සිනමාවට හිත බැඳගත් රසික පවුරක් සිටින රටක සිනමාත්මක සංගීතයෙන් බැහැරව සිය ස්වර රටා වටා ඊටම පෙම් බඳින රසික කැලක් තනාගැනීම ශ්‍රී ලංකාව වැනි රටක කෙසේ වෙතත් ඉන්දියාව වගේ රටක නම් ඉතා අපහසු දෙයක්, නමුත් සංගීතය වෙත ඇති දිව්‍යමය හැකියාව සහ ඔවුන්ට අනන්න්ය වූ සංගීතමය සංස්කෘතියක් තනාගත් කයිලාශ් ඛේර් සහ ඔහුගේ සංගීත වෘන්දය වූ කයිලාසාව ට නම් එය ඉතාමත් සුලු දෙයක්.
2006 දී ඔවුන්ගේ පළමු උත්සහය වූ කයිලාසා/kailasa , 2007 වසරේ ජූමෝ රේ/Jhoomo re, 2009 වසරේ චාදන් මේන්/Chandan main යන ඇල්බම ත්‍රිත්වයට වසර තුනකට පසුව රන්ගීලේ/ Rangeele නමින් සිය සිව්වන සහ නවමු ඇල්බමය සෝනි බීඑම්ජී ලේබලය යටතේ මේ වසරේ එළිදැක්වූවා. නමේ තේරුමට ම ගැලපෙන විදියට විවිධ ගීතනු වලින් වර්ණවත් වූ කයිලාසාවන්ගේ සිව්වැන්න තමන්ගේ හැකියාව හරහා වර්ණවත් කරවනවාට අමතරව භාරත ජන සංගීතය, සූෆී සහ බටහිර සංගීතික සංස්කෘතීන් ඇතුලේ අසන්නන්ව අමන්දානන්දයට පත් කරන්නේ ඉතා විශ්මිත විදියට.

කයිලාශ් මේ ඇල්බම් එක කරලා තියෙන්නේ මහා ගෝසාකාරී සංගීතය එක්ක නොවුනා වුනත් ලයාන්විත සහ සිත විවේක කරවන අපූරු තනු කලසකින් තැනුන එකක් නිසා නිදහස් සවසක කෝපි කෝප්පයක් තොලගාමින් පුටුවට තට්ටුවක් දමමින් තාල අල්ලමින් අහන්න මේ ඇල්බමයේ තියේන ගී පෙළගැස්ම හරි අපූරු සහයක් සපයනවා. එකොස්ටික් ඒ කියන්නේ ස්වාභාවික නාදරටා සමඟින් යන ගීත සමඟ මේ වර බොහෝ ගීතවල ඉඩපාඩු පුරවන්න සැක්සෆෝනය යොදාගෙන තිබෙන ආකාරය ඉතාම රමණීයයි. කෙටියෙන් කියනවා නම් මේ ඇල්බමය කයිලාසවන් ඉදිරිපත් කරන්නේ පොළොවේ පයගසා සිටින මිනිසුන් ගැන සංවාදයක නිරතවන්නට හොඳ වටපිටාවක් තනමින් බව නම් නියතයක්.

ඉන්දිපොප් වර්ගීකරණය යටතේ කැටගරි ගත වන කයිලාසවන්ගේ සංගීත ප්රාතිහාර්යයන් තව තවත් දුරට සිදුවේවි.., එතෙක් මේ ගී කැලට සවන් දෙන්න..,

ඒ ඔබව සනසාවි.
අතුරු සබැඳි : කයිලාසාවට පෙම් බැඳීම හෙවත් "Chaandan Main" ඇසීම.
බාගත කිරීම් : Rangeele 128kpbs [53.1 MB]
Rangeele 320kpbs [98.6 MB]

7 කියවල මෙහෙම ලිව්ව ලු.:
අහලම නෑ බං... අරගෙන බලන්නම්... චිත්‍රපටි නොවෙන නූතන ඉන්දියානු ගීත නූතන චිත්‍රපටි ගීත වලට වඩා සුන්දරයි කියලනම් හිතිල තියෙන්නෙ සෑහෙන්න කාලෙක ඉඳන්...
අහලා බලන්න ඕනේ
මමත් ඇල්බම් එක අහල නෑ. යුටියුබ් එකේ බලලා තියෙනවා කයිලාෂ් ගේ ට්‍රැක් කීපයක්. කයිලාෂ් ගේ වොයිස් එකේ පොඩි රහත් ෆටේ ඛාන් ගතියක් දැනෙනවා මට. ඒත් මචන් සුෆි ගතිය මාර අඩුයි මචන් මේවල. ෆියුෂන් වලටත් වඩා පොප් ගතියක් මට දැනෙන්නේ. (මට දැනෙන හැටි විතරයි මචන්)
කොහොම වුනත් ගතියක් තියෙනවා. ඒත් අර මාරාන්තික ආසාවකින් අහන්න හිතෙන ට්‍රැක්ස් නෙවෙයි මට නම්.
ස්තුතියි ඇල්බම් එකට. අහන ගමන් ඉන්නේ!
මචන් මංගල් පාණ්ඩේ කයිලාෂ් ගේ වොයිස් තියෙනවා නේ. ඇල්බම් එකේ Kathagaan ට්‍රැක් එක අහනකොට පොඩි හුරුපුරුදු ගතියක් දැනුන නිසා හොයල බැලුවේ
@හරේ : මේ ලිස්ට් එකට තව නම් එකතුවෙන්න ඕනේ මචන්, අග්නි, කොලෝනියල් කසින්ස්, බාබු මාන්, ඉන්දියක් ඕෂන්ස් මේ වගේ තව නොකීනම් රාසියක්, සිනමා ගීත කලාව දුවන්නේ එක මට්ටමක රසිකයන් තට්ටුවකට ආමන්ත්‍රණය කරන්න.., ඒත් කයිලාසා වගේ කුලක ඊට වෙනස්, ඒ උන් හදබසට එකඟව තම නිර්මාණ කරන නිසා..!
@හසිත : එළ, අහපන්, වෙනසක් දැනෙයි තදට ම. :)
@පැතුම් : අනේ නෑ මේවා මාරන්තික ආසාවන් වලට වහල් කරගත යුතු ගීත නොවෙයි මචන්, නිදහස අලස සුවය විඳිමින් සිහින්ව අසා සැනසෙන්න පුලුවන් ගීත. ඔව් මංගල්පාණ්ඩේ විතරක් නොවෙයි, ආජා නච්ලේ, රන්ග් දේ බසන්තී වගේ තවත් main stream නිර්මාණ කීපයකම කයිලාෂ් වැඩ කරලා තියෙනවා..!
ඉඩ තියෙන වෙලාවක විකියේ තියෙන කයිලාසා ලගේ ඩිස්කෝග්රැෆිය කියවපන්..
මටනං මේ නිර්මාණ කීපයෙම ගතියක් තියෙනවා... මේ වගේ පරණ ස්ටයිල් එකේ නිර්මාණ කීපයක් මා ගාව තිබුණා. නිකං ගඟක පාවෙනවා වගේ ඒව අහද්දි. ඒ ටික ආයෙම හොයාගන්න ඕන. ලිෂා කියපු ලිස්ට් එකෙන් කොලෝනියල්ලගෙ උපරිම පංකාවක් මම ඒ දවස්වල ඉඳන්ම.
http://www.youtube.com/watch?v=9K4TgdPDt2o
I am great fan of Kailash kher!Nice to see a post of him on a sinhala blog.I have posted my favorite song sung by kailash kher.Amazing lyrics and music.he opens this song (saiyyan)singing "i don't wish for any wealth but i wish for your companion ship deeply".Our relationships,Love,Faith getting commercialized day by day.So from opening line like that he is giving the idea that is love is pure and his commitment is forever.What a thought !!!
Post a Comment