කාලය මනින්නේ කොහොමද කියලා කෙනෙකුගෙන් ඇහුවොත් පැය විනාඩි තප්පර වලින් කියලා කෙනෙකුට කියන්න පුලුවන්.., නමුත් මම මෙහෙම කිව්වොත්, හොඳ කාලය, නරක කාලය කියලා එහෙම බෙදන්න බැරිද කියලා... උත්තරය...: ගැටලුවක් වෙන්න පුලුවන්..
අපි සිතට එකඟව කල්පනා කලොත්, කාලය යනු එක සිදුවීමක සිට තවත් සිදුවීමක අතර ඇති දුර හෙවත් අදාල සිද්ධි දෙක අතර පවතින හිඩැසයි. තවද කාලය යනු විද්‍යාව, ආගමික ඉගැන්වීම් සහ දර්ශනවාදය යන විෂය පථයන් හි ප්‍රධාන නියැදියන් බවට පත්වනවා.
දුරාතීතයේ සිටි මිනිසුන් කාලය නීර්ණය කිරීම සඳහා ව්විධ ක්‍රම අනුගමනය කළා. බොහෝ විට එය හිරු ගේ ගමන් මාර්ගය මත පදනම් වූවා.
කාල නීර්ණ උපකරණ ඉතිහාසය.
මුලින්ම කාලයනීර්ණය කිරීමේ නිපැයුමක් නිපදවීමේ ගෞරවය හිමිවන්නේ අතීත ඊජිප්තියානු ශිෂ්ඨාචාරයන්ට යි. ඒ ක්‍රිස්තු පූර්ව 1500දීයි. එය හැඩයෙන් අප නිවාස සැලසුම් ඇඳීමේදී භාවිතා කරන ටී මිණුමක [T-square] ට සමාන කම් දක්වනවා.[අන්තර්ජාලය තුල රූප සෙව්වත් හොයාගන්නට ලැබුනේ නෑ.]
එයට පසුව කරළියට ආ "පෑ තැටිය" , ඉහත පවසන්නට
යෙදුන උපකරණයේ ම යාවත්කාලීන වූවක් දැයි සිතෙනවා. සමචතුරස්‍රාකාර තලයක් මත සිරස් අතට සිටවූ ත්‍රිකෝණ හැඩති තලය මතට හිරු එලිය වැටීමෙන් ඉන් වර්තනය වී වැටෙන හෙවනැල්ල තලය පුරා වරක් ගම්න් කිරීම වරුවක් ලෙසට එදා සිට අද වනතුරු හඳුන්වනු ලබනවා. එනමුත් ඉතිහාසය තුලින් බිහිවූ සාර්ථක ම කාලගණන යන්ත්‍රය
"ක්ලෙසයිඩ්‍රාව" නැතහොත් "ජල කාල නීර්ණකය" ලෙස හඳුන්වනු ලබනවා.
ක්ලෙසයිඩ්‍රාවක් පළමු වරට හමුවී ඇත්තේ ඊජිප්තු පාරාවෝවරයෙකු වන "පළමුවන අමෙන්හොතෙප්" ගේ සිරුර බහා තුබූ පිරමීඩය තුල තිබීයි. ඉහත කී කවර උපකරණයකටත් වඩා ක්ෂමතාවයෙන් යුතු වූ මෙය රාත්‍රියට පවා කාල නීර්ණය කල හැකිවූ බව සඳහන්. තවද ග්‍රීකයින් හා චැල්ඩියානුවන්[බැබිලෝනියානුවන්] තම දිනපතා තාරකාවිද්‍යාතමක ගණනය කිරීම් සඳහා කාලය ලේඛන ගත කල බව සඳහන්. තවද මුලින්ම සරළ යාන්ත්‍රණයක් යොදාගෙන, ඔරලොසුවක් නිර්මාණය කලේ චීන ජාතිකයන්. ඒ මධ්‍යතන යුගයේ දීයි.
එයට පසුව කරළියට ආ "පෑ තැටිය" , ඉහත පවසන්නට
සම්මතයන් හා නිර්වදන්
කටවහරේ දී අප භාවිතයට ගන්නා අඩුම අන්තර්ජාතික කාලය මනින මිණුම වන්නේ "තත්පරය" යි. එයට පසුව එන “මිනිත්තු, පැය, වරු, දින, සති, මාස, අවුරුදු” මේ ආදී ගණනය කිරීම් වලින් අන්තර්ජාතික කාල නීර්ණ සංචිත වලට අයත් වන්නේ “තත්පර, මිනිත්තු සහ පැය” පමණයි. මක් නිසාදයත් “වරු, දින, සති, මාස, අවුරුදු” ආදිය කිසියම් මූලික ගණනය කිරීම් වලට අනුකූලව නිර්මාණය වූ මිණුම් නොව; ශත වර්ශ ගණනාවක ට ඉහත සිට කටවහරේ පැවත් එන කාල නීර්ණ මිනුම් දඬු නිසාවෙන්.
කටවහරේ දී අප භාවිතයට ගන්නා අඩුම අන්තර්ජාතික කාලය මනින මිණුම වන්නේ "තත්පරය" යි. එයට පසුව එන “මිනිත්තු, පැය, වරු, දින, සති, මාස, අවුරුදු” මේ ආදී ගණනය කිරීම් වලින් අන්තර්ජාතික කාල නීර්ණ සංචිත වලට අයත් වන්නේ “තත්පර, මිනිත්තු සහ පැය” පමණයි. මක් නිසාදයත් “වරු, දින, සති, මාස, අවුරුදු” ආදිය කිසියම් මූලික ගණනය කිරීම් වලට අනුකූලව නිර්මාණය වූ මිණුම් නොව; ශත වර්ශ ගණනාවක ට ඉහත සිට කටවහරේ පැවත් එන කාල නීර්ණ මිනුම් දඬු නිසාවෙන්.
කාලය බෙදීයාම හා එයට දෙන නිර්වදන් සරළව පහත වගුවෙන් දැක්වෙනවා.
| ඒකකය | හඳුන්වන නම | |
| තත්පරය | අන්තර්ජාතික ඒකක මිණුම | |
| විනාඩි 1 | තත්පර 60 | |
| පැය 1 | විනාඩි 60 | |
| දින 1 | පැය 24 | |
| මාස 1 | දින 28-31 අතර | |
| අවුරුදු 1 | මාස 12 | |
| දශකය | අවුරුදු 10 | |
| සියවස | දශක 10 හෙවත් අවු:100 | |
| සහස්‍රය | ශතක 10 හෙවත් අවුරුදු 1000 | |
.::Bohemian::.
3 කියවල මෙහෙම ලිව්ව ලු.:
හොද ලිපියක් ලිෂාන් ලියන්න හොද මහන්සියන් අරගන තියනවා වගෙයි . ලිපිය පුරාවටම ඉගන ගන්න දෙවල් තියනවා දිගටම ලියන්න
ඇත්තෙනම ගොඩක් හොද ලිපියක් . . හරවත් යමක් . . ඔහොම යං . . . ඔහොම යං . . .
විදේශ රටවලින් අපිට ගත හැකි පාඩමක් තියෙනවා, එනම් කාල කලමනාකාරිත්වය. චීනය ආශ්‍රිත රටවල ඒ අතින් ඉදිරියෙන් සිටින්නේ. අපේ බොහො දෙනෙකු කාර්්‍යාලය තුල වැඩක් යෙදී නැති නම් නාස්ති කරද්දී ඒ අය ඉදිරියට යෙදිය හැකි වැඩ ගැන සොයා බලා ඒවාට වැඩ කරනවා නැත්තම් යමක් කමක් ඉගෙන ගන්නවා. ගමනක් යද්දී වුණත් කියවනවා නැත්තං යම් වැඩක් යෙදීලා ඉන්නවා එක්ක. මෙහි වැටුප් ක්‍රම සැකසීලා තියෙන්නේත් පැය ගාණට.
අපේ මුතුන් මිත්තන් එදා "ගිය කාලේ කිව වචනේ ආපහු ගන්න බැරියේ" කිව්වේ ඒ හින්දා වෙන්නටැ.
Post a Comment