මිනිහෙක් පොත් කියවීම නිසා සම්පූර්ණ වෙනවා කියන එක වෙන අයට අනුව ඇත්තක් උනත් මා සම්බන්දයෙන් ඇත්තක් වෙලා නෑ තවම, මොකද පිටස්තරයින්ට අනුව මමතවම පොත් කියැවීමේ මුල් මට්ටමේ ඉන්න කෙනෙක් නිසා.., අවට අත්දැකීම් එක්කාසු කරලා කවි කතා වැනි දේ ලිව්වත් මම තවම අදහන දෙයක් තමා මම තවම හැදෑරීමේ මූලික මට්ටමේ ඉන්න කෙනෙකු බව.
Wednesday, September 14, 2011
Tuesday, May 31, 2011
ආදරේ නාමයෙන් මුව හමට තැලීම
ඔබ කවදාක හෝ යුවතියකට/තරුණයෙකුට ආදරය කරනවා නම් මේ වන විට ඔහු හෝ ඇය සමඟ ඉතා මනරම් කාලයක් ගතකරමින් සිටින බවට සැකයක් නෑ.., Social Networks, Mobile, E-mail හා මේ වැනි බොහෝ දේ අස්සෙන් ගලනා ආදරය කාලයත් එක්කම යාවත් කාලීන වෙලා.., ඉස්සර ලියුම තුණ්ඩු කෑල්ලකින් හුවමාරු වෙච්චි ආදර දෙබස් වර්තමානය වෙනකොට නව තාක්ෂණය මුහුවීමත් එක්ක එක දිශානතියකට යටත් වෙලා ගලාගෙන යන වගක් හැඟෙණවා.
Friday, May 13, 2011
ඔබට කල හැකිදෑ බොහෝය. මේ ඉන් එකකි..!
සමාජය තුල කතා බහට ලක්වෙන ඉතා ඉහල ජන ප්‍රසාදයක් දිනාගත් මාතෘකාවක් තමා කුටුම්බය එසේත් නැතිනම් පවුල නැමති කුලකය ආශ්‍රිතව ගොඩ නැගෙන සාකච්ඡාවන්. මේ හේතුව නිසාවෙන් ම ලොවට විවිධාකාර නිමිතින් ඇති කරගෙන ලොව වටා යහපත් දරු පවුලක් ගොඩ නැගීම උදෙසා ලොව පුරා මේවන විට දරුවන්ට, මව්වරුන්ට, පියවරුන්ට, විශේෂයෙන් කාන්තාවන් උදෙසා විවිධ සංවිධාන , සැමරුම් දින, පුවත් පත්, රූපවාහිනී වැඩසටහන් මේ ආදී නොයේක් වර්ගයේ මාධ්‍යයන් තුලින් මේ පිළිබඳ හඬක් නැඟීමට ලොව පුරාවට විවිධාකාර ජනීජනයා එක්කාසු වෙමින් සිටියත්, සත්‍ය වශයෙන් ම අප ප්‍රධාන ප්රවාහයෙන් බලාපොරොත්තු වන ආකාරයේ සාධාරණයක් මේ අකටයුතුකම් වෙනුවෙන් ඉටු වෙනවාද..???
Friday, April 1, 2011
මිනිසා වූ කලී...,
මිනිසා වූ කලී අමුතුම සතෙකි.., විශ්වයේ සිටිනාවූ සියල් සත්වයින්ගෙන් මවුකිරට අමතරව අනුන්ගේ කිරිද පානය කරන, උපතේ සිට මරණය දක්වාම කිරිබොන එකම සත්වයා වන්නේද මිනිසාය.., ලොව දියුණුම සත්තවයා වුවද ලොව ඇති දුර්වලම ගතිගුණ ඇත්තේද මොවුන්ට ය.
ගතිගුණ අතිනුත් ගත්කල විවිධ කුලක වලට අයත් වන සත්වයින් හට ඇත්තේ එක හා සමාන ක්‍රියාකරකම් වුව.., මනුස්සයාගේ එලෙස නැති. එකිනෙකාට වෙනස් ගතුගුණ ගිණිය නොහැකි තරමට ම මනුස්සයා විවිධාංග වලින් සජ්ජිත වෙති. අවිහිංසාව ගැන කතා කරතත්.., වැඩිම සත්ව සංහාරයන් වලට දායක වන්නේද මිනිසා ය. එමෙන්ම පරිසරය රැක ගැනීම ගැන කොතරම්ම ම පෙරමුණ ගෙන කටයුතු කරද වැඩිම පරිසර දූෂණය සිදුවන්නේද මිනිසා නැමති සත්වයාට පිං සිදුවන්නට ය.

Subscribe to:
Comments (Atom)