කලාකරුවා වනාහි මනුෂ්‍යයෙකි.., සිය දේශපාලන අයිතිය වෙනුවෙන් සටන් වදින දේශපාලනික සත්වයෙකි. හෙතෙම සිය භාව ප්රකාශනය කරන්නේ වදනට වඩා සහසකුත් වදනකට වඩා බලවත් වන කලා නිර්මාණයකිනි. වර්තමානයේ කලාකරුවාගේ හිස් අත්පා විවිධාකාරයේ රෙජිමයන්ට යටත් ව දඬු කඳේ ගසා තැබුවත්, වර්තමානයේ ආත්ම ප්රකාශනයන්ට ගරු කරන්නන්ගේ දේශයක් වන ජර්මනියේ වොර්සෝ නැමැති යුදෙව් ජනාවාසය තුල එක්තරා කලාකරුවෙක් හිට්ලර්ගේ දණ ගසාගෙන සිටින ඉරියව්වෙන් සිටින මූර්තියක් තැන්පත් කිරීම තුලින් සිය ප්රකාශනය ඉදිරිපත් කර ඇත.
![]() |
| කලාගාරය තුලදී නිමවී වොර්සෝ ජනාවාසය තුලදී දණ ගැසීමට හිට්ලර් සූදානම් ව |
වර්තමාන ජාතික කලාකෙත තුල මේ ආකාරයෙන් නිර්භයව සිය අදහස් ඉදිරිපත් කරන්නට හැකි අය කෙතරම් සිටිනවාදැයි දැනගැනීමට ඒ පිළිබඳව වන විශේෂිත මිණුමක් හෝ සංගණනයක් ඇත්තේ නැත. මාධ්‍ය නිදහස වෙනුවෙන් සිය පන්හිඳ මෙහෙය වූවෝ සිය ජීවිතය අවසාන කලේ කොහෙන්දැයි ළදරුවාගේ පටන් මහල්ලා දක්වාම අවබෝදයක් ඇත. ඊට විරුද්ධවන්නට තබා එදිරිව වදනක් හෝ දොඩන්නට කිසිවෙකු එඩි බල නොවෙති. ජනතාවගේ කරුමය ද, ජනදෙටුවාගේ උරුමයද වන ආකාරයට එහි ක්‍රමවේදය ස්වයංක්‍රීයව තැනී ඇත. එසේත් නැතිනම් අප විසින්ම අපත් නොදැනීම උන්ට සාදා දී ඇත..,වොර්සෝ හී පිහිටුවා තිබෙන්නා වූ මේ කලාකෘතිය සමාජ විද්‍යාත්මකව, කාලාව අතින් මෙන්ම දේශපාලන ප්රකාශනයක් ලෙසද අපගේ නිර්මාණ(?) වලට ගවු ගණනාවක් ඉදිරියෙන් සිටින්නේ එහෙයිනි.
![]() |
| කලානිර්මාණය නැරඹීම සඳහා ඇත්තේ ඉතා කුඩා ඉඩකි. |
සමහර නූතන මතවාදී යුදෙවු කණ්ඩායම් සහ නාසි හිතවාදීන් මෙම කලාකෘතිය පිහිටුවීම පිළිබඳව සිය විරෝධය "ඊනියා කලාකරුවෙකුගේ හැඟීම් දැනීම් නොමැති ප්රකාශනයක්" ලෙසින් නම් කලද, වොර්සෝ සංහාරයේ ප්‍රතිපල මානසිකව හෝ අදටත් විඳින විකල්ප යුදෙව් ජනයා මේ පිළිබඳව සිය අදහස් දක්වන්නේ නාසි පාලනයේ සංකල්පිත සුජාත පුතුන් පමණක් බෝ කිරීම අරමුණු කර නසා දැමූ ජීවිත වලින් සමාව ගැනීම සඳහා එක කලාකරුවෙකු හෝ මූලිකත්වය ගෙන මෙවැනි සංකල්පයක් "නිෂ්පාදනය" කිරීම කාලානුරූපීව කෙතරම් නොගැලපෙන්නක් වුව, යටපත් වූ සමාජීය අවශ්‍යතාවක් ඉටු කිරීමක් බවයි.
දෙවන ලෝක මහා යුද්ධයේදී තුන් ලක්ෂයකට අධික යුදෙව් සරණාගතයින් පිරිසක් මේ උමතු සංකල්පය බලගැන්වීමට අනියමින් හෝ සම්බන්ධවෙමින් සිය ජීවිතය යකඩ බට වලට භාර කලහ.. ඊට අමතර ලේඛන ගත නොවුනු එහෙත් නාසි වෛද්‍ය පර්යේෂන වලට බලෙන් යොදාගත් පිරිස මීට වඩා දෙතුන් ගුණයකැයි ගණන් බලා ඇත. අද වන විට අප යම්ලෙසකින් හෝ බටහිර වෛද්‍ය ක්‍රමවලින් සුවය ලබනවා නම් අනියමින් හෝ හිට්ලර්ගේ ඒ සාහසික සොයාගැනීම් වලට කොටසකින් හෝ පින්සිදුවන්නටය.., මේ චෛතසික පීඩනය හිත දරා ඉතාලියානු කලාකරුවෙකු වෙන මොරීසෝ කැතේලාන් විසින් පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී "HIM" නොහොත් "ඔහු" නමින් නම් කල මේ පිළිරුව පිහිටුවීමෙන් පසුව දහස් ගණනක් දෙනා මේ පිලිරුව නරඹන්නට පැමිණ ඇත.
දෙවන ලෝක මහා යුද්ධයේදී තුන් ලක්ෂයකට අධික යුදෙව් සරණාගතයින් පිරිසක් මේ උමතු සංකල්පය බලගැන්වීමට අනියමින් හෝ සම්බන්ධවෙමින් සිය ජීවිතය යකඩ බට වලට භාර කලහ.. ඊට අමතර ලේඛන ගත නොවුනු එහෙත් නාසි වෛද්‍ය පර්යේෂන වලට බලෙන් යොදාගත් පිරිස මීට වඩා දෙතුන් ගුණයකැයි ගණන් බලා ඇත. අද වන විට අප යම්ලෙසකින් හෝ බටහිර වෛද්‍ය ක්‍රමවලින් සුවය ලබනවා නම් අනියමින් හෝ හිට්ලර්ගේ ඒ සාහසික සොයාගැනීම් වලට කොටසකින් හෝ පින්සිදුවන්නටය.., මේ චෛතසික පීඩනය හිත දරා ඉතාලියානු කලාකරුවෙකු වෙන මොරීසෝ කැතේලාන් විසින් පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී "HIM" නොහොත් "ඔහු" නමින් නම් කල මේ පිළිරුව පිහිටුවීමෙන් පසුව දහස් ගණනක් දෙනා මේ පිලිරුව නරඹන්නට පැමිණ ඇත.
![]() |
| බොහෝ නරඹන්නෝ සිය කැමරා ඒ ඉඩ තුලින් රුවා හෝ මේ අපූරු නිර්මාණය සිය කාචයට හසුකරගැනීමට උත්සහ දරයි |
කලානිර්මාණය නැරඹීම සඳහා ඇත්තේ ඉතා කුඩා ඉඩක් වුවත් බොහෝ නරඹන්නෝ සිය කැමරා ඒ ඉඩ තුලින් රුවා හෝ මේ අපූරු නිර්මාණය සිය කාචයට හසුකරගැනීමට උත්සහ දරන්නේ ඒ කුරීරු ආඥාදායකයා ගැන වූ වෛරයෙන්ද නොඑසේනම් අනියමින් හෝ මේ සංහාර නිසා ලෝකයට වූ සේවයට ගෞරව කරන්නට දැයි දන්නේ ඔවුන් ම පමණි.
සේයාරූ: AP පුවත් සේවය ඇසුරිනි.





8 කියවල මෙහෙම ලිව්ව ලු.:
අපේ රටේ කලා කාරයෝ සල්ලි වලට කලාව ඔලුවෙන් හිටෝලනේ බන්
මේ වගේ කොන්ද පන තියෙන කලාකාරයෝ කීයෙන් කීදෙනෙක්ද ලංකාවේ දැන් ඉන්නේ?
වෙනස් විදිහක සිතුවිල්ලක්.දිය හැකි හොඳම දඩුවම
මිනි වලටද අපහාස කිරීමයි.මේ නිර්මාණයෙන් ඒක හොඳටම
වෙනවා..ඉස්සි ඉස්සි හොරෙන් බලද්දී ඒ පාපතර පුද්ගලයා
ගැන වෛරයක් ඇති වෙනවා...
විශිෂ්ඨයි ...
වෝර්සෝ ගැන කියවද්දි දැනෙන හැඟීමත් එක්ක මේ පිලිරුව ලොකු කතාවක් කියනවා..
ස්තුතියි විස්තර බෙදාගත්තට..
>>නූතන මතවාදී යුදෙවු කණ්ඩායම් සහ නාසි හිතවාදීන් මෙම කලාකෘතිය පිහිටුවීම පිළිබඳව සිය විරෝධය "ඊනියා කලාකරුවෙකුගේ හැඟීම් දැනීම් නොමැති ප්රකාශනයක්" ලෙසින් නම් කලද,...<<
නාට්සි සපෝර්ටර්ස්ලා ගැන නම් පුදුම වෙන්න දෙයක් නෑ. නමුත් එහෙම යුදෙව්වොත් ඉන්නව කිව්වාම පුදුමයි! ඔය කට්ට නොකාපු අයනෙ.
නරක් නෑ ඒ අදහසත් :)
ගොඩක් දේවල් ඉක්මණින් අමතක කරලා දානා ලෝකයක, මේ කාලපරිච්ඡේදය මතක් වෙන්න හරි මෙහෙම එකක් කෙරුන එක හොඳයි...
ඈන් ෆ්රැන්ක් හිටිනං අද මොනවා කියාවිද මේ ගැන.....
ප්‍රිය ඇඩ්මින් වෙත,
ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/
මිට හිතාදර
ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)
hitlar ge asarana kama ....
Post a Comment