Tuesday, June 23, 2009

පැන්සල.., ඔබට, මට, ජීවිතයට, දෙන පාඩම්…!

පැන්සල දෙන නිදසුන්   එය ඔබට, මට, ජීවිතයට, දෙන පාඩම්

පළමු උපදේශය.[01]
පැන්සල හැමවිටම තමාව හසුරවන ඇඟිලි වලට අනුකූලව හැසිරෙන්නට සූදානමින් ඉන්නවා.

 

ජීවිතයට දෙන පාඩම.
ඔබට මොනතරම් දේ කලහැකි උනත්, හැමවිටම ඔබව මෙහෙයවීමට සුදුසු කෙනෙකුට බලවේගයකට ඉඩදෙන එක....අපගේ ආගමික විශ්වාසයන් ට අපෙ ජීවිත හැඩගස්වන්නට ඉඩදෙන්න ට පුරුදුවන්න.

දෙවන උපදේශය[02]
අප ලියන අතරතුර පැනසල වරින්වර උල් කරගන්නවා. ඊට පසුව එය වඩාත් තියුණුව වඩාත් උද්යෝගිමත් ව ලියැවෙනවා...

 

ජීවිතයට දෙන පාඩම.
කරදර.., කම්කටොළු..,බාධක.. මේ හැමදෙයකින්ම කොපමණ පීඩාවක් ලැබුනත් ඒ හැම පීඩාවකින් පසුවම වඩාත් උද්යෝගිමත්ව සාර්ථකව, නැඟීසිටින්න ඉගෙන ගන්න

තෙවන උපදේශය[03]
පැන්සල එය අතින් වූ අඩුපාඩු, වැරදි, මකාදමන්නට ඉඩ දෙනවා..

 

ජීවිතයට දෙන පාඩම.
තමා අතින් වෙන වැරදි පිළිගන්නට නිහතමානී වන්න..,එය කිසිසේත් ම පරාජයක් ලෙස හිතන්නට එපා.,නිවැරදි කිරීම.., එයට ඉඩතැබීම සැමවිටම අපව සාර්ථකභාවයේ යුක්තියේ මාර්ගයේ යාමට උදව් වනවා..

සිව්වන උපදේශය[04]
පැන්සලයේ වටිනාම කොටස පිටතින් පෙනෙන අලංකාර ලී පතුරු කොටස නොවෙයි..,එහි අභ්‍යන්තරයේ ඇති අඳුරු මිණිරන් කොටසයි.

 

ජීවිතයට දෙන පාඩම.
ජීවිතයේ බාහිර වැඩි අලංකාරයට නොරැවටී.., එහි අභ්‍යන්තරයේ ඇති හරය සොයායන්න..

පස්වන උපදේශය[05]
පැන්සල හැමවිටම තමා කතා කරන දේ පිළිබඳ සටහනක් ඉතිරි කරනවා

 

ජීවිතයට දෙන පාඩම.
අප කරන හැම දේකින් ම අවසානයේ ඉතිරි වන්නේ හොඳ හෝ නරක පමණයි..,ඒ බව සිහි තබාගෙන කටයුතු කිරීමෙන්, කරන, කියන හැම කටයුත්තකදී ම වඩා අවධාරණයෙන්.., සාර්ථකව වැඩ කටයුතු කරගෙන යාමට අපට හැකියාව ලැබෙනවා...

මම,
Bohemian

7 කියවල මෙහෙම ලිව්ව ලු.:

gayandinusha said...

ඒක නම් සහතික ඇත්ත...........

Narada said...

නියමයි, අපි බොහො දෙනෙක් ලඟ නැත්තේ මේවානේ, ඒවා හදා ගන්න කල අපි දියුණු වෙවි!

Narada said...

ඔබේ තීම් එකේ රූපය අනර්ඝයි, සිත්කළුයි!

Anonymous said...

වැදගත් උපදේශයන් ටිකක්! පැන්සල ‍‍කොහොමත් සොබාදහමෙම නිර්මාණයක්! ඉතින් එයින් දෙන පණිවිඩය අහක දාන්න බැහැ

said...

එළ කතාව

GNS said...

නියමයි... :)

Lochana Mihirani Mahawatta said...

Hey brother, you gave a good lesson to the life.
Thanx for that.
Wish you all the best.
And I copied this for face book notes and told it's from you. Hope it's OK. If it is not pls inform me.
Thanks a lot.....