරිලන මත වල එල්බගෙන සිටීම නිසා ඔවුන්ගේ ජීවිත ජරාජීර්ණ වන්නේ ඔවුන්ටත් හොරෙන්.
කවුරුවත් මාව රැගෙන ආවේ නෑ, මම ආවේ මගේ කැමැත්තෙන්, මම දේවදාසියක් උනේ මට ගණිකාවක් වෙන්න ඒ මඟ ඉතා පහසු නිසා මම රූමත් නිසා ගණිකා වෘත්තිය මට හොඳින්ම ගැලපෙනවා, මගේ බලාපොරොත්තුව මුදල් හම්බකරන්න පහසු මඟක් හොයන්න. මේ දේවදාසිකම මට ඒකට ලොකු උදව්වක් වෙනවා.
ඒ 22 හැවිරිදි මානවිකාගේ හඬයි.

  • මැක්ස් ගිබ්සන්ගේ ලිපියක පර්වර්ථනයකි.
  • ඡායා රූප ලබාගත්තේ මේරි එලන් මාර්ක් ගේ මුම්බායේ ගණිකාවන් සහ දේවදාසීන් නමින් freshjive.com හී පල වූ සේයාරූ කලසකිනි.

23 කියවල මෙහෙම ලිව්ව ලු.:

Sarath Chandrasiri said...

මිත්යාදෘස්ටිකයෝ. ජය...!

අභීත said...

දේව දාසියෝ නෙවෙයි මචන්, ලංකාවේ ගණිකාවන්ගේ ඇතුල් පැත්ත යන්නෙත් මේ ලගින්ම...

Kushi said...

මිත්‍යා මත කෙසේ වුවත්, තමන්ගෙ දරුවන් මෙවට දෙන දෙමාපියො ගැන ........ හිතාගන්න බෑ......... හොඳ ලිපියක්....

hare :-) said...

සිද්ධාර්ථ පොතෙන් පටන් අරන් මම උම්රාවො ජාන් දක්වා ආවා. අතරමග දේව්දාස් හිටියා.

ඉන්දියාවෙ මේ වෘත්තිය බොහොම ඉහලින් සැලකුන එකක් කියල පේනවා. ජපානෙ වගේම. ඒක ඒ දවස්වල තිබුණ බොහොම නිදහස් තත්ත්වයක්. දැන් නම් කතාව වෙනස් වෙලානේ...

Kanishka | කණියා said...

ඡායාරූප දාන අවස්ථාවේ පොඩ්ඩක් එඩිට් කරලා දැම්මා නම් මොකද?? උබ හරියට කරලා තියෙන්නේ මෙන්න මේ වගේ දෙයක්.. රෙදි ඔක්කොම ගලවලා පාරෙ යනගමන් පිටේ බෝඩ් එකක් එල්ලගන්නවා මෙන්න මෙහෙම.. "18ට අඩු අය මම දිහා බලන්න එපා " උබලා ගැන දුකයි. මොකෙක් හරි එකෙක් කුනුහරුපයක් දැම්ම පලියට ඒක එහෙම්පිටින්ම පරිවර්තනය කරලා දාන්න තරම් උබලාගේ සිංහල බ්ලොග්කරණය බංකොලොත්ද??

අභීත said...

ආදරණීය කණියා මල්ලී, උඹත් එක්ක වාද කරන එක ඉතා නිශ්ඵල දෙයක් බව මම දන්නවා... ඔයාගේ අන්තිම ලිපිය ලියලා තියෙන්නේ පෙබරවාරි 18. ඉතින් මාස හතරක් තිස්සේ ලිපියක් නොලියා ඔයා බ්ලොග් අවකාශෙට කරන සේවය බලපුහාම ලිශා කරන්නේ අපරාධයක් තමයි.. ලිපියක් කියවලා එහි තියෙන හරය අවභෝධ කර නොගත්තම මේ වගේ මැන්ටල් අදහස් එන එක නවත්තන්න බෑ කියලා මට තේරෙනවා... ඒ නිසා ඔබ වගේ වියත් දැනුමැති කෙනෙක් මේවා නොකියවනවනම් හොදයි කියලා මට හිතෙන්නේ.. මුන් මේ නොතේරෙන කමට ලියන ඒවනේ මල්ලි.. ඔයා ගනන් ගන්න එපා...

පිටස්තරයා said...

කෙල හලාගෙන පින්තූර බලලා අතත් පාවිච්චි කරල ඉවර වෙලා අන්තිමට බණ ටෝක් දෙන පොන්නයො නිසා උඹේ පෝස්ට් එකේ මෙහෙම කමෙන්ට් එකක් දාන්න වුන එක ගැන සමාවෙයන් මචං.

උඹ මේ කරපු වැඩේට හරිහමං කමෙන්ට් එකකින් සලකන්න පුලුවන් කිහිපයයි බ්ලොග් අතරෙ ඉන්නෙ. සල්ලි දීල බඩු ගහන්න ගටක් නැති හිතින් අමු බඩුකාරයො වුන කණිෂ්ක වගේ දෙකේ පන්තියෙ හිකනලුන්ට ඒක කරන්න බැහැ.

නචියා said...

මෙහෙමත් දෙමාපියො, එක අතකට වෙන කරන්න දේකුත් නෑනෙ.

ඔය සම්බන්ද ලංකාවෙ ඉතිහාසෙ කොහොම වෙන්න ඇත්ද ?? ඒ ගැන හොයා ගෙන ලියන්න උත්සහයක් ගන්න පුළුවන් නම් හොඳයි ලිෂා.

අවංක පැට්ටා said...

ඇත්ත වශයෙන්ම හොඳ ලිපියක් ලිශා, අම්ම්පා ඇත්තට මේ සුචරිතවාදියෝ බලන්නේ පොටෝ ටික විතරමද? ලියලා තියෙනෙ දේ තේරුම් ගන්නේ නැද්ද? අනේ නෙදකිං මුං වගේ හරක් ටිකක්.

Thusitha (දිමා) said...

අභීත, පිටස්තරයා, ++++++

Thusitha (දිමා) said...

අභීත, පිටස්තරයා, ++++++

Anonymous said...

කනිෂ්ක හරි. ලිෂාන් කුණුහරුප වලට කොටු දාන්න ඉගෙනගනිං.

කනිෂ්ක උඹේ අම්මට කියලා උඹටත් කොටුවක් දම්මගනිං!

Lishan Puwakowita said...

සරත් චන්ද්‍රසිරි මහතා : ඔව් කාම මිත්‍යාචාරයේ ගැලෙන

අභීත : අනිවාර්යයෙන් ම අයියා.., ඊට අමතරව ජපානයේ ගීශාවොත් මේ අසලින් යනවා..!

කුෂී : අන්ධ භක්තිය මේ නිල් වියන යට ඇති මිහිමඩල තුල ගැහෙන ජීවය විනාශ කරන වෛරසයක් වගේ කුෂී..,

හරේ : මිනිස්සු ශිෂ්ඨ වෙනවා කියන්නේ සමහර වෙලාවට තියෙන හොඳ ගතිගුණ වලට තියෙන ඉඩ අහුරගෙන හැල්මේ දිවිල්ලක් බවට ජීවිතය හැරවීමක් හරේ අයියා.., අපිත් අකමැත්තෙන් උනත් ඊට අනුගත වෙන්න වෙලා.., මනුස්සයා වැරදි කරන්න කෑදරයි, ඊට තමන් අදහන ආගම තුලින්ම වැරදිකරන්න ඉඩ හදලා දුන්නාම..? තත්ත්වය ඊටත් වඩා සෝචනීයයි.

කණියා : මචන් මම ඒ රූප ඒ විදියටම තිබ්බේ ඒව මිනිස්සු දකින්න ඕනේ නිසා, ඇත්ත ඒක නම් ඒට වර්තමාන භාරත සමාජය තුල දේවදාසීන්ට පූජනීය බවක් ආරූඪ කරන්නත්පුලුවන් නම්, තෙවන බසින් දේවදාසීන් ගැන ලියැවුනු ලිපියක් මට ඒ රූප එක්කම පරිවර්ථනය කරන්න බැරි ඇයි? මේක බලන්නේ බබ්බු නොවෙයි කණියා.., මේක උඹේ බ්ලොග් එක නොවේ මේක මගේ බ්ලොග් එක, මට ඕන දේ මම මේකේ ලියනවා, උඹට බලන්න බැරිනම් උඹ බලන එක නවත්තපන්..,

උඹ කියලා තියෙනවා "උබලා ගැන දුකයි. මොකෙක් හරි එකෙක් කුනුහරුපයක් දැම්ම පලියට ඒක එහෙම්පිටින්ම පරිවර්තනය කරලා දාන්න තරම් උබලාගේ සිංහල බ්ලොග්කරණය බංකොලොත්ද??"
ඔව් බන් උඹට සාපේක්ෂව මම මේ සයිබරේ ඇතුලේ, මගේ බ්ලොග්කරණය බංකොලොත් වෙන්න ඇති. ඇත්ත ජීවිතේ උඹට හිතාගන්නත් බැරිතරම් මම ඉස්සරහින්.., මේ කොමෙන්ට් එක දාලා මාව වෙනස් කරන්න හදනව නම් සොරි, උඹට කවදාවත් ඒක කරන්න බෑ.

ප.ලි: මම එඩිට් කරන්න දන්නේ නැතුව නොවේ, උඹේ ඔය කකුල් දෙක මැද්දෙන් එල්ලෙන එක උඹේ මූනේ හැඩරුවට බින්දුවක් වෙනස් වෙන්නේ නැතුව හදන එක මට සුලු දෙයක්.

නචියා : ඔය සම්බන්දව මම ලියන්න ඕනේ නෑ, මහාචාර්ය නන්දසේන රත්නපාල මහත්මයා "ලංකාවේ ගණිකාවෝ" කියලා මේ වෘත්තීය ගැන පරිපූර්ණ වාර්ථාවක් ලියලා තියෙනවා, හොයාගෙන කියවපන්.

පිටස්තරයා/ අභියා/ පැට්ටා/ දිමා : එතරම් හිතන්න එපා මචන්ලා, කණියට උගේ ආතල් එක ගන්න දීපන්..,

ඇනෝ : එකඟයි.

hare :-) said...

යකෝ උඹ බෝල්ඩ් කරන්නත් දන්නවනේ... සුපිරි ඈ... :-D

Hasitha said...

මම දන්න විදිහට මේක ඉන්දියාවට විතරක් නෙමෙයි ග්‍රීක සභ්‍යත්වය වගේම ලංකාවට පොදු තත්වයක්.

ග්‍රීසිය තුළත් දේවස්ථාන ආශ්‍රිතව මෙවැනි ක්‍රමයක් තිබිලා තියෙනවා. ඒ වගේමයි ශ්‍රී ලංකාවේ කතරගම දේවාලය වගේම රත්නපුර සුමන සමන් දේවාලයේ දේවදාසීන් ඉදලා තියෙනවා. විශේෂයෙන් උඩු කය නිරුවත්ව සිදු කරන දිග්ගෙයි නැටුම කියන චාරිත්‍රය සමන් දේවාලයේ ඉටු කරලා තියෙන්නේ දේවදාසීන්.

ඉන්දියාවේ දේවදාසීන්ට වඩා සාපේක්ෂව ඉහළ මට්ටමක ග්‍රීසිය සහ ලංකාවේ දේවදාසීන් හිටියා කියලා හිතෙන්නේ ඒ රටවල්වල දේවදාසීන්ගේ පහස ලබාගන්න පුලුවන් වුණේ සමාජයේ ඉහළ පැළැන්තියට පමණක් වීම නිසා.

ඒක නිසාම දේවදාසියට සමාජයේ ඉහළ පිළිගැනීම හම්බුවෙලා තිබුණා

JHOTHISHALANKA said...

පින්තූර නැතිව මේ ලිපිය වැඩකුත් නෑ..

මානවක said...

මමත් කාලෙකට කලින් යේල් අම්මා චාරිත්‍රය ගැන ලියවිච්ච ලිපි කීපයක්ම පරිශීලනය කරා.ඒවායේ අන්තර්ගතය ගොඩක් මේ කතාවට සමාන උනත් අර මිලදී ගැනීම කියන කරුණ(ගැනුම කරුවෙක් විසින් කන්‍යාව ට මිලක් නියම කිරීම කියන සාදකය)මට දකින්න ලැබුනේ නෑ.මොකද කියනවන යෙල් අම්මා කෙනෙක් උනා කියන්නේ අනිවාර්යෙන්ම අදාළ පුජ්‍ය ස්ථානයේ ප්‍රධාන පුජකයාගේ දේපලක් බවට පත් වෙන නිසා.

වජිරදේවි said...

ඉන්දියාව කියන්නේ...පුදුමාකාර රටක්.. ජීවත් වෙන මිනිස්සුන්ගේ ඉඳන්..ආගම් ඇදහිලි විශ්වාස හැමදේම වෙනස්. කෝච්චියක ගියත් පුදුමාකාර අත්දැකීම් විඳින්න ලැබෙන්නේ..එක්තරා යුගයක ගෑණුන්ට දෙවි පදවිය දීලා සලකපු සමාජය අද මේ තරම් වෙනස් වෙන්නේ කොහොමද කියලා පුදුමයි. අදට වුණත් ඉන්දියාවේ ගම් පළාත් වල පපුව වහගෙන ඉන්නේ නැති ගෑණු ඕනේ තරම්. හරියට ඉන්දු නිම්න ශිෂ්ටාචරය දිගේ මාතෘ දෙවඟන ඇවිදගෙන එනවා වගෙයි.
ගණිකාව මාර්කට් කරන්න දේවදාසි කියන පදය යොදාගෙන වගේ තමයි මේ ලිපිය කියෙවුවාම තේරෙන්නේ. හරියට දැන් ජපානේ හරි ගේෂා කෙනෙක් නෑ වගේ තමයි. ඉතාම වටින ලිපියක්...
ඔය පින්තූර ටික ගැන නම් වජිරදේවිගේ කිසිම වාදයක් නෑ. දෙන්න ඕනේ තැනට දෙන්න ඕනේ රිදෙන්න...

AmilaArt said...

එළ ලිපියක් මචන්,

Water film 1th katha karanne me gana neda

Lishan Puwakowita said...

@හසිත : ශ්‍රී ලංකාවේ කතරගම දේවාලය වගේම රත්නපුර සුමන සමන් දේවාලයේ දේවදාසීන් ඉදලා තියෙනවා. විශේෂයෙන් උඩු කය නිරුවත්ව සිදු කරන දිග්ගෙයි නැටුම කියන චාරිත්‍රය සමන් දේවාලයේ ඉටු කරලා තියෙන්නේ දේවදාසීන්.

මම මේ ගැන තොරතුරු දැනගෙන හිටියේ නෑ, ඔහෝම ස්තූතියි මේක ගැන කිව්වට හසිත..! මම හිතන්නේ ඉඩ කොමෙන්ට් එකෙකින් නචියා අහපු ප්‍රෂ්ණේට සාධාරණ උත්තරයක් හසිතගේ කොමෙන්ට් එක තිලින් ලැබෙන්න ඇති.

@ජ්‍යෝතිෂය ලංකා : එකඟයි!

@මානවක : සමහරවිට මෙහෙම වෙන්න පුලුවන්, ඒ කියන මිල දී ගැනීම ආදාල දේවස්ථානයට ආධාරයක් ලෙස පිළිගෙන ඒ ආධාරයට ප්‍රති තුටුපඬුරක් විදියට මේ හුවමාරුව උනාද දන්නේ නෑ.

@වජිරදේවි : මේ ගැන හරියට ම හොයා බලන්න ඉන්දියානුවෙක් හිතින් හරි වෙලා බලන්න ඕනේ, කොහොමත් මේ වගේ ඓතිහාසික කාරණා හොයලා බලන්න ඒ පැතිවල කරක් ගහන එක වැදගත්.
ස්තූතියි!

@අමිලඅර්ට් : ස්තූතියි මිත්‍රයා.

Hasitha said...

ආහ් තව දෙයක් දේවදාසියන් සම්බන්ධ කතාවක් නොවුණත් මඩුවන්වෙල ප්‍රදේශයේ මල්වර වුණු තරුණියන් මඩුවන්වෙල දිසාවේ වෙනුවෙන් දිග්ගෙයි නැටුම් කළා කියලා කතාවකුත් තියෙනවා

PM said...

පරණ ලිපියක් උනත් මටත් දෙයක් කියන්න ඕන කියලා හිතුනා. දේවදාසියන් ලංකාවෙත් ඉන්නා බව මා පුවත්පතක කියවා තිබෙනවා. කොහොම උනත් ඉන්දියාව කියන්නේ අමුතු මිනිස්සු ඉන්න ළඟින් තියෙන රටක් හංදා පුදුම වෙන්න දෙයක් නෑ ඒකේ.

දේවදාසින් බවට පත්වෙන එක ඒ රටේ ගැහැණු දරුවන්ට ලැබෙන තවත් එක ඉරණමක් විතරයි.ඒක අතකට ඒක ජීවත් වීම නිසා ගෙවන්න වෙන වන්දියක්. දැරිවියන් මරලා දාන්නේ අම්මලා ඒ දැරිවියන් අතදරැවන් යැයි නොසිතා හාමත් කරවලා රසැති ආහාර (බොහොවිට මව්කිරි) සමඟ වස දීලා. ගොඩාක් ගැහැණු දැරිවියෝ නාන්න ගඟට ගියාම ආපහු එන්නේ නෑ කවදාවත්. මේ ගන අම්රිත්‍යා සෙන් සුප්‍රකට ලිපියක් ලිව්වා'සියක් මිලියනයක් අතුරැදහන් වු දැරිවියෝ' කියලා. දැරිවියන් අතුරැදහන් වෙන්නේ ඉන්දියාවේ විතරක් නොවේ දැන් චීනයෙත් පුංචි කෙල්ලන් අතුරුදහන් වෙනවා. ගබ්සා වෙලා උපදින්න කලින් මැරිලා යනවා. එහෙම බලද්දි නොනැසුනු අයට මෙහෙම වෙනවා ඇති. සත්තු එක්කත් විවාහ වෙන රටක් ඉන්දියාව කියන්නේ. ආශ්චර්යා රායි කසාද බදින්න කලින් ගහක් බැන්දාළු නේ. ඒක ජොතිෂ්‍ය විතරයි කියල කිව්වට එකේ තියෙනවා මේ කතාවේ ගොඩ නැගෙන සංස්කෘතියේ එක්තරා පැත්තක්.

ලංකාවේ සංස්කෘතිය මේ දේවල් ආවෘත කරන්නේ තාමත් මේ දේවල් මිනිස්සුන්ට බර වැඩියි කියල ඒ සංස්කෘතිය දරන සමහර අය විහින්ම හිතන හංදා වෙන්නැති.
නමුත් දැරිවියන් මේ ගැන දැනුවත් වෙන්න ඕනා කියා මා හිතනවා. දැරිවියන් පමණක් නොවේ මේ දේවදාසියන් අතරේ පිරිමි අයත් ගැහැණු අය මෙන් ඇදගන්නා බව මා කියවා තිබෙනවා. ඒ අයත් ලංකාවේ ඉන්නවා. මා දැක තිබෙනවා ගැහැණු අය සේ ඇදගත් පිරිමි අය. පළවෙනියටම දැකපු දවසේ මං හිතුවේ ඒ මනුස්සයාට පිස්සු කියලා. එත් තාත්තා කිව්වා ඒ අය වෙනම සමාජයක් කියලා... පස්සේ ඉගෙන ගනිද්දි මේ අය ගැනත් ඉගෙන ගන්න ලැබුණා. එත් නොදන්නා අය මේ සමාජයේ දේවල් නොදැන ඒ අයට මුහුණ දෙන්නේ කොහොමද.. මේ දේවදාසින්ගේ ගහණය එන්න එන්න වැඩිවෙවි ව්‍යාප්ත වෙනවා ඈත ගම්වලට පවා. ඉතිං මේ අවට සමාජය ගැන කතා නොකර කොහොමද?

ඒ අනුව බලද්දියි මේ වගේ ලිපි ලියවෙන්න ඕනා කියලා කියන්නේ. සමහර අය ලිපිය ප්‍රතික්සේප කිරීමෙන් සංස්කෘතික මූලයන් පෙන්වනවා. කතා කිරීමෙන් විවිධාකාර වු සමාජානුයොජනයන් පෙන්වනවා. මේ වගේ කතිකාවත් ඇති වෙන එක හොදයි කියලා මං හිතන්නේ දැනුවත් වෙන එක හොද නිසා. මෙහෙම දේවල් වෙනවා ඒක ඇත්ත. ඒ ඇයි? ඒක ගැන අපි හිතන්න ඕන.. ඒ අය අස්වාභාවිකද? මං කවදාවත් ඒ ගැන හිතලා නෑ. එ අය අපි ගැන කොහොම හිතනවාදැයි දන්නෙත් නෑ. ඒ නිසායි අපි කතා කළ යුත්තේ...

සමාජ විද්‍යාත්මක වශයෙන් වැදගත් කාලීන වු හොද ලිපියක්.දැනුවත් කලාට ස්තූතියි...

era said...

samawenna meka godak parana post aka unata man devadain gena thorathuru hoyaddi may lipiya mata kiyawanna lebune indiyawe neme mulu lokema devadasin idala thiyenawa a kiyanne servants of god ,indiyawe dewa dasi dewala wala sevaya karapu narthanaya gayane yeduna aya a ayata chiristhu purwa gana wala idalama vishala yahapath piligenimak thibba namuth indiyawe muslim akramanath samaga devasain dewala walin rajasabha walata giya ,athanin thama may pirihima patan gathe devadasin wenna puluwan issara aka kulayaka ayata witharai lankawath eweni kanthawak innawa a kulayakata ayath namuth aya itha gaurwa purwak thenethiyak,