ඇත්තට ම අපි යාපනය ගැන දන්නේ මොනවාද..? මේ වන විට ඉතාම සීග්‍ර දියුණුවක් අත්පත් කරගනිමින් සිටින හා පහුගිය කාලයේදී රටේ ඉරණම පෙරලන්නට හේතු කාරක වූ සිද්ධි ඇතිවන්නට සහාය සැපයුනු බිම් කඩක ලෙස ප්‍රසිද්ධියට පත් ප්‍රදේශයක් ලෙස අප දන්නවා හැරෙන්න ට ඉන් ඔබ්බට අප මේ යැයි කියන්නට තරම් දෙයක් නොදන්නා තරම්.
අන්ධ වීණා වාදකයා.
ඈත අතීතයේ දකුණු ඉන්දියාවේ සංගීත ශාස්ත්‍ර විශයේ ඉතා දක්ෂ වූ අන්ධ වීණා වාදකයෙකු විය. ඔහුට නිතොර ආහාර පාන සපයාදීම ට අපොහොසත් වූ ඔහුගේ බිරිඳ නිතර නිතර ඔහුව හිරිහැරයට ලක් කරන්නට විය. සිය බිරිඳ වුවත් ඇයගේ නොමනාපකම් නොඉවසූ මේ අන්ධ සංගීතඥයා තමා ලක්දිවට යන බවත් එහි වාසය කරන ධාර්මික වූ රජුට සිය දුක කියා යැපීම සඳහා පිහිට යදින බවත් දිනෙක සිය බිරියට කියා සිටියේ ය.
සිය සැමියා වුවත් මේ අන්ධ වී සිටින මිනිසාව හැල්ලුවට ලක් කෙරූ ඒ ගැහැණිය අවසන ඔහුව නිවසින් පන්නා දැමීම ට කටයුතු කලේ ය. සිය වීණාව පමණක් රැගෙන නැව්තොට දක්වා ගිය මේ අසරණ වීණා වාදකයා නැව්තොටේදී ම සිය වීණාව වාදනය කරවා සියල්ලන්ගේ ම ආදර කරුණාවට පාත්‍ර වී ලක්දිව බලා ඒමට කප්පිත්තාගෙන් අවසර ලබා ගත්තේය.
රජු බැහැ දැකීම, පඬුරු ලැබීම.
ලක්බිමට ගොඩ බට පසුව අනුරාධපුරයට පැමිණි මේ වීණා වාදකයා.., එවකට සිරිලක රජකම් කෙරූ පූලහත්ත රජු බැහැ දකින්නට එතුමා ඉදිරියට පමුණුවන ලෙඩ ඇමැතිවරුන් ගෙන් ඉල්ලා සිටියේය. අන්ධ වාදකයෙකු සිය රජු ඉදිරියට පැමිණවීම අසුභ දෙයක් බව කල්පනා කල ඇමතිවරු ඔහු ඉල්ලීමට ඉඩ නොදෙන්නට විය. අවසානයේදී අන්ධ සංගීතඥයාගේ කන්නලව්වනිසාම රජ ඉදිරියට නොපමුණුවා තිරයකින් ඔහුව ආවරණය කර වීණා වැයීම පමණක් ඇසෙන ලෙස සිය වාදනය කරවන ලෙස වාදකයා හට ඉඩ හසර ලබා දුන්නේය.
වාදකයාගේ මධුර මනෝහර වාදනයෙන් මුසපත් වූ පුලහත්ත රජතුමා වාදකයාට නොයෙකුත් තාන්න මාන්න දී එයිනුත් සැහීමට පත් නොවී ඒවකට රාජකීයත් වයේ සංඛේතය බඳු වූ ඇතෙක් හා " යාපා පටුන" නම් වූ භූමිප්‍රදේශයක් උරුම කරදුන් නමුත් එහි තනිව ජීවත් වීමට අපහසු නිසා ඒ බව රජුර දන්වා දැසි දස්සන් ගෙනවා ගැනීමට රාජ වසරය පැතුවේය. ජරුගෙන ලද අවසරයෙන් ඔහු දකුණු ඉන්දියාවෙන මිනිසුන් ගෙනවාගෙන කෘෂිකර්මාන්තය දියුණු කරගෙන ජීවත් වන්නට විය.
නම් ලැබීම, ආක්‍රමණ හා බලය පැතිරවීම.
වීණා වාදකයෙකුට අයිති යන අරුතින් මෙයට " යාල්පානම්" යනුවෙන් දමිල බසින් ව්‍යවහාර කිරීමට පටන් ගෙන ඇත. "යාල්" යනු ද්‍රවිඩ බසින් වීණාවට කියන නමයි. "පානම්" යනු වාදකයාගේ භූමිය යන්නයි.
වීණා වාදකයාගේ මරණින් පසු දකුණු ඉන්දියාවෙන් මෙහි පැමිණි සිටි "සිංහ අරිය" නම් තැනැත්තා තමන්ටත් තම නැයින්ටත් පිහිට වූ අනුරාධපුර රජු සමඟ යුධ වැදී මන්නාරම දක්වා සිය බලය පතුරවා ගත්තේ ය. ඉන්පසු ක්‍රි:ව: 1304 දී යාපහුව දක්වාද බලය අල්ලා ගන්නා ලදී. ඔහුට පසු බලයට පත් තවත් රජකෙනෙක් හලාවත් මීහමුව දක්වා වූ මුහුදුබඩ තීරයේ බලය පතුරවා ගන්නට විය. ක්‍රි:ව: 1371 දී අලකේශ්වර සෙනෙවියා විසින් නැවත් එම බලය යාපනය දක්වාම පසුබස්වන ලදී. ක්‍රි:ව: 1415 දී කෝට්ටේ රජ වූ හයවැනි පරාක්‍රමබාහු රජු විසින් මෙහෙය වූ සපුමල් කුමාරය විසින් වීණා වාදකයාට දුන් යාපා පටුන නැවත එක්සේසත් කරේය. 1469 දී සපුමල් කුමරු, හයවැනි බුවනෙකබාහු නමින් රජ පැමිණි කල වීණා වාදකයාගෙන පැවතෙන්නන් කළගුණ සලකන ජාතියක් ලෙසට පසු කලක් යන තුරු ම සාමකාමීව ජීවත් වූහ.
පසුකලෙක යාපනය නගර සභාවේ ලාංජනය ලෙසට වීණාව යොදා ඇත්තේ ඉහත කී වීණා වාදකයාට කරන සැලකීම ලෙස විය හැකිය.
12 කියවල මෙහෙම ලිව්ව ලු.:
ඉතාම වටිනා පෝස්ට් එකක්... මේ ඉතිහාස කථාව වර්ගවාදීන්ට වගේම වටිනාකමක් නැති පුහු වීරයන්ටත් කියවලා බලන්න වටිනවා...
බොහොම ස්තූතියි සහෝ. නොදන්නා වටිනා දෙයක් දැන ගත්තා. මම යාපනේ යන්න කලින් මේ දේ දැනගෙන හිටියානම් මේ ගැන ඒ අයගෙන් අහන්න තිබුනා. අපරාදෙ.
මේ වගේ තථාවක් මම අහලා තියෙනවද කොහේද පොඩි කාලේ.
ස්තුතියි අපිතෙක්කා හදා බෙදා ගත්තට.
මේ කතාව පොඩ්ඩක් අහලා තිබ්බට අද තමයි හරියටම දැනගත්තේ. ස්තූතියි සහෝ පෝස්ට් එකට.
වැදගත් වටිනා ලිපියක්. මේ කතාව ඇහුවෙ අදමයි. මටනම් හිතෙන්නෙ මේක පාසල් පොතක පාඩමක් විදිහටත් ඇතුලු කළ යුතු කතාවක් විදිහට
yepp...
nice post machan.
Great
nice post..!
maru..!!!!!!!!!!!!!!
:)
ලිෂ් . . ලිෂ් . . උඹ කොහෙන්ද බං මේ වටිනා පුරාවෘත්ත හොයා ගන්නේ. එහෙන් තුන්පත් රටා එකට වටින බ්ලොග් පෝට්ස් ලියනවා. මෙහෙන් රස්තියාදු කතා එකට ඉතිහාස කතා ලියාන්වා. . . (මේවා නම් රස්තියාදු කතා නෙමේ බන් . .) නියමයි මලේ . . නියමයි . . උපරිමයි . . .
අදයි දැන ගත්තේ මේ කතාව ...
බොහෝම තුති
ඇත්තමයි.... මමත් දැනගත්තෙ අදමයි. ගොඩක් පින් මල්ලි ඔයාට...
කොහොම හරි, කළගුණ නොදන්න අයට වෙන දේ ගැන කියවෙන කථාවක් නේ...
ගෙදර ගිහින් ලොකු දූටත් ගියල දෙනවාමයි!
ඉතිහාස දැනුමට අලුත් කොටසක් එකතු උනා. ස්තූතියි මචන් මේක අපිට හොයලා දුන්නට....
Nice imagination. Do you know veenaa and yarl are different instruments. Both are Tamil Instruments. The Veena word also pure Tamil words. Singallese used as Veena.
Post a Comment