Saturday, July 18, 2009

“අදහස්” - කියවන්නේ නැතුව කීයටවත් අතහරින්න එපා...!!!

idea book
මට ළඟදී මල්ලි කෙනෙකුගෙන් පොතක් ලැබුණා.. ඔහු මනෝවිද්‍යාව ගැන කුඩා කල සිට ම ඇල්මක් තිබුණු කෙනෙක්. පොතෙ නම "අදහස්". එය " Idea Book " හි පරිවර්තනයක්. පොතේ මුල් කතුවරයා "ෆ්‍රෙඩ්‍රික් හරේන්"[Fredrik Haren]..පොත සිංහලයට පරිවර්තනය කර තිබෙන්නේ, එම්.එච්.එම්. යාකූත් සහ ලීලා වික්‍රමරත්න විසින්. ඒවාගේම මෙය “interesting.org” ආයතනයේ ලාභය බලාපොරොත්තු නොවන ඉදිරිපත් කිරීමක්. පොත පෙරලද්දී අනෙක් සාමාන්‍ය පොතක් වාගේම වෙනසක් නොදැනුනත්.., පෙරවදනේ සිට දිගටම කියවාගෙන යද්දී.., මට දැනුනේ කියා ගත නොහැකි තරමේ ඓශ්චර්යක්.., මක් නිසාද කියනවා නම් මේ පොත ගැන මම මෙතෙක් කල් දරපු මත සියල්ලම පළමු පිටුව කියවනා විටම වාගේ බිඳවැටුණු නිසා.

හරිම පුදුමාකාර විදියට හැම දේ ගනම වෙනස් විදියට හිතන්න උගන්වන පොතක්.. කංචුකය වගේම මෙහි ඇතුලාන්තය ද හරිම සිත් ගන්නා සුළුයි. විවිධාකාර අදහස් 150ක් ගැන මේ පොතේ අඩංගු වෙනවා. ඒ වගේම ඒ හැම අදහසක් ගැනම අපේ අදහස් ලියන්නට මෙහි තවත් පිටු 150ක් අඩංගු වෙනවා.  වඩාත් සිත් ගන්නා සුළු දෙය තමා.., මේ පිටු 150., ඔබගේ සටහන්.., නිරීක්ෂණ හා කුරුටුගෑම් සහිත අදහස් වලින් පිරුණු අංග සම්පූර්ණ "අදහස්" පුස්තකයක් වීම.

හොඳ අදහස් ලියාතැබිය යුතු..

"හොඳ අදහස් විහින්ම පහළ නොවන්නේය" යන පදනම මත මේ පොත සකස් වෙලා තියෙනවා. එහි සඳහන් ආකාරයට අදහස් අප විසින්ම උපද්දවා එළි දැක්විය යුතුයි. අණුප්‍රාණවත් කිරීම හා පෙළෙඹවීම [inspiration and motivation] යන කාරණා දෙක.., අදහස් එලියට මතුකර ගැනීමේ ප්‍රධානතම ක්‍රමෝපායන් වනවා. මගේ අතට පත් වෙලා තියෙන මේ පොතේ පරමාර්ථයත් එයමයි.
ඉකමනින් කියවා ධාරණය කරගත හැකි, නිර්මාණකරණය හා ඊට අදාලව, ඇල්බට් අයින්ස්ටයින් [Albert Einstein] ඉන්ග්වාර් කෙම්ප්‍රඩ් [Ingvar Kemprad] [IKEA සමාගමේ නිර්මාතෘ] වනි සභාවනීය විද්වතුන් හා ව්‍යාපාර අධිපතීන්ගේ ප්‍රකාශ වලින් ලබාගත් උපුටා ගැනීම් රාශියක් සහිත මාතෘකා ගණනාවක් ඇතුලත් ඡේද 60 කට අධික සංඛ්‍යාවක් මෙම පොතෙහි අන්තර්ගත වෙනවා.
මට මේ පොත ලබා දුන් ඒ මල්ලී මේ පොත මිලදී ගෙන තිබෙන්නේ නුගේගොඩ සරසවි පොත් හලෙනුයි. මිල රුපියල් 385.00 පමණ වෙනවා. මට හිතෙන විදියට මිලට වඩා දසදහස් ගුණයක් වටින පොතක් ඔබත් අරගෙන කියවන්න.

පසු සටහන්..,

"අදහස්" පොතේ නිල
වෙබ් අඩවියට පිවිසෙන්න.
"අදහස්" පොතේ ඉංග්‍රීසි පරිවර්තනයේ සාමපලයක්
භාගත කරගන්න.
.::Bohemian::.

10 කියවල මෙහෙම ලිව්ව ලු.:

chamila_dealwis said...

ඔත්තුවට ස්තූතියි. ඊළඟ පාර පොත් ප්‍රදර්ශනයේදී ගන්න ඕනේ.

Anju said...

හොඳ පොතක් වගෙයි.මමත් ගන්න ඕන.(ගන්න ඕන පොත් list එක එන්න එන්නම දික් වෙනවා.සැප්තැම්බරුත් ලඟයිනේ... ):)

Supun Sudaraka said...

හත්වලාමේ! මම අද නුගේගොඩ සරසවියට ගියා විතරයි. දැක්කේ නෑ නොවැ :( කොහොමත් අ‍තේ සල්ලි තිබ්බේ නම් නෑ. අනිවා ගන්න ඕනේ පොතක්. ඔන්න දැන්ම බුක්මාක් කරගත්තා :) ඔත්තුවට ස්තූතියි... :)

දුකා said...

බොහෝම ස්තූත්යි මේ ගැන දැන්වූවාට . . . පුලුවන් ඉක්මනින් ගන්න ඕන මේ පොතත් . . .

දිසා said...

ගොඩ දවසකින් හොද පොතක් කියවන්න බැරිඋණා ලිෂාන්

පන්ති ගිය වෙලාවක මෙ පොත අරගන එන්න ඔනි අනිවා
පොත ගැන කිවුවාට ස්තුතියි මචන්

දසුන් මධුසංඛ වානගුරු said...

මගෙ ලගත් තියනවා...
මම හිතන්නේ ඒ පොත හැමවෙලේම් ලග තබාගතයුතු පොතක් කියලා...
ඒකේ අපේ අදහස් ලියන්නත් ඉඩ තියලා තියනවා...
අපේ අදහස් ලියුවහම ඒක අංගසම්පුර්න පොතක් වෙයි....

-බිன்ku- said...

මම නමින් නම් අහලා දැකලා තිබ්බා මෙහේ පුස්තකාලේදී. ඒත් මට ඒක ගන්න දැනට හිතුණේ නෑ. මේ දවස්වල කොම්-පීටර් එක්ක ප්‍රේම සම්බන්ධතාවයෙන් වෙන් වෙලා ගිහිං දා ගන්න ඉන්න වෛශ්‍යාවෝ ගොන්නට දා ගන්න ඕනේ‍.

සිංහළ පරිවර්තනය ලොකුයිද ඇත්තටම? බල්න්න ඕනේ සිංහළ අනුවාදනයක් ගන්න්, සිංහලෙන් කියවද්දී ගති නෙව.

said...

ගන්න පොත් ලැයිස්තුවක්ම තියෙනවා, මිල තමා සැර

malee_msg said...

ස්තූතියි කිව්වට.. සැප්තැම්බර් වලම ගන්න තමා හිතන් ඉන්නේ.

Sudarshana Sampath said...

බොහොම ස්තුතියි සින්හල පරිවර්තනයෙ නම සදහන් කලාට, මම සෑහෙන්න කලෙක ඉන්දන් සින්හල පරිවර්තනය හොය හොයා හිටියෙ, පොත් විකුනන අයගෙන් ඉල්ලුවත් එයාල දන්නෙ නෑහෑ.