Friday, October 8, 2010

ට්වේන්ගේ රසමුසු කතා

සැමුවෙල් .එල්. ක්ලෙමන්ස් ව අප වඩාත්ම අසා ඇත්තේ ඔහුගේ සත්‍ය නමින් නොව ලිවීමේදී භාවිතකල කතුවර නාමය වූ "මාර්ක් ට්වේන්" නමිනි. ට්වේන් යනු මේ දක්වාම සිය ජනප්‍රියත්වය නොනසා පවත්වාගෙන යන කතුවරයෙකි. ඔහු කතුවරයෙකු මෙන්ම හාස්‍ය කතා කරුවෙක් ද විය. ජීවිතයේ සමහර සන්ධිස්ථාන වල දී කල කී දෑ වල වෙනසක් නොවුනත් අදාල සල්ලාපයන් හිදී ඔහුගේ වදන් භාවිතය අපට ගෙනෙන්නේ රසය නොනසා ගත් හාස්‍යයකි..,
පහත උපුටනයන් ලබා ගත්තේ දෙල්තොට චන්ද්‍රපාල මහතාගේ රසමුසු කථා කෘතියෙනි.


අමාරු නැද්ද?
මාක් ට්වේන් බහුවිවාහයට එරෙහිව ලියූ ලිපියක් පිළිඹඳව වරක් එක් පුද්ගලයෙක් අභියෝග කලේය. බහු විවාහයේ වැරදි කීමට පිළිගතහැකි කරුණක් කියන්නැයි ඔහු ට්වේන්ට කීවේය.
"ඒක සුළු දෙයක්" කී මාක්
" හොඳයි මිනිසෙකුට අමාරු නැද්ද ස්වාමි වරුන් කීපදෙනෙක්ගේ අණසකට යටත්ව ඉන්න"

යැයි කීවේය.

පැමිණීමෙත් සිදුවීමෙත් සම්බන්ධයක් නෑ.
වරෙක එංගලන්තයට පැමිණි අවස්ථාවක, එදිනට පසු දින පුවත්පත් වල ඔහුගේ පැමිණීම ගැන "මාර්ක් ට්වේන් පැමිණෙයි" යන පුවතත් ඒ අසළම "රන් දුම් රිය කොල්ලකයි" පුවතත් එක ළඟ ප්‍රධාන පුවත් ලෙස පලවී තිබිණ.
මෙය දුටු ට්වේන් "මගේ පැමිණීමත් දුම් රිය කොල්ලයන් අතර සම්බන්ධයක් නැති බව පත්තර වල මහත්වරුන්ට කියන්න ඕනැ" යැයි කීවේය.

පින්තූරය දෙස බලාගෙන රැවුල කපනවා
සිය ජීවිත කාලය තුලදී මාක් ට්වේන් කොතරම් ජනප්‍රියව සිටියේද යත් බොහෝ අය තම ඡායා රූ එවමින් තමා මාක් ට්වේන් හා සමාන බව කීහ. මේ කරදරයෙන් හෙම්බත් වූ ට්වේන් ඒ හැමදෙනකු වෙත යැවීමට එක් ලිපියක් මුද්‍රණය කරගත්තේ ය. ඒ මෙසේය.
"හිතවත් මහත්මයාණෙනී, ඔබේ ලිපිය හා රූපය එවීම පිළිබඳව ස්තූතිය පුදකරන අතරම මා වාගේ කියන අනෙක් අයට වඩා ඔබ මා හා බෙහෙවින් සමාන බව පෙනේ. මම දැන් ඔබේ රූපය මා ඉදිරියෙන් තබාගෙන රැවුල බැමට පුරුදුව සිටිමි"

දේශනයක් තියෙනවාලු! බිත්තරත් විකුණුවා!
වරෙක ර්වේන් ඈත කුඩා නගරයකට දේශනයක් සඳහා ගියේය. නගරයේ කිසිම තැනක ඔහුගේ දේශනය ගැන වූ දැන්වීමක් නොවීය. පුදුමයට පත් ට්වේන් නගරයේ තිබූ විශාල වෙළඳ සලකට ගොස් එහි අයිතිකරු හමුවිය.
"අද සවස නගරයේ දේශනයක් තියෙනවා කියන්නේ ඇත්තද?" මාක් විමසීය.
"මට ආරංචියි දේශනයක් ද මොකද්ද තියෙනවා කියලා. ඇත්ත වෙන්න ඇති. අද බිත්තර සැහෙන්න විකුණුණා" වෙළඳසල් හිමියා පිළිවදන් දිනි.

මකුළුවා සොයන දේ
අමෙරිකාවේ මිස්යුරි හි පුවත්පත් කතෘව කලෙක දිනක් පාඨකයෙකුගෙන් ඔහුට ලිපියක් ලැබිණි. තමන් මිලයට ගත් පුවත්පතේ මකුළුවෙකු සිටි බවත් එය අසුභ ලකුණක් ද? යන්න ඉන් අසා තිබුණි.
ට්වේන් සිය අදහස ලෙස
පුවත්පතේ මකුළුවෙකු සිටීම සුභ හෝ අසුභ ලකුණක් නොවේ . එම මකුළුවා විපරම් කර බලන්නට ඇත්තේ අපේ පත්‍රයේ දැන්වීම නොදමන වෙලෙන්දා කවුරුන්දැයි සොයාබලා එතැනට ගොස් ඉදිරිපස දොරටුවේම දැලක් වියාගෙන කාටවත් කරදරයක් නැති නිස්කලංක ජීවිතයක් ගත කිරීමට විය හැකියැ' යි ලියා යැවීය.

බිෂොප් වරයාට ට්වේන්ගෙන් තෑග්ගක්
ඉරුදින උදයේ දේවස්ථානයට ගිය මාක් ට්වේන්ට සවන් දෙන්න ලැබුණේ ඇල්බනි හි බිෂොප් ආචාර්ය ඩෝවන් තුමාගේ දේශනයකට ය.
දේවමෙහෙය අවසායේ බිෂොප්තුමා වෙත ගිය ට්වේන් මෙසේ කීවේ එතුමාගේ දේශනය අගයමිනි.
"කාලයකින් අහපු හොඳ දේශනයක් ආචාර්ය තුමා.., ඒත් ඔබතුමාට කිව්වම මොකද, ඒ දේශනයේ කියපු හැම වචනයක් ම තියෙන පොතක් මගේ පුස්තකාලයේ තියෙනවා නෙව."
"වෙන්ඩ බැහැනේ එහෙම පොතක් තියෙනවා නම් මම ඉතා සතුටුයි එය කියවන්නට" බිෂොප්තුමා පුදුම වී කීවේය.
පසුදින උදයේ නිවසේ තිබූ ශබ්දකෝශය බිෂොප් තුමා වෙත යවන්නට කටයුතු කලේය.

දෙපැත්තේම මිතුරන් සිටින බව
වරක ට්වේන් සහභාගි වූ සාදයක් රැස්වූ අය අතර අපාය හා ස්වර්ගය පිළිබඳව වූ කතා බහ කෙමෙන් කෙමෙන් වාදයක් බවට පත් විය. එහි සියි කාන්තාවක් පැත්තකට වී නිහඬව මේ දෙස බලා සිටි මාක්ට්වේන්ගෙන් මෙසේ ඇසුවාය.
"ඔබතුමා මොකද මේ ගැන වචනයක් වත් කතා නොකර ඉන්නේ?"
"මට එක පැත්තකට වත් කතා කරන්න බැහැ. ඔය දෙපිලටම මගේ යාලුවෝ ගිහින් ඉන්නවා."

2 කියවල මෙහෙම ලිව්ව ලු.:

මාරයාගේ හෝරාව said...

කතා ටික නං මල් මසුරං කිව්වළු...
එහෙම කිව්වෙ මාරයා ලු...

Ansh Lucky Sri Jay said...

සුපිරි පෝස්ට් එකක් ලිශා..!!