Friday, November 20, 2009

ලෝකාස්වාදිකාවෝ වනාහි...,


තිහාසයේ ලිංගික ක්‍රියාවලීන් ගැන නොයෙක් විට ජනකතා, ප්‍රවාද, මතවාද හා ලියැකියවිලි වල හඳහන් වේ. කෙසේ වෙතත් ලෝකාස්වාදන ක්‍රියාවලීන් යනු [ලිංගික ක්‍රියා] පවතින සමාජය තව දුරටත් පවත්වා ගෙන යෑමට උවමනා වෙන අවශ්‍යතාවෙකි. අනුරාධ පුර යුගයේ ජීවත් වූ කුමාරදාස රජු ඉන්දියාවේ ජීවත් වූ කාලිදාස නම් කවියා හා මිතුදමින් බැඳීසිට ඇත.ඒ දෙදෙනාම කවියන් වූ නිසා ම ය. දෙදෙනා අතර ඇති මිතු දම කොතරම්ද යත් කාලිදාස හා කුමාරදාස දෙදෙනාම එකම ගණිකාව කරා ගොස් ඇති බව කියැවේ. ඇගේ කුටියේ කුමාරදාස ශ්ලෝකයක් ලිව්වේය. අවසන් දෙපදය ලියූ කෙනෙකුට තෑග්ගක් දෙන බව පවසන ලදී. කාලිදාස කවියේ අවසන් දෙපදය පූර්ණ කරන ලදී. නමුත් කුටිය ඇති නිවසේ ගහැණිය තමා එය සම්පූර්ණ කල බව කුමාරදාස රජුට කීය. එනමුත් මේ බව විශවාස නොකල රජ මේ ගැන සොයා බලන විට කාලිදාස කවියාව මරාදමා ඇති බව දන ගන්නට ලැබිණ. මේ ගැන සොවින් සිටි කුමාරදාස රජු චිතකය ට පැන දිවි නසා ගත්තේ ය. මේ ගැන පැරකුම් සිරිතේ " කුමරදස් රජ කාලිදස් නම් කිවිඳුහට තම දිවි පිදී " යනුවෙන් සඳහන් වේ..!

ඉහත කතාවෙන් අතීතයේ යෙදුනු රජවරුන්, උගතුන් වැනි අය සිටි බව මින් පෙන්වා දේ. පඬිවරයාත්, රජතුමා ත් මේ යුගයේ ලිංගික කාරියෙහි යෙදුනු කාන්තාවන් සොයා ආහ. මේ හිතුව නිසාම අතීත ලිංගික සේවකයා තුල විවිධ දක්ෂතා හා ඉහල උගත් කමක් ද අනිවාර්යය විය.තවද ලිංගික කාරියෙහි යෙදෙන්නක් හර සමාජයේ ලැබී තිබුනේ අද්විතීය ස්ථානයකි. බුදුන්ගේ කාලයේ ලිංගික ක්‍රියාකාරිකයෝ උසස් පංති වලින් ආහ. රජවරු , කුමාරවරු, සිටුවරු මේ අයගේ අනුග්‍රාහකයන් වූහ. අපේ ජාතක පොත් වල, ත්‍රිපිටකයේ මෙවැනි අය ගැන සඳහන් වෙයි.
ලිංගික සේවකයන් හට ආගමික ජීවිතය අකැප ද?
කුරුධර්ම ජාතකය මීට හොඳ නිදසුනක් වේ. එහි හඳහන් වන ආකාරයට කුරුධර්මය නම් පංච ශීලයයි. මේ රකින්නන් අතර එක නගර ශෝභනියක් ද වූවා ය. ඇයට තමා පංච ශීලය රකින්නේ දැයි සැක සිතේ එසේ සිතෙන්නේ තම පහස ලබා ගැනීම උදෙසා කෙනෙකුන් කහවණු දහසක් දී වසර ගණනාවක් ඉක්මවූවත් නැවත නො පැමිණීම ය.ඇය ඉතා දිළිඳුව වෙනතක යාමට සිතන්නේ වෙනත් කෙනෙකුන් යළිත් රන්වනු ගෙන ඈ පහස ලබා ගැනීම ට පැමිණී ම නිසා ය. කතාවේ හැටියට ඈ පංචශීලය රකියි. වෙසඟන කටයුතු නම් ඇගේ වෘත්තීය කටයුත්ත යි. මේ නිසා එය ඇගේ ආගමික භක්තිය හා පටලවා ගත යුතු නැත. වෙසඟන පවා කුරුධර්මය රකින වග මින් පෙනී යයි. මින් ඇඟ වෙන්නේ කුමක්ද..? ලිංගික සේවකයන් ද ශීලයේ පිහිට විය හැකි බවය. එනයින් අපට පෙනී යන්නේ මේ අය අන් අයගෙන් වෙනස්වන්නේ නැති බව ය.
මහාසාර ජාතකයේ එන වෙසඟන සමාජයේ උසස් අය හා නිතර ගැටෙන්නියෙකි. ඇය හා විසීම තමන්ගේ පාලුව තනිකම පලවා හරින වග පුරෝහිත හා සිටුවරයා පවසයි. මින් පෙනෙන්නේ වෙසඟනන් සමාජයේ සාදු හා සම්මත අය හා ගැටෙමින් ජීවිතය ගෙන ගිය බව ය. ඒ නැතිනම් කහවණු දහසක් සාමාන්‍ය ජීවිතයක් ගෙවන්නෙකුට ගෙවිය හැකිද?

ජනපද කල්‍යාණිය යනු කවුද?
අපේ ජනවහරේ ආකාරය ට නම් ලස්සන ගැහැණිය ට එක අයෙකුට අයිතියක් නොවිය යුතුයැ. පංච කල්‍යාණයෙන් පිරි ඒ තැනැත්තියගේ පහස ඕනෑ ම අයෙකුට කබා ගැනීම ට හැකියාව පැවතිය යුතු. කෙස්, දත්, මාංශ, සම, වයස යන අංග පහ කැටිවූ මනුස්ස දුව පංච කල්‍යාණිය නම් වේ. එවන් කතක් සිටී නම් ඈ පෙදෙසේ ජනපද කල්‍යාණිය විය යුතුය. ඇය අයත් සමාජය ඈ ජනපද කල්‍යාණියක් ලෙස පිලිගත් විට ඈ සේවය කාටත් පොදු විය. කලාව, නුවණ ඈවෙත එන අය පිනවීම සඳහා ඈ උපයා ගත වු ධනය විය.

ලිංගික ක්‍රියාකාරිකයා හා බැඳුනු අතීත සම්මතයන්.
01. මායම් හැටහතර [කලා හැටහතර] උගත යුතුය.
[
තවද ඉහත කී මායම් 64 තුල රය කෙනෙකු හා සම කල හැකි ලිවීමේ, කීමේ කලාව,
හා තවත් කුසලතා මේ 64 අතරට ඇතුලත් ය. ලිංගික ක්‍රියාකාරිකයා මේ උගන්නේ/
උගෙන ගන්නේ තම පසුබිම ට අවැසි වෙන ශාස්ත්‍ර 64යි.
]

02. තම සෞඛ්‍ය යහපත් ව තබා ගැනීම ට දත යුතුය.

03. ඇඳුමින් පැළඳුමින් ඉරියවුවෙන් ද අන් අයගේ සිත් ඇද ගන්නා ලෙස සිටිය යුතුය.

04. සංවාදයෙන්, සිනහාවෙන්, නැටුමෙන්, ආහාර පාන දී සිත සැනසීමෙන් ගනිදෙනු කරුවා සංතර්පනය කිරීමට දත යුතුය.

ලිංගික ක්‍රියාකාරිකයා කුමන විදිහේ පුද්ගලයෙක්ද..?
01 තමන්ගේ සමූහයා විසින් තෝරා පත් කරගත් කෙනෙකි. ඇය එසේ තෝරාගත්තේ ඇගේ මනා ශරීරයත් මනසත් මුල් කරගෙන ය.

02 සමානුයෝජනයට ලක්වූවෙකු විය යුතුය. මින් ඇයගේ සමාජය ගැන දක්ෂතා ඔප්නැංවී, අනුග්‍රාහකයන්ගේ සතුටට හේතුවන පරිදි ඈ කටයුතු කිරීමට ඈ හැඩගැසෙයි.

03 වෘත්තීයේ පරිදි ඈ බැඳුමක ට යටත් වෙයි. කෙනෙකු මුදල් දුන් විට ඕ ඒ තැනැත්තාගේ අයිතියට යටත්වෙයි. ඒ අයිතිය නැතිකොට වෙනත් කෙනෙකුට යටත් වීම ඈ වෘත්තිය ට එකඟ නැත.

04 සමාජයේ වටිනාකම් හා ධර්මතා ඇය විසින් බිඳලන බව සමාජය කල්පනා නොකලේ ය. ගණිකා වෘත්තිය කලත් ඈ එකතරා වෘතයක් අනුගමනය කලා ය. ඒ නිසා ඈගේ මේ බන්දනය කැඩුනේ නැත. අම්බපාලි, අඪ්ඩකාශී, සාලවතී, වැනි අය බුදුන්ගේ ශ්‍රාවකයන් ය. ඒ ගණිකාවන් කවරදාවත් ගණිකා වෘත්තිය හේතුවෙන් පහත් කොට සැලකුවේ නැත.
මොවුන් සරණ යෑම තෙවැනි සිල්පදය කැඩීමක් ද?
බුද්ධාගම ට අනුව මේ අය හා ඇසුර සමාවනොදියහැකි වරදක් ලෙස නොසැලකේ. තාත්තා, අම්මා, සහෝදරයා, සහෝදරී, ඥාතිවරයා යටතේ නැති, වරදක ට සිරගත් නොවූ හෝ දීගයෑමට පසුවන අය හැර අන් අය හා ලිංගික සබඳකම් පැවැත්වීම වරදක් නොවේ. ලිංගික ක්‍රියාකාරිකයා වූ කලී මේ අන්ත දෙක අතර වෙති.නිතර නිතර මේ අය හා ඇසුරට ගියවිට තම ධන හානිය වේ.
භද්ද්වග්ගිය කුමාරවරු 30 දෙනාගෙන් එක අයෙකු ට බිරිඳක් හෝ පෙම්වතියක් නොවී ය. ඔහු ඒ අඩුව පිරි මසාගත්තේ වෙසඟනක ගෙනි.වෙසඟන අවසරයක් දුටු තැන ඔවුන්ගේ භාණ්ඩ රැගෙන පැන ගියා ය. අම්බපාලී හොඳ බෞද්ධ උපාසිකාවකි. ඇයද වෛශ්‍යාව කි. නිමිසුන්ගේ වෛවාන‍ය වූ අවැසිතා මේ අයගෙන් සන්තර්පනය කරගනු ලැබිණ. ඒ අතර ලිංගික අවැසිකම් පමණක් නොව සෞන්දර්යයාත්මක, සමාජ ආදී සියලු අංශ ආවරණය කරන්නියක් විය.

ලෝකාස්වාදිකාවෝ දෙ වර්ගයකි..! ඒ...,
බුදු දහමේ ආකාරය ට ගණිකාව හා වෛශ්‍යාව යන දෙදෙනෙකු ලිංගික ක්‍රියාකාරිකයන් අතර ඇත.ගණිකාව තම සේවා සපයන්නේ නිවසේ සිට ය. වෛශ්‍යාව අනුග්‍රාහකයන් කියන තැනක ට ගොස් ඈ සේවා සපයන්නී ය. ගණිකාව ඉහළ පාන්තිකයන්ට සේවා ව සපයන්න න් වූ අතර වෛශාව පහල සමාජ තලය ට වෙන් විය.සමායානුයෝජනය ක්‍රියාවලියේදී මනාව ඊට භාජනය වූයේ ගණිකාව මිස වෛශ්‍යාව නොවේ. නමුත් බුදු දවස මේ දෙදෙනාවම හැඳින් වූ වේ එක අයෙකු හැටිය ට ය. තවද අන් කතුනට හිමි වූ වරප්‍රසාද ද ඔවුන් හර හිමිවිය. ඇත්ත වඝෙයෙන් ම කිවහොත් අපේ ජන ශ්‍රැතියේ හා සාහිත්‍යයේ සැලකුනේ ද ඉහත ආකාරයට ම ය.

ආමන්ත්‍රණය අපුල වදනක් වූ කළ...,
කෙනෙකුට අපහාසාත්මකව බණින කල බොහෝවිට යොදන වදනකි "වේසි" යන වදන. කෙනෙකුට වේසී හෝ වේසිගේ පුතා යැයි කීම ඔහුට හෝ ඇය ට කරන හා කරන්න ට පුලුවන් විශාලත ම නිග්‍රහයයි . ඔහුගේ පියා නිශ්චිත නැති වග ඉන් හැඟවේ.
ශ්‍රී ලංකාවේදේ වෛශ්‍යා යන්න වෙසඟන නැතිනම් අභිසාරිකාව කියා වෙන්ස් වන්න ට ඇත. මේ අතර පහල පංතිවල කතුන් ද තම සිරුර විකුණා මුද ලබා ගැනීම හේතුවෙන් ඒ අයට ද වේසි යන නම යෙදිණ. අපේ සාහිත්‍යයේ එන හැටිය ට වෙසඟන ගේ පියයුරු වල හැපී එන සුළඟ ද සුභ නිමිත්තකි. වෙසඟන ගැන එහෙම කිව්වත් වේසි ගැන තත්ත්වය මෙයට වඩා වෙනස් ය. " වේසිගේ පුතා " කී විට ඉන් ගම්‍ය වෙන්නේ ඉතාම පහත් අර්තය කි. තම මව වේසියෙකු යැයි කීවිට කිසි කෙනෙකුට ඉවසිය නොහේ. ලයමඬළේහි හැපී එන සුළඟ සුභනිමිත්තක් වූ වෛශ්‍යාව දැන් " වේසී " වී මේවන් පරිවර්තණයක් අපට ගෙන එයි.

මේ ක්‍රියාකාරකම් කරන පිරිමින් ද සිටින වග...,
අපේ රටේ පුරුෂ ලිංගික ක්‍රියාකාරිකයන් ගැන කියා නැත. ගණිකා වේසි යන්න වදන් යෙදුනේ ගැහැණුන්ට ම ය. නමුත් අද ගණිකා කටයුතු කරන පිරිමින් ද සිටිති. ඒනිසා ලංකාවේ ගණිකාවන් කීවිට ගැහැණු පිරිමි දෙපක්ෂය ම නියෝජනය වේ. පුරුෂ මූලික වූ සමාජයක් හේතු කොට ගෙන, අවාසනාවක ට දෝ සැමදා පීඩනය ට පත්වන්නේ කාන්තාවන් ම ය.

මූලය: මහාචාර්ය නන්දසේන රත්නපාල ලංකාවේ ගණිකාවෝ කෘතිය ඇසුරිනි.

7 කියවල මෙහෙම ලිව්ව ලු.:

~බිன்ku~ said...

ආහ්, මා නම් අසා අත්විඳ තිබුණේ ලෝකාස්වාදිකාවෝ යනු ඒකළ සමාජයේ තවත් කොටසක් ලෙසින් සළකා පහත්ව සැලකු බවයි. එසේ සිතීමට මා තවත් පෙළෙඹව්වේ ඒකළ ඉන්දීයානු සමාජය තුළ පැවති කාන්තාවට තිබු තැන නිසාමයි.

ඇතැම් විට දැනුත් තිබෙනවා වගේම ඒකළ සමාජයේ ඒක ඒක කොට්ඨාශවලට වෙන් වූ ලෝකාස්වාදිකාවෝ ඉන්නට ඇති. ඉන් ඇතැම් හෝ පහත් ක්‍රේෂත්‍රයෙ ඉන්නා අයට එසේ විතරක් ගැරහුමට ලක් වෙන්නට ඇතැයි මම දැන් අපකල්පන කරනවා.


බොහෝම ස්තුතියි මිත්‍රය! ඉතා රසවත් දැනූමක් එක්ක දෙන හොඳ ලිපියක්!!!

malee_msg said...

බොහොම කරුණු ඇතුලත් ඒ වගේම නොදන්නා දේවල් දැනගන්න ලැබුනු බොහොම වටින ලිපියක්.. ස්තූතියි.

මුචලින්ද said...

ඇත්තටම මරු ලිපියක් අයියේ.හොඳ කරුණු ගොඩක් ඉගෙනගත්තා.

.::පිස්සා::. said...

හොද ලිපියක්.
මට මතක් උනේ අමරසිරි පීරිස් මහතාගේ 'ලඳුනේ' ගීතය...
ස්තූතියි ලිශ්, බෙදා හදා ගත්තාට..

sampath said...

වටිනා ලිපියක් ! ස්තූතියි

අතරමැදියා said...

හොඳ ලිපියක් ඔබගේ පාසල් මිතුරකු වත් වීමම මා ලද එක්තරා අන්දමක වාසනාවකි.. අපිට මොකද උනේ? කව්ද අපිට මෙහෙම කලේ ? ඊටත් වඩා දැන් අපි මොකද්ද කරන්න ඕනේ කියන එක තමා ඉතින් හිතන්න වෙන්නේ..

Chinthana14 said...

මචන්..එල ලිපියක්..
මට ඔය නන්දසේන රත්නපාල මහත්ත්මයගෙ පොතේ pdf එක හොයා දෙනවද...

(මාත් අවිස්සාවෙල්ල කිට්ටුවමයි)