කාමරයේ කමිසය අඳිමින් සිටි මාව ලසියාගේ අඬ ගැසීමෙන් ඒ දෙසට යාමට මෙහෙය වීය. කොරිඩෝව දිගේ යනවිට එළියේ තව කවුරුන් හෝ සිටින බව ලසියාගේ හා රචියාගේ හඬ මැද්දට තවත් කීප දෙනෙක් ගේ හඬ මුසුවීමෙන් මට ඒ වන විටත් තේරී තිබිණි..!
අවසාන බොත්තමත් උඩම කාසයට දමාගත් මම එළියට පැමිණියෙමි..! මගේ අතින් අල්ලාගත් ලසියා ගෙදර ප්‍රධාන දොර ඉදිරියේ වූ හාන්සි පුටුවේ වූ පුද්ගලයාට මාව අඳුන්වා දෙන්නට විය..,
සනී මාමා මේ රචින්ත මතකයි නේ.., මේ මගේ වම් පැත්තෙන් ඉන්නේ ලීෂාන් මූ තමා මම කිව්වේ රත්නපුරේ ඉන්නවා කියලා..!
සනී මාමා මාදෙස බලා සිනහාසුනා මට යාන්තමට මතකය..! සමහර විට නැගීගෙන එන හාත්පස වූ අඳුර නිසා මට ඔහුගේ අව්‍යාජ සිනහව නොපෙනුනා දැයි මම නොදනිමි. ඒහෙත් ඒ සිනහවේ එකදෙයක් විය ඒ නොකැලැල් මිතුරුවත් බවයි. පැයකට පමණ පසුව පළමු විස්කි බෝතලයේ බාගයක් අවසාන වෙන්නය ඔන්න මෙන්න තිබියදී
" ලසියා මොකද කරන්නේ..?"
යැයි සනී මාමා ඇසුවත් සැවොම බැලූ නිසා මමද බැලුවත් එහි වෙනසක් නොවූ බැවින්.., මම බයිට් අහුරක් දමා ගන්නට අතපෙවීමි..,
ලිෂාන් උඹ දන්නවාද?
මොකද්ද..?
සනී මාමාට ඇස් පේන්නේ නෑ කියලා..?
මොකක්..?
මා වික්ෂිප්ත වීමි. ඒ වන විටත් සනී මාමා සිටියේ තුෂාර අයියා ගයන ගීයකට තාලය අල්ලමිනි..!
සනී මාමා පුදුම මනුස්සයෙකි.., අපේ වචනයෙන් කියනවානම් පොරකි. ඒ චණ්ඩි පාට්, තග නො එසේනම් කට්ටකම් නිසා නොවේ..! ලසියා කීවාසේ ඇස්නොපෙනෙන මානසිකත්වයෙන් බැලූකල අපට මැජික් වන දේවල් සනී මාමාට සාමාන්‍ය සිද්ධි වන නිසාය.
උපතින් ම ඇස්නොපෙනෙන රෝගයකින් පීඩා විඳි ඔහු තරුණකල බෝතල් අඩි බෙහෙත් කණ්නාඩි දෙකක් දොස්තරවරු නිර්දේෂ කල ද ඒ නොපිළිපැදීම නිසා මෙසේ වී ඇතිබව මම අසා දැනගත්තේ අපේ මලියා ගේ පියා වන ලක්ෂ්මන් අංකල් ගෙනි..!
පුතා ඔය මනුස්සයා මාරම මනුස්සයෙක්.., එතකොට අපේ මලී පොඩි කාලේ මේ ගෙදර හදන්න පටන් අරන් තිබුණේ.., මම මලීව අරගෙන මොන්ටිසෝරි එක්කගෙන යන්න පාරට බහිනකොට සනී අයියා එනවා ඉස්සරහට..,
”අහ් මම හිතුවේ නංගී දුවව එක්කගෙන ඉස්කෝලේ ගිහිල්ල ඇති කියලා., මොකද.., ගෙදර වැඩකරන බාසුන්නැහේලට තේවතුර ටිකක් වත් අරගෙන දෙන්න උවමනා නිසා.., බැරිවෙලාවත් නංගී එන්න පරක්කු උනොත් එහෙම..!"
සුනී ඇන්ටී අප හා කියන්නී අපිරිමිත වූ භක්තියෙකිනි..! දෙනෙත් නොපෙනෙන තබා දෙනෙත් හොඳින් පෙනෙන් අයෙකු වත් මේ වැනි ව දුරදිග බලා සිතන්නේද යන්න මට අදටත් ගැටලුවකි.
සිය මිතුරන් අතරේ සනී මාමා සිටින්නේ සියල්ල පෙනෙන දෙඇසක් පෙනෙන්නෙකු ලෙසයි.., එතරම්ම ම ඔහුගේ විඥ්ඥාණය තියුණුය.
මට අදටත් හිතාගන්න බැහැ පුතා සනී අයියා කොහොමද අඳුණගන්නේ කියලා අපි කැස්සත් ඇති.., සනී අයියා.., ලක්ෂ්මන් මොකෝ..? කියලා අහන්න..,
වැඩිය ඕනේ නැහැ පුතා ඊයේ අපි සෙට් උනා දවසේ.., ලන්ෂ්මන් අංකල් මේ කියන්නේ අපේ පෙරදා සෙට්වීම ගැනය..,
මම සිගරට් එක පත්තු කරගන්න සනී අයියාගේ අතේ තිබ්බ සිගරට් එක ගත්තා.., එතකොට ම
ලක්ෂ්මන් මල්ලී මේ උඹද..?
මට ඒකනම් මාර ම මාර විදියට වැදුනා පුතා.., අපේ එකම එක පොඩිම පොඩි දැනීමකින් විතරක් සනී අයියා කොහොමද අපිව අඳුණ ගත්තේ කියන එක මට අදටත් ප්‍රෂ්ණයක්..!
සනී මාමා දකින විට මගේ හිතට එන්නේ ඉඳ්රජාලිකයෙකු දුටුවා වැනි අමුතුම හැඟීමකි. ඒ අපි බලාසිටින කරන විට අප පුදුමයට පත්වන්නේ සනීමාමාට ඒවා සාමාන්‍ය වන නිසාය.
මේ මනුස්සයා ඒ තරමට ම මනුස්සකමින් අඩුවක් නැති අපූරු මනුස්සයෙකි..! මේ බ්ලොගේ ඔහු වෙනුවෙන් මේ සටහන ලියැවෙන්නේ මලීගේ පියා හරහා අඳුනාගත් ඒ මනුස්සකම ට මල්මිටක් ලෙස ය.
රූප සම්මාදම: රචින්ත ජයවර්ධන
7 කියවල මෙහෙම ලිව්ව ලු.:
කායියෝ, මට මිස් උනා නෙව මෙයාව..
ශිඃ..!
:(
කෝක නමුත් ඇස් නොපෙනෙන අයට අපිට වඩා බාහිර ලොව සමඟ සංවේදීව ක්‍රියා කිරීමේ හැකියාව ඉහලින්ම තියෙන බව මම දන්නවා.
මොකද මගේ අම්මත් අවසාන කාලේ අවුරුදු 3,4ක් විතර ඇස් පේන්නෙ නැතිව ජීවත් වුණ කෙනෙක් නිසා.
ඇස් නොපෙනෙන අයට ඔය හැකියාව තියෙනවා...මොකද නොපෙනෙන ඇස වෙනුවට අනෙක් සංවේදී ඉන්ද්රිය බොහොම තියුණු විදිහට වැඩකරනවා......
මම මෙයාව දැක්කේ නෑ නේ. ( කොහෙද ඉතිං මම මලී ලගේ ගෙදර ගිය ගමන් ඒ ගෙදරට කවුරුත් ආවා ගියායැ)
මේ වගේ අත්දැකීමක් මටත් තියෙනවා. අපි පොඩි කාලේ අපිව තනියම දාලා යන්න බැරි නම් අපේ අම්මයි අප්පච්චියි අපිව තියලා ගියෙ ඇස් නොපෙනෙන අප්පුහාමි බාප්පා එක්ක. ඒ කාලේ අපි ඒකට හරි කැමතියි. අපිව වටේට තියාගෙන එයා මහා රෑ වෙනකම් කතන්දර කියලා දුන්නා. ඒ විතරක් නෙමෙයි(මෙයා රස්සාව විදියට කලේ එක එක්කෙනාගේ වතු වල පොල් කඩන එක) මම දන්න කියන කාලෙ ඉඳන්ම අපේ වත්තේ පොල් කැඩුවෙ ඒ මනුස්සයා. අපිට තිබුනේ ලොකු වත්තක්. එයා
කියන ගහක් ළඟට එක්ක යන එක විතරයි අපිට තිබුනේ. ඕක අපි එයාව රවටන්න එක එක වෙනස් ගස් වලට එක්කන් යනවා ඒ කාලේ. ඒත් එයා කවදාවත් රැවටුනේ නෑ. හරියටම අර අහවල් තැන තියන ගහ කියලා අපේ වත්තේ ඕනෙම පොල්ගහක් එයා දැනන් උන්නා.
ඒ විතරක්ද අවුරුදු ගාණකට සැරයක් ගෙදර එන මම මගෙ කටහඬ ඇහුන ගමන් ආ මේ අපේ චූටි මැණිකේ නේ කියලා අඳුනගන්නත් එයාට පුළුවන් උනා.
මම හැමදාම යද්දි එයාට සරමක් අරන් යන්න පුරුදු වෙලා හිටියා. ඒත් මේ පාර සරම මගේ අතින්ම එයාට දෙන්න උනේ නම් නෑ. දැන් එයාට ඇවිදින්න හෙමත් බැරිව ඉන්න කතාවක් තමයි අහන්න ලැබුනේ.
ඔයාගේ කතාව හරහා මට මතක් උනේ එයාව ලිශාන්
ඒ විතරක් නෙමෙයි මම ගමේ ආවා කියලා දැනගත්ත ගමන් එයා කොහෙන් හරි තැඹිලි ගෙඩි කීපයක් කඩාගෙන අපේ ගෙදර ආවා මේ චූටි මැණිකේ බලන්න ආවා කියාගෙන. ඒ තරම් එයා අපිව මතකේ තියාගෙන හිටියා.
මටත් මුන ගැහිල තියෙනවා ඔය වගේ ඇස් දෙක නොපෙනෙන මනුස්සයෙක්ව. එයාට විශ්ව විද්‍යාල උපාධියක් හිටන් තියෙනවා. හරිම ලස්සනට බටනලා ගහනවා. එයාගෙත් සික්ස්ත් සෙන්ස් එක උපරිමයි. මම ඇහුව කොහොමද එහෙම වෙන්නෙ කියලා. එයා කියනවා හැමෝටම ඒ සෙන්ස් එක තියෙනවා හැබැයි ඒක හංග ගන්නවා මොකද අපි අපේ ඇස් දෙක නිසා . . . උත්සාහ ගත්තොත් ඒක අවදි කරගන්න එක අමාරු නැහැ කියල. . . .
සනී මාමාට තියෙන්නේ උපතින්ම ආපු ඇස් නොපෙනීමක් නෙමෙයි... මට නම් කොටින්ම් සනී මාමාව දැක්කාම අනුකම්පාවක් නෙමෙයි එන්නේ මම ගැන ලැජ්ජාවක්.. මම නම් සංවේදනයට වඩා උඹ මෙතන පෙන්නලා දීපු නොවෙනස් බව කියන කන්සෙප්ට් එකට කැමතියි... ගංගා කියන හැටියට සනී මාමත් බොන ඒ වගේම බීලා වැඩ්වුනාම කඩපිලේ ඇලවෙන අමාරු පාරක් ගැන කිව්වාම උඹ කොහොමද සනී අයියේ එහෙම කියන්නේ උඹට ඇස් පේනවාද කිව්වාම අත්පුඩි ගහ ගහ ඇස්පොඩි කර කර හිනාවෙන .. ඒකයි අපි උඹට කරන නලදත් විහිළුවෙයි මට වෙනසක් නෑ මොකද ඒ දෙකේම අනෙකාව පාච්චල් කිරීමක් සිද්ද නොවන නිසා... අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි ඇස් නොපෙනුනත් සනී මාමා මිනිහෙක් මිනිසුන්ගේ තියෙන දුර්වලතාත් ප්රබලතාත් තියෙන මිනිහෙක් ඒක නිසා සනී මාමව අගය කරන්නවත් අනුකම්පා කරන්නවත් අවශ්‍ය නෑ.. අපිට ඒක ටිකක් මැජික් වගේ හින්දා අපිට ඒක අවුල්.. මම නම් පුළුවන් තරම් ඒක සාමාන්‍ය ලෙස විඳින්න උත්සාහ කරනවා.. මරු සටහන..
ඩිෆරන්ට්ලි ඒබල්ඩ්... අපිට වඩා සෑහෙන හැකියාවන් තියෙනවා...
Post a Comment