Wednesday, March 24, 2010

සිදුවීම් හා විස්තර කිරීම්


යමක් කියනා විදිය හා එය පෙනෙනා විදිය අතර වෙනසක් තියේදැයි මම නොදනිමි. එනමුත් කියනා විදියට අනුරූප ව පෙනෙනා විදිහ වෙනස් වන්න ට හැකි බව මා දනිමි. එසේම පෙනෙනා දේ හා කියනා දේ අතරද කිසිම ලෙසකින් සම්බන්දයක් නැති අවස්ථාද මම දැක ඇත්තෙමි. විටෙක මේ ලියන මා තුලද මේ ලක්ෂණ විටින් විට මතුවී ඇතිවා මතක ඇත.., ඒ මිනිස් ස්වභාවය මිස අනෙකක් නොවේ.

එහෙත් සමාව දීම දේවගතියකියි කියා මේ ඉහත කී විදි දෙක අතර පවතින පරස්පර හෝ සමාන බව සාධාරණීකරණය කිරීම,  අදාල සිදුවීමට මුහුණ දෙන අනෙක් පාර්ෂවය තුල ගැටලු සහගත බවක් ඇති කිරීමට ඕනෑ තරම් ඉඩ ඇත..,  තරහව, විරහව, ආදරය, වෛරය, කාමුකත්වය, ලිංගිකත්වය, පරපීඩිකත්වය මේ ආදී වදන් ගණනාවකින් ඉහතකී තත්ත්වය ට නිර්වදන් ලබා දෙන්නට හැකියාව ඇත. පවු නොකර හිඳීම තුළින් පිං කෙරෙන බවක් නොහැඟවෙයි. එමෙන්ම කිසි දේකට සම්බන්ද නොවී සිටීම සිද්දියක් ඇති වීම ට ඇති ඉඩකට මඟ හරවනවා යැයි සිතීම ද නොහැඟවෙයි. ඒ මක්නිසාද යත් තත්‍ය ලොව තුල ජනිතවන ඕනෑම අවස්ථාවක් යනු නව සිදුවීමක ට උල්පන්දමක් [අනුග්‍රහයක්] සපයන නිසාය.
සිද්ධියක් ඇති වීමට අවස්තාවක් අවශ්‍යය ය. අවස්තාව නිර්මාණය වීම තුල ක්‍රියාත්මක වෙන චින්තන විදි වලට අනුව මනුස්ස සිත් සතන් තුල ඇතිවන චින්තන ධාරා වල මඟ පෙන්වීම මත ඒ අදාල අවස්ථාව ට සහභාගි වෙන පුද්ගලයා හෝ ඊට වැඩි ප්‍රමාණයක සිතුම් මඟ හසරවල් වල ප්‍රතිඵලය සිද්දියේ පෙරනිමි බව තීරණය කරයි.
බොහෝවිට සිද්දියක් විස්තර කරන්නට ඉදිරිපත් වන්නා වූකලී සිද්ධියට සහභාගි නොවී සිද්ධිය අසල රැඳෙමින් සිද්ධිය දිහා නෙත් යොමන පුද්ගලයා ය. සහභාගි වන්නෙවුන් ගේ අඩුලුහුඬුකම් වීරකම් ඉස්මතු වීම සමහරවිට සිද්ධියට සහන්හාගි වූ අයටත් වඩා දන්නේ මේ විස්තර කිරීමට ඉදිරිපත් වන්නා ය. කතාව අසන්නට ප්‍රියවන ලෙස ලුණු ඇඹුල් සහිතව සකසන්නේ මේ අය විසිනි.  කෙසේ නමුත් සිද්ධියක් විස්තරාත්මකව කියන්නට නම් හොඳ මතකයක් පැවතිය යුතුව ඇත, එමෙන්ම ඉහළ ගණයේ වාග් චාතුර්යයක් පැවතිය යුතුය. මේ කියන්නේ විස්තරකරන්නාගේ සඵලවාදී ලක්ෂණ‍යි. තවද කොටසින් කොටස පිළිවෙලට කියන්නට අසුරුසැනෙන් සිද්ධි උකහා ගන්නා ඉහළ මතකයක් පවතිය යුතු ය. මේ ලියන්නේ වෙනස් ම පුද්ගලයෙකු ගැන යැයි නොසිතන්න. මේ අපූරු විස්තර කරන්නා අපි අතර අප සිත් තුල නිරන්තරව ජීවත් වෙයි. වෙනත් මගකින් මේ ගැන කියනවා නම් මේ කියන්නේ අපේ එක් සැඟවී පවතින නොදනුවත්වම අප තුලින් එලියට එන එක් අපූරු හැකියාවක් ගැන ය.
සිද්ධියක් ඇති කරන පුද්ගලයා බොහෝවිට එය ඇතිකිරීමට හේතුව ලෙස දකින්නේ ස්ව ජීවිතය ට වූ අත්දැකීමක් පදනම් කරගෙනය. එය, ලාභ-පාඩු, නින්දා-ප්‍රසංශා මේ ආදී අටලෝදහම ට යටත්ව වූ, වෙන, වෙමින් පවතින හෝ වියහැකියැයි අනුමාන කරන කාරණාවක් විය හැකිය. ඒ අනුව ඔහුගේ හෝ ඇයගේ සිත තම සිතුවිලි අනුව මනස ක්‍රියාත්මක කරවා තමා ට අවසන අවැසි ප්‍රතිපලය වෙත ගමන් කරවීමට කටයුතු කරවයි.
කෙසේ නමුත් සිද්දිය අවස්තාව හා විස්තරය යන තුන් කට්ටුව තීරණය වීමට අප සිත මූලික වන අතර මේ විශ්වය තුල පවතින හැම නිමේෂයක් ම මේ සංකල්ප තුන යටතට බැඳී පවතියි.

1 කියවල මෙහෙම ලිව්ව ලු.:

දුකා said...

මේක කියවලා මාව නම් මඥ්ඥ්ං වුනා වගේ බන් . .

ආපහු දෙපාරක් වත් කියවන්න ඕන නිවී හැනහිල්ලේ . ..

කොහොම හරි උඹ කියන දේ පොඩ්ඩක් තේරුනා වගේ කියලත් හිතෙනවා. . .

ඒත් ලබන සතියේ හරියටම මේ ගැන කියන්නම්කෝ . .