අප මේ වන හිංසනයන් සහ කරදර සියල්ල එක කුලකයක් ලෙස ගතහොත් ඉහත පැවසී කාරණා සියල්ලේදීම අසාධාරණයට පත් වන එක පොදු සාධකයක් පවතියි. ඒ එම පවුල් වල ජීවත් වන, ජීවිතය ජීවත් කරවන මව, නැගෙණිය, බිරිඳ, පෙම්වතිය ආදී විවිධ නාමයන් ගෙන් අප හඳුන් වන කාන්තාව නැමැති සාධකයයි.
කල්පනා කරන්න..,
වර්තමානයේදී ඔබ ඔබේ නැගෙණියව, බිරිඳව කුමක් හෝ අවශ්‍යතාවන් නිසාවෙන් එළියට [පිටත ලෝකයට] යවත්දී මොනතරම් කල්පනා කරනවාද..?
මේ අවස්ථාව වන විට සැමියන්ගේ වැරදි නිසා කොතරම් නම් කාන්තා චරිත දික්කසාදය නැමැති අපුල වචනය ක්‍රියාත්මක කිරීමට සිය සිත් හරවාගෙන සිටිනවාද..?
පොදු ප්‍රවාහන සේවයක ගමන් ගනිද්දී විවිධාකාර පුද්ගලයින් අතින් හිංසනයට ලක්වන කාන්තා චරිත උදෙසා සාධාරණය ඉටුකරන්නට කොතරම් හෝ සමාජ, සංවිධාන තිබුණද සත්‍ය වශයෙන්ම එම සංවිධාන වලින් ඒ ජීවිත වලට ඔවුන් බලාපොරොත්තු වන සාධාරණය මේ වන විටත් ඉටුවී තිබෙනවාද??
මේ ලිපිය ලියනා මොහොත වන විටත් සිය සේවා ස්ථානය තුල හෝ ගෘහස්තව හෝ හිංසනයට ලක්වන කාන්තා චරිත කොතරම් ඇතිද..??
ඉතින් සත්‍ය වශයෙන්ම පිළිතුරු ලැබී නොමැති මේ ගැටලුවට, සුලුවෙන් හෝ විසඳුමක් දෙන්නට ඔබ තවමත් පමා නැහැ. සියලු දෙනාම එකතුවී එක හඩින් මේ හිංසනයන්ට පිළිතුරු දෙන්නට හැකියාව තිබේනම් කාන්තාව නම් වූ ඒ මවුවත් චරිතයට සාධාරණය ඉටුවෙන කාලය දුර ඈත නෑ.., ඒ අප අසලමයි..,
මේ පිළිබඳ ව වර්තමානයේ තොරතුරු තාක්ෂණයේ පහස ලබන අය ලෙසින් අපට කල හැකි දේ බොහොමයි..,
තාර්කිකව සිතා බලා, නිර්මාණශීලීව මේ පිළිබඳව සමාජයට උපදේශයක් ලබාදෙන්නට මේ වෙසක් පොසොන් මාස තරම් ගැලපෙන වෙනත් කාලයක් ශ්‍රී ලංකාවේ අපට වෙන නොමැති බවයි මගේ නම් හැඟීම. අප නිදර්ශනයක් ලෙස අනාදිමත් කාලයක සිට අප කරන්නා වූ ආමිස පූජා වල තවත් එක පූජාවක් වූ තොරණ නැමති සංකල්පය මේ සඳහා යොදාගැනීමට ඉතා යෝග්‍ය බවයි මගේ මතය.., සාම්ප්‍රදායිකව අප ජාතකකතාවක් ගෙන හැරපාමින් සමාජයට දෙන පණිවුඩය මෙවර නව මානයකින් බලා ජාතකකතාව යොදානොගෙන මම මේ ඉහත පවසන්නට යෙදුනු කාන්තා හිංසනය නම් වන මේ සමාජීය පිළිලය සමාජය තුලින් තුරන් කිරීම උදෙසා තොරණ නම් වන මේ මහඟු කාර්යය අපට ඉතා සාධනීය ලෙස යොදාගන්නට කිසිදු තහනමක් බුදුදහමේ වත් නැහැ.

ඉතින් මේ ආකාරයෙන් අපට අප සමාජයට ලබාදියයුතු පණිවුඩය සමාජය තුල උස්ව නඟා සිටුවන්නට තරුණ අපට මේ වෙසක් මාසය තුල ආත්මීය වශයෙන් ඉදිරිය බලා ගමන් කිරීමට ඉතා ප්රගතිශීලී පියවරක් වෙනවාට කිසිදු සැකයක් නැහැ..!
එන්න එකතු වන්න..,
මේ වෙසක් සමය තවත් අරුත්බර පිංවන්ත එකක් කරන්නට..!!
ඔබ සැමට පින්බර වෙසඟක් වේවා..!!!
----------------------------------------------------------------------------------------------------------------------
ප.ලි► කාන්තා හිංසනය පිටුදැකීම මාතෘකාව කරගෙන මේ වන විටත් නවම් මාවත අසල පිහිටි බුද්ධ රශ්මි වෙසක් කලාපය තුල මේ වන විටත් තොරණක් ඉදිකරමින් පවතිනවා.., සුභ කර්තව්‍යයක් තවත් සාර්ථක කරගැනීම උදෙසා ඔබේ සහයෝගය face book පිටුවේ වාචිකව හෝ පැමිණීම සටහන් කර සහයෝගය දක්වන්නට කියා ඉල්ලා සිටිනවා..,
මේ පිළිබඳව සඳුන් ලක්මාල් විසින් facebook ඇල්බම අංක එක සහ දෙක තුල කර ඇති විවෘත ඉල්ලීමට පිළිතුරක් ලෙස සටහන් කරන්නට මේ පුංචි සටහන අවස්ථාවක් අරගන්නවා..,
ඔවුන්ගේ මේ උත්සහය අගය කරන්න..,
මක් නිසාද යත් ඔවුන් මේ නිහඬ සටන කරන්නේ ඔබේම මව, නැගෙනිය, බිරිඳ නියෝජනය කරන්නා වූ කුලකයේ අනාගතයේ සුරක්ෂිත බව සුලුවෙන් හෝ ආරක්ෂා කරන්නට නිසයි...!
---------------------------------------------------------------------------------------------------------------------- අමතර කියැවීම් සඳහා :
දුකා : http://goo.gl/n1LuF
අජිත් පැරකුම් ජයසිංහ W3 Lanka : http://goo.gl/q6mDY ----------------------------------------------------------------------------------------------------------------------
නවම් මාවතේ වෙසක් කලාපයේ ඉදිවන කාන්තා හිංසනය පිටුදකිමු තේමාව යටතේ ගොඩනැගෙන තොරණේ රූ වාර්ථා►
3 කියවල මෙහෙම ලිව්ව ලු.:
අගෙය් පෝස්ට් එක....
හැමදාම ජාතක කතා අනුසාරයෙන් තොරණ් ඉදිවෙනවනෙ.ඒ නිසා මේක වෙනස් ආකාරයෙ අද්දෑකීමක් වෙයි.
කතන්දරගෙන් දැන ගත්තෙ .....
සෑහෙන්න වැදගත් වැඩක් කරලා තියෙන්නෙ .....
Post a Comment