Monday, January 30, 2012

සත්ව හිංසනයෙන් තොර සංචාරක ව්‍යාපාරයක් උදෙසා සෙනහසින් ලියා තබන වගනම්..,

P110063 copy
    කුරිරු ත‍්‍රස්ථවාදයෙන් පසුව සාමයේ අරුණලූ උදා වූ ලංකාව මේ වන විට දියුණුව කරා යන ගමනේදී ඉතා ඉහල අගයක ගන්නා සාධකයන් ගණනාවක් පවතිනවා. ඒ අතරින් සංචාරක ව්‍යාපාරය ඉතා ඉහල තැනක තබන්නට පුලූවන්.., විසිවන සියවසේ පළමු දශකයේ මුල් අර්ධයේදී අපට තිස් වසරක් මේ රට පීඩා විඳි කුරිරු යුද්ධය අවසාන වූ වහාම මේ රටට පෙර නොපැමිණි තරම් සංචාරකයන් පිරිසක් ඉන්පසු මෙරට ට එන්නට පටන් ගත්තා. මෙහි ප‍්‍රතිපලය වූයේ රට තුල සාම්ප‍්‍රදායික රැකියා වලට ඇති ඉල්ලූම එලෙසම පවතිද්දීම නව ව්‍යාපාරයන්ට ව්‍යවසායකයන් විසින් ජීවය දෙන්නට පටන් ගැනීමයි. මේ රැල්ලෙන් සංචාරක ව්‍යාපාරයටත් මිදෙන්නට හැකි වූයේ නැහැ.

   අතීතයේ අනුරාධපුරය, ගාල්ල, මාතර, නුවරඑලිය ආදී සාම්ප‍්‍රදායික සංචාරක ආකර්ශනිකයන් වෙත පමණක් ඇදෙන්නට වූ මේ සංචාරක ප‍්‍රජාව මේ ව්‍යාපාරයේ දියුණුව දලූලන්නට පටන් ගැනීමත් සමඟම වෙනත් ප‍්‍රදේශ වලටත් සිය ව්‍යාපාරය ප‍්‍රචලිත කරන්නට වුණා. මෙහි ප‍්‍රතිපලය වූයේ රට තුලට දියුණුව, සෞභාග්‍ය, ආදී දේ එන අතරම ඒ අතර සැඟවී අවර පුරුදුත් අප සමාජයට එන්නත් වීමයි.  
  වර්තමානය වෙනවිට ලංකාව පාරිසරික බැඳීම් වලින් වැඩි සංචාරක කර්මාන්තයක් එනම් හරිත පේ‍්‍රමී සංචාරක කර්මාන්තයක් වෙනත් ප‍්‍රචලිත වචනයකින් කියුවොත් ැජද රෙසැබාකහ ප‍්‍රවනතාවය අපගේ විමර්ශනයට හසුවූ ස්ථානවල ඉස්මතු වී තිබුණු ලක්ශණයක් විදියට සඳහන් කරන්නට පුලූවන්. ඉතින් මේ eco tourism කර්මාන්තයේදී සංචාරකයාට ලංකාව හරිත හිතැති අයුරින් සමීප කරවන්නට ව්‍යාපාරිකයා යොදාගන්නා ක‍්‍රමෝපායන් ගණනාවක් භාවිතා කරනවා මේ අතර ලංකාව වටා ගුවන් සවාරි සිට අතීත ගම සහ ඒ හා බද්ධව පැවතුනු සංස්කෘතික ක‍්‍රියාදාමයන් දක්වා මේ ආදී නෙක රටාවන්ගේ රටාවන්ගෙන් යුතු සංචාර සැලසුම් වලින් මේ වෙනකොට ඔවුන් සජ්ජිතයි.., මේ අතර වැඩිපුර නොකියවෙන එහෙත්  බහුතරයකගේ අවධානය යොමු වෙන කොටසක් වෙතයි ඔබව හරවන්නට මේ සූදානම. 
  වර්තමාන ලංකාවේ අලිගහනය වල් අලි සහ හීලෑ අලි පෙර වසර වලට වඩා වැඩිවීමක් දකින්නට ලැබෙනවා., මීට මාස කිහිපයකට පෙර ලංකා රජය විසින් කරන්නට යෙදුනු අලි සංගණනයෙන් පවා හෙලි වූයේ ලංකාව අලි ගහනය ඉහල අගයක පවතින බවයි. වැඩිවන අලි ගහනයට සාපේක්ෂව වන ගහනය සීග‍්‍රව අඩුවන නිසා එහි ප‍්‍රතිපලය වන්නේ අලි ගම් වැදීම හෙවත් අලි මිනිස් නොනවතින ගැටුමේ ආරම්භයයි. විව්ධාකාර සංවිධාන, දෙපාර්තමේන්තු මේ සඳහා නොයෙක් සැලසුම් ඇඳ ඒවා ක‍්‍රියාත්මක කරන්නට උත්සහ ගත්තත් අද වෙනකොටත් ඒ සඳහා ස්ථිරසාර උත්තරයක් හොයා ගන්නට කාටවත්ම පුලූවන් වෙලා නෑ. මේ ගැටලූවට අතීතයේ ඉතා ප‍්‍රගතිශීලී සේ පෙනෙන විසඳුමක් ලංකා සමාජයට හඳුන්වා දෙන්නට අනාදිමත් කාලයක සිට ලාංකිකයාගේ මනස හුරු වෙලා තියෙනවා. ඒ අලි හීලෑ කිරීමයි. මුලදී අලින්ට නියම ලෙසම හදවතින්ම ආදරය කරන කිහිප දෙනෙකු මේ ක‍්‍රමෝපායක් භාවිතා කරා, ඒ අලියෙකු සිටින්නේ ප‍්‍රභූ පැලැන්තියක කෙනෙකුට හෝ බෞද්ධ විහාරයක පමණක් වෙන නිසා.., 1971 දී ලංකාවට හඳුන්වා දුන් විවෘත ආර්ථක ක‍්‍රමය නිසා සාම්ප‍්‍රදායික රක්ෂා ක‍්‍රමය කෙනෙක් අහෝසි වෙන්නට උනා. මෙහි ප‍්‍රථිපලයක් ලෙසට එකල තරුණයින් වෙනත් වෙනත් රැකියා වලට යොමු වීම නිසා අලි රැකබලාගන්නන්, ඇත් ගොව්වන්, ප‍්‍රමාණයද කෙමෙන් කෙමෙන් හීන වෙන්නට පටන් ගත්තා. වර්ථමානය වෙන විට ඇත්ගොව්වන් සිටියත් ඔවුන් තුල අතීත ගොව්වන් තුල තිබූ සතාට ආදරය කිරීම්, රැකබලාගැනීම් වෙනුවට වෙනත් මූල්‍යමය අහිමතාර්ථ ඇතිවීම නිසා ඉතා ගැටලූ සහගත් තත්ත්වයන් ආරෝපනය වී මේ සාම්ප‍්‍රදායික රැකියාවට කණකොකා හඬන්නට පටන්ගෙන.මේ අතර අලියා හිමි කරුවාටත් අතීතයේ තිබූ ප‍්‍රවේණි ගත ආදායම් මාර්ග වලට යොමුවෙන්නට ඇති අපහසුව සහ සේවක ගැටලූ නිසා ඔවුන් තුලත් අර පෙර පැවති සත්ව පේ‍්‍රමය වියැකී ඒ වෙනුවට මූල්‍ය අභිමතාර්ථ ඉස්මතුවෙන්නට පටන් ගෙන.
   මෙන්න මේ වටපිටාව තුල වර්ථමාන හීලෑ අලි අයිති කරුවන්ට තම අලියා යොදාගනිමින් වර්ථමානයට ගැලපෙන ආදායමක් සොයන්නට අවස්ථාවක් සංචාරක ව්‍යාපාරයට පින්සිදුවන්නට ඔවුන්හට උදා වෙනවා.., ඒ රට තුලට එන සංචාරකයන්ව අලින් පිට ගෙන යාම, එසේත් නොමැති නම් ැකැචය්බඑ රසාැ යන ක‍්‍රමෝපාය තුලින්. අප කල විමර්ශණයේදී සොයා ගත් අන්දමට මසකට අලි අයිති කරුවාට රුපියල් 200,000ට ආසන්න වෙන මාසික ආදයමක් හිමිකර දුන්නත් අපට නොපෙනෙන කඩතුරාවකින් වැසී පවතින වෙසෙසින් ම අලියාට අහිතකර වන ක‍්‍රියා පටිපාටියක තොරතුරු එහිදී අපට සොයා ගන්නට ඉඩප‍්‍රස්ථාව ලැබුණා. 
සංචාරක ව්‍යාපාරයට යොදවන අලින් ගේ ආයු කාලය වෙනත් හීලෑ අලින්ට සාපේක්ෂව අඩු බවක් අපට එහිදී දැනගන්නට ලැබුණා. මීට හේතුව විදියට පෙන්වා දෙන්නට පුලූවන් වන්නේ අලින් පිට බඳින සංචාරකයන් ගෙන යන්නට භාවිතා කරන යකඩ කොටුව එහෙමත් නැතිනම් දිනපතා අලියා පිටට තබා බඳින ලෝහමය අට්ටාලයයි. මෙම අට්ටාලය භාවිතාවෙන් කෙටි කාලීනව අලියාට ආබාධ නැති වුවත් දිගු කාලීනව අලියාට ආබාධ ඇති කරනවා.., මීට හේතුව වන්නේ මෙම අට්ටාලය අලියාට තබා බඳිනා ආකාරය නිසාවෙනුයි.
ව්‍යාපාරය තුල සේවයේ යෙදෙන්නන් ඉහත කාරණා එළිලනවාට ඉතා තදබල ලෙස අකමැති වීමෙන්ම මින් එන සේවයේ යොදවන අලියාට  ඇතිවන බලපෑම පිළබඳව ඔබහට අදහසක් ගන්නට පුලූවන් වේවි.., මීට අමතරව අලියා නම් සත්වයා කැලේ සිටිනාවිට මොනයම් හෝ බරක් කර තබාගෙන යන්නට අවස්ථාව ලැබෙන්නේ නෑ.., ඉදින්.., මේ ඉතා චිත්තාකර්ශනීය වූ මේ elephant ride සේවාවට පින්සිදුවන්නට ස්වාභාවික පරිසරයට ඇල්මක් දක්වන අලියාට යකඩ අට්ටාලයකට අමතරව මිනිසුන් දෙදෙනෙකුගේ සිට හයදෙනකු අතර ප‍්‍රමාණයක් කර තබාගෙන එකම මාර්ගයක දවසකට ඉතා විශාල ගමන් සංඛ්‍යාවකට මුහුණ දෙන්නට වීම, ඉහත කීවා සේ අලියාගේ සිරුරට දීර්ඝ කාලීනව බලපෑමක් එල්ල වෙනවා. ඒ අතර දෛනිකව යකඩ අට්ටාලයන් සවීකිරීම නිසා අලියාගේ ඉළ ඇට තදවීම නිසාවෙන් ස්වසන අපහසුතා ඇති වීම ප‍්‍රධාන තැනක් ගන්නවා.., ඒ සත්වයෙක් හුස්ම ගැනීමේදී ඉළ ඇට කූඩුවේ ප‍්‍රසාරණයන්, සංකෝචනයන් ඊට සහයක් ලබාදෙන නිසාවෙන්.
ඉදින් හබරණ ආදී ප‍්‍රදේශ වලදී විනෝද ගමන් යාමේ දී අලින් පිට යන්නට ඔබ කවුරුන් හෝ අදහස් කරනවා නම් ඉහත කාරණා සැලකිල්ලට ගෙන දෙවරක් නොව තෙවරක් වත් සිතා බැලීම්න් අප මෙන්ම මෙලොව ජීවත් වීමේ අයිතිය ඇති, එහෙත් අවාසනාවකට අපි ඒ අයිතිය අපත් නොදැනම උදුරාගන්නට තැත්කරනා ඒ අහිංසක හීලෑ අලි පරපුර පිළිබඳ විමසුම් ඇස් හෙලන්නට ඔබත් මඳකින් හෝ උත්සහ කරනවා නම් ඒ උත්සහය ඔවුන්ගේ අනාගතය අංශුමාත‍්‍ර පමණකින් හෝ ආරක්ෂිත කරන්නට උදව්වක් වේවි.

2 කියවල මෙහෙම ලිව්ව ලු.:

Il mondo di una povera pazza said...

අපූරු සටහනක් ලිශ්. කොටින්ම අලියෙක් දැක්කම උඩ ගිහින් බිමට පැනලා කෑ ගැහුවට උන්ගේ පිටේ යන්න හෝ ඒ අයට අනිත් අය කරදර කරනවා දකිද්දි දුක හිතෙන්නෙත් ඔය හේතුව හින්දමයි.
අර ඒකො ටුවරිස්ම් ගැන කතා කරද්දි ඕක කොයි ටහ්‍රම් දුරට ලංකාවේ කරනවද කියලා මට නම් පැහැදීමක් නෑ. මිනිසා පරිසරයට හිතවත් වෙනකම් ඔය කිසිම දෙයක් සාර්තක නෑ කියලයි මට නම් හිතෙන්නේ. කොටින්ම ටුවරිස්ට්ලා බලාපොරොත්තු වෙන්නේ ඔය බිස්නස් කාරයෝ පෙන්වන්න හදන එක නම් නෙමෙයි කියලයි මට හැඟුනේ

Dilshan said...

අපූරු අදහසක්. සංචාරක ව්‍යාපාරයට පමණක් නොවෙයි පෙරහරවලත් විවිධ ඇඳුම් අන්දාගෙන කකුල් ගැටගසාගෙන ගෙනියන අහිංසක අලි කොයිතරම්ද? මේ හිංසනය ගැන කවුරුවත් කතා කරන්නේ නැත්තේ ඇයි?