කාලෙකට පස්සේ පහුගිය දවසක සරසවි පොත්හලට ගොඩ වැදෙන්න අවස්ථාවක් ලැබුණා. ඉස්සර රොටරියේ සන්නස්ගලගේ සිංහල පන්තියට යන අපි පන්ති ඉවර වෙලා ස්ටැන්ලි තිලකරත්න මාවතේ පිහිටලා ඇති මේ අපූරු පොත් කඩයට හරි, ඉන් එහා පැත්තේ ඒ කාලේ තමන්ගේ අංකුර ප්‍රකාශන කර්ත්ව්ය ආරම්භ කරපු ජානක ඉනිමංකඩගේ විදර්ශන පොත් ගෙදරට යන්න හුරු වෙලා හිටියා. කොහොම හරි ඒකට යන අතරමඟදී මගේ පාසල් මිතුරෙක් වෙන සචිත්‍රව මට හමුවෙන්න ලබුණා. ඉස්සර කලා අංශයේදී අපි එක්කලා එකට අධ්‍යයන කටයුතු කල මේ අපූරු මනුස්සයා මේ වෙනකොට ලේක් හවුස් කතෘ මණ්ඩල සාමාජිකයෙක් විදියට කටයුතු කරනවා. ඔහුගේ මේ හමුවීමේන් පසුව මම පොත් හලට ගොඩවෙනකොට ම පොත්හල දොරටුව අසල තබා තිබුණු සරසවි පොත් හලේ වැඩියෙන්ම අලෙවි වන පොත් දහය වෙතට මගේ නෙත යොමු වුණා.., එහි හත් වෙත් තැන මස් ඉඹුලගේ "සෙංකොට්ටං" වගේම අට වෙනි තැන ලබා තිබුණේ මගේ මිතුරා සචිත්රගේ "දිදුලන දුහුවිල්ල" නවකතාවටයි. සරසවි ප්රකාශනයක් විදියට කල එළි බැස ඇති මේ පොත මිලදී ගන්නට මා වැඩියෙන්ම යොමුවෙන්නට ඇත්තේ පොතේ පසු කවරයේ වූ කතානායකයා වූ සුමේධ තෙරුණුවන් පිළිබඳ වූ පසු සටහනටයි..
පොතේ නම දිදුලන දුහුවිල්ල, කියවා ඇති වෙනත් රචනා වලට වඩා ඉතාමත් වෙනස් මාර්ගයක් ගත් මේ කතාව තුල චරිත අතර වන සංවාදය ට කලින් අපවගෙන යන "ප්‍රාරම්භය" තුල පවතින සිදුවීම පොත කියවාගෙන යත්දී කෙමෙන් කෙමෙන් අමතකව ගියත්, මේ ප්‍රාරම්භය කතාව අවසානයේදී සිතුවිලි අවකශයට විවෘතව පවතින කතාව ආවෘත කරගන්නට ඉතා මහගු පිටුවහලක් සපයනවා...," ඔහු...ගංතෙරක, වණපෙතක පමණක් නොව හුදී ජනයා යනෙන පහමඟක පවා සිහිලස විඳියි.
කුදු මහත් මිනිසුන් තුලින් ඔහුට දිස්වෙන දුහුවිල්ල විටෙන දිදුලන්නේ ය.
එයම වේ ඔහු විඳින චමත්කාරය..
එයම වේ ඔහු දකින සත්‍යය. "
ලිපිය යාවත්කාලීන කිරීම : 25 මාර්තු 2013 රාත්‍රීය." දුහුවිල්ල කියන්නේ අඩු වැඩු වචයෙන් අපි ළඟම තියෙන දෙයක්, ඒක සමහර වෙලාවටාපට පේන්නේ දිලිසි දිලිසී, හරි ලස්සනට. ඒක අතුගාලා දාන්න හිතේන්නැහැ. ඒත් ඇත්තටම ඒකේ ඇති දිලිසිල්ලක් නැහැ. ලස්සනකුත් නැහැ. ඇදුම වගේ ලෙඩක් තියේනවා නම්, ඒ වෙලාවේම ඒක ඔයාට බලපානවා, ඒ නැතත් ටික ටික ටික ඒක ඔයාගේ සෞඛ්‍යයට බලපානවා. හොඳට මතක තියාගන්න දුහුවිල්ල කියන එක සෞඛ්‍යයට අහිත කරයි, ඒක නිසා දුහුවිල්ලත් එක්ක ගණුදෙණුව පරිස්සමින්...!!"
මේ අපූරු ලියන්නා බ්ලොග් අඩවියක් නිර්මාණය කරලා, මීට දින කීපයකට ප්‍රථමයෙන්, ඇති අඩු අස්වැසිල්ල නිසාම කොතෙක් දුරට නව ලිපි පලවීම ගන සැක සහිත වුවත්.., අලුත් ලියමන් දකින්නට වාසනා කරත්වායි ප්‍රාර්ථනා කරමු..,
ඔන්න එම අඩවියට යොමුව : http://duhuvilla.blogspot.com
යන්න ඔහුව විමසන්න

10 කියවල මෙහෙම ලිව්ව ලු.:
කාලෙකට පස්සේ සිංහලෙන්ම ලියවුනු නවකතාවක් කියවන්න හිතුන විදියේ හඳුන්වාදීමක්... කියවලම අදහසක් පළකරන්නම්..
" ඔහු...ගංතෙරක, වණපෙතක පමණක් නොව හුදී ජනයා යනෙන පහමඟක පවා සිහිලස විඳියි.
කුදු මහත් මිනිසුන් තුලින් ඔහුට දිස්වෙන දුහුවිල්ල විටෙන දිදුලන්නේ ය.
එයම වේ ඔහු විඳින චමත්කාරය..
එයම වේ ඔහු දකින සත්‍යය. "
ලස්සනයි...
මේ පොතත් කියවන්න ආස හිතුණා... කියවන්න ඕන පොත් ලැයිස්තුව එන්න එන්නම දික් වෙනවා.. ඒත් පඩිපත එන්න එන්නම අසරණ වෙනවා....
හිරු: කියවන්න පොත ගන්නේ සරසවියෙන් නම් ඔබට ආකර්ශනීය වට්ටමක් ඔවුන් ලබාදේවි.
කඳු: ඔව්. ඒකම තමා මම මේ පොත කියවන්නට මිලදී ගන්නට හේතු වූ වැකි පෙළ.
තරුරසී: සියල්ල එකවර මිලදී ගන්නට සිටින්නේ නැතිව හැකි විට මිලදී ගන්න.., වරකට එකපොතක් දෙකක් වගේ.., එවිට ඔබේ පඩි පත අසරණ නොවනු ඇති..!
ස්තූතීයි තිදෙනාට ම. :)
උඹ තුඹස සහ මෙරු ගත්තෙ කොහෙන්ද? මම අවුරුදු ගාණක් ඒක හොයනවා :-(
මටත් අරං කියවන්න හිතුනා.. ඒත් සරසවියට යන එක වෙනම ප්‍රොජෙට් එකක්... :(
සිංහල නවකතාවක් කාලෙකින් කියෙව්වෙ නැහැ....
මේ විස්තරේ මට වටින්නෙ මේක මට පොතක් කියවන්න සපයන හොඳ උත්තේජනයක් හින්දයි.
අනිවාර්යෙන්ම කියවන්න ඕනෙයි කියලා හිතුණා. ස්තූතියි ඔත්තුවට.
අද ගන්නම් හෙට ගන්නම් කියල හිතාගෙන හිටියත් තාමත් දිදුලන දූවිල්ල පොත් සාප්පුවේ...,
හරේ : ඒග මචන්, මම ලසියයි රචියයි එක්ක ගොඩගේ පරණ පොත් අවුස්සන්න ගිය වෙලාවේ හම්බ වුනේ,
සෝරෝ : ඕනේ නම් මම මගේ පොත එවන්නම්, මොකෝ කියන්නේ??
උදාර: අනිවා කියවන්න, පාඩු නෑ කියෙව්වට
රතු රජරට: ස්තූතියි
ලිහිණි : පාඩු නෑ ගත්තට
Post a Comment