Monday, December 21, 2009

සිංහල බ්ලොග්කරුවන් ගේ සුහද හමුව.

දහනම (19) වෙනිදා උදේ නැගිටිනකොටම තිබ්බේ හිත ඇතුලේ මොකක්දෝ නොසන්සුන් ගතියක්. මොහොතකට එව්ව ඔක්කොම අමතක කරලා දාලා මගේ මූණත්තහඩුව හෝදාන කරගෙන යන්න ලැහැස්ති උනේ ටික කාලයකට ඉස්සර ත්‍රෙඩ් අස්සේ විකුම්පාපු අවස්ථාවකට සහභාගිවෙන්නයි. ඒ සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමයේ පලමු සුහද හමුවට සහභාගි වෙන්නයි.
කලින් දවසේ රාත්තිරියේ
අක්කණ්ඩියි මුචාටයි කතා කරලා ටවුන්හෝල් එකේ ගමේ කඩේ ඉස්සරහට එන්න කිව්වා. කවදාවත් නොදැකපු මුචාවයි, පෙර දවසක එකපාරට අපේ ගෙදරට ගොඩ වැදිල surprise  දුන්නු අක්කණ්ඩිවයි වෙලාවට  (අපි කතාකරගෙන හිටියේ ගමේ කඩේ ගාවින් එකතු වෙලා හමුව පැවැත්වුණු ස්ථානයට යන්න ) හම්බවෙන්න පුලුවන්ද කියන ගැටලුව මගේ හිතේ නොතිබුණා ම නෙවෙයි. මොකද එයට ප්‍රධානතම හේතුව මට නැගිටින්න පරක්කුවීම. කොහොම හරි ලැහැස්තිවෙලා පාරේ ආපු 122 රත්නපුර බස් එකක එල්ලිලා 10.40 වෙනකොට මම ගමේ කඩේ ඉස්සරහට යනකොටත් අක්කණ්ඩි එතැනට ඇවිත්. ඒවනවිටත් මුචා මට ඇමතුම් කිහිපයක් දීල ඔහු මඟ එන බව කියල තිබුන නිසා වාසනාවකට වගේ කල්මැරීමක් කරන්නට වූයේ නෑ. හමුව පැවැත්වුනේ එක්සෙල් ලෝකයේ නිසා මඟ හොයාගැනීම අපහසු වූයේ නෑ. 
රැස්වීම තබන්නට නියම වෙලා තිබුනු සම්මන්ත්‍රණ ශාලාවට යනවිටත් එහි ගොඩක් අය ඒ වන විටත් ඇවිත් හිටියා. සයිබර් ලොවේ චැට්, ට්වීට්, ඊමේල් මඟින් සංවාද පැවතුවත් සත්‍යලොවේ මේ අය කවුදැයි බලාකියාගන්න ට හැමදෙනාගේම හිත් වල පුංචි හෝ නොසන්සුන් කමක් තිබුණායැයි කිව්වොත් මම නිවැරදි යැයි හිතෙනවා. මක්නිසාද එය මගේ හිතේ පවා පැවතුනු දෙයක්. 11ට පටන් ගන්න ට තිබුණු රැස්වීම 11.30ට පටන් ගන්න වූයේ ඒ වන විටත් තවත් සහෝදර බ්ලොග් කරුවන් පැමිණෙමින් සිටි නිසාවෙන්. අප පරිශ්‍රයට එනවිටත්
කාලිංග අයියා, බුද්ධික අයියා, මලින්ත, සුදාරක, තිලිණ, ප්‍රභාශ්, මේ ආදී තවත් බොහෝ අය ඒ වනවිටත් පැමිණ අවසන්. 11 සිට එක වෙනකම් තිබූ මේ සුහද සංවාදය ආරම්භ වූයේ සිංහල බ්ලොග් කරුවන් ගේ සංගමය වෙනුවෙන කාලිංග අයියාගේ පිළිගැනීමෙන්. ඔහු අගේ ඇති කතාවක්  බ්ලොග් කරුවන්ගේ ආරම්භය, සිංහල බ්ලොග් වලින් වන සේවය, අප සිංහල බ්ලොග් ලිවිය යුත්තේ කුමක් සඳහාද, මේ ආදී විවිධ කරුණු කාරණා ගැන විමසමින් කරගෙන ගියා. මේ අතර ඉතාමත් සුවිශේෂ අවස්ථාවක් වූයී බ්ලොග් කරුවන් තමක් කවුද තමන් ලියන්නෙ කුමන බ්ලොග් අඩවි වලද කියා කියමින් ස්වයං විවරණයක් කිරීමයි.  දසුන් සමීර විසින් කරපු යුනිකේත කුප්පියත් හරිම අගේ ඇති දේවල් ඉගෙන ගන්නට උදව්වක් උනා.
තවද.., විටින් විට මේ දේ අතරින් පතර අපේ සහෝදර බ්ලොග් කරුවන් ද තම අදහස් පළකලා. ඒ අතරින්
චානුක වත්තේගම හා බන්දුල රණතුංග යන මහත්වරුන් ගේ අදහස් කැපීපෙනුනා. ඔයින් මෙයින් මේ ඔක්කොම ඉවරවෙලා අපි පහලට බහිනකොට දහවල් එක පසුවී විනාඩි 30ක් පමණ ගෙවී ගොස් තිබුනා. අප සියලු දෙනා ට ම ආහාර ගන්නට හිටගෙන් මඳ වෙලාවක් බලා ඉන්නට සිදුවුනේ අවන්හල ඒ වනවිටත් දහවල් ආහාරය ගන්න පැමිණ සිටියවුන් ගෙන් පිරීඉතිරී ගොස්තිබූ නිසයි. දහවල් ආහාරයෙන් පසු කතා කරන්න බැරිවූ සියලු දෙනා සමඟ ම කුඩා කතා බහක යෙදෙන්නට හෝ උත්සහ ගත්තා. කිසිම පෙර සූදානමක් නැතුව ගත් සමූහ ඡායාරූපයෙන් පසුව කට්ටිය එකිනෙකාට සුභපතා විසිර යන විට සවස 4.30 පමණ වුනා. මේ ආකාරයෙන් අවසන් වූ සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමයේ ප්‍රථම සුහද හමුව මට ඉතාමත් වටිනා අවස්ථාවක් වුණා, සයිබර් අවකාශයෙන් පමණක් දැනාඳුනා ගත් අයව හැබැහින් දකින්න ට.

සුහද හමුවේ මා විසින් ගත් රූ කළස භාගත ( Download ) කරගන්නට අවශ්‍ය නම් මේ සබැඳිය හරහා එය ලබාගන්න.

11 කියවල මෙහෙම ලිව්ව ලු.:

වැප් on December 21, 2009 2:50 AM said...

දුක තමයි ඒන්න බැරි උනා, ඊලඟ ඒකට අනිව ඒනවා

Prabhash on December 21, 2009 2:53 AM said...

මේ දවස අපි කාටවත්ම අමතක නොවන දවසක් නේද?

දුකා on December 21, 2009 4:36 AM said...

හරිම දුකයි බං එන්න බැරි වුනු එක ගැන . . . බලමුකෝ ඉතිං ඊලඟ පාර එකට වත් . . .

Priyankara Perera on December 21, 2009 7:31 AM said...

කස්ටියම දෑන හෑදීනගන්නත් ලෑබුනනේ !

මිගාර on December 21, 2009 10:21 AM said...

දැනං හිටියා නම් අනිවාර්යයෙන් එනවා!

~බිன்ku~ on December 21, 2009 8:16 PM said...

ඇත්තටම දුකයි මෙවර එන්න බැරි වුණාට.


හදවතින්ම පතනවා ලබන පාර එන්න ලැබෙවි කියලා.

malee_msg on December 22, 2009 6:31 AM said...

මට වෙච්ච දේ ගැන නම් මට අම්බානෙකට දුකයි.. ඒ වුනාට ඊලග වතාවක් ගැන හිතලා හිත හදා ගන්නවා.

.::පිස්සා::. on December 23, 2009 1:46 PM said...

හෙ හේ, ඊලඟ පාර අපි හොද පිස්සුවක් කෙළිමු..

කணிshක Hennayake on December 26, 2009 6:04 PM said...

අ‍‍‍‍‍ැත්තටම ගොඩක් සන්තෝසයි…කවමදාවකවත් හෑබහින් නොදකපු පිරිසක් හෑබහින් දැක සුහදව හමුවීම පිළිබදව… :D

ෆා ද බ්ලොගී on December 27, 2009 7:53 PM said...

සහභාගි වෙන්න බැරි උන එකටනම් මාත් දැන් හරියට දුක් වෙනවා.
ඒක නෙමෙයි සහෝදරයා. මම අද තමයි ඔයාගේ ඔක්කොම බ්ලොග් අඩවි ටික බැලුවේ. ඇත්තටම මෙච්චර කාලයකට මම දැකපු ලස්සනම බ්ලොග් අඩවිය ඔබෙයි. ඔබ ඇතුළු ඔබේ අනිත් සාමාජිකයන් එකතු වෙලා හරිම ලස්සනට බ්ලොග් අඩවීන් ටික පවත්වාගෙන යනවා. කියවන්නත් දේවල් ගොඩක් තියෙනවා.ඔන්න මම ඒ හැම අඩවියක්ම ලුහුබඳින්න ගත්තා. වෙලා ඇති වෙලාවක ඔක්කොම එක හුස්මට කියවගෙන යන්න ඕන.

LishWish on December 27, 2009 10:08 PM said...

@ වැප්, ප්‍රභාත්, දුකා, ප්‍රියංකර පෙරේරා, මිගාර, බිංකු, මලී, පිස්සා, කණිෂ්ක :
අනිවාර්යයෙන් ම අපි ඊළඟ වටයේදී හමුවෙමු. අපිට කතා කරන්නට, හුවමාරු කරගන්න ට අදහස් හුඟක් තියේවි. ස්තූතියි ඔබ සියලුදෙනාගේ කොමෙන්ටුවල ට.

@ෆා ද බ්ලොගී :
හරිම සංතෝෂයක් ඔබ මගේ බ්ලොගේ ට පැමිණීම. මම කාලයක් තිස්සේ ඔබෙන් අලුතින් ලිපියක් කියවන්නට බලාපොරොත්තුවෙන් සිටියත් ඔබේ බ්ලොග් ලොවේ දෙවෙනි උප්පත්තිය සිද්දවූයේ මේ මෑතකදී නෙව. ඉතින් ඔබ දැන හිටියාද දන්නේ නෑ. මම ඔබේ බ්ලොගේ මුල්කාලයේ සිට ම රසිකයෙක්. ඉතින් මගේ ලේඛන ලොවේ අධිනිශ්චය වූ චරිත වලින් එකක් මගේ බ්ලොගයට කොමෙන්ටුවක් දැමීම සංතෝසයක් නොවෙයිද? ස්තූතියි ඔබේ කොමෙන්ටුවට. එය මා දහස්වර ධෛර්යය මත් කරවන සුලුයි.

 

Tales of the Bohemian සයිබර් කවුලුවෙන් තුන්කල් දකින්න ට..