මට මේක අහන්න ලැබුනේ ඊයේ.., ඒ අපේ ගෙදරට ආපු අයියා කෙනෙක් නිසා.., ඔහු ළඟදී විවාපත් වීමට සූදානම් ව සිටින කෙනෙක්. අපි දෙදෙනාගේ සංවාදය නෑයින්ගෙන් පටන්ගෙන දේශපාලනය, ආර්ථිකය, සමාජීය වගකීම් අතරින් ගලාගෙන ගිහින් ආදරය විවාහය වැනි පුලුල් මාතෘකා අතරටද විහිදුනා. මේ අතරෙදී ප්‍රේමණීය සිතුවිලි ඇතිවීම හා එය ප්‍රකාශයට පත්වීම , ආදරය හා විවාහය යනු ඇත්තට ම කුමක්ද කියන ගැටලුවට ඔහු ලබාදුන්නේ හරි අගේ ඇති පිළිතුරක්.
ආදරය..,
එක්තරා දවසක විශ්වවිද්‍යාල සිසුවෙක තම සමාජ විද්‍යා ගුරුවරයා වූ එක් මහාචාර්ය වරයෙක් සමඟ කතාබහක නියැලී හිටියා.., ඔහුගේ පැනය වූයේ ද ඉහත දී අර අයියා හට යොමු කල මගේ පැනයම යි.
සර් ඔබතුමා හිතන විදියට ආදරය හා විවාහය කියන්නේ ඇත්තට ම මොකද්ද...?
මම ඔබට එයට සෘජු පිළිතුරක් දෙනවාට වඩා මෙහෙම කාර්යයක් නියම කරන්නම්.., යන්න ගොවිපොලකට, එහි තිබෙන බඩ ඉරිඟු වගාවකට [corn] යන්න. ඔබට පෙනේවි එහි තිබෙන්නේ බඩඉරිඟු වගාකර, හරි පේලි වශයෙන් බව.., එක කොණකින් පටන් ගෙන එම පේලිදිගේ ගොසින් වගාවේ ඇති ලොකුම බඩ ඉරිඟු කරල කඩාගෙන එන්න. එහෙත් මෙහිදී එක කාරණයක් සැලකිල්ලට ගන්න. ඔබට එක පේලියක යා හැක්කේ එකවරක් පමණයි.
මේ ආකාරයෙන් ගුරුවරයා සිසුවාට තම නිශ්චයන් ලබාදුන් පසුව ඔහු බඩ ඉරිඟුවගාවකට ගොසින් ලොකුම කරල තෝරන්නට උනා.පැය කිහිපයක් අවසානයේ සිසුවා ගුරුතුමා වෙත පැමිණියේ විශාල බඩඉරිඟු කරලක් සමගින්.
කොහොමද..?
ඔබ මේ රැගෙන ආවේ වගාවේ ලොකුම බඩඉරිඟු කරල ද?
ඔව් මම බඩඉරිඟු කරල දෙස බලමින් යනවිට හොඳම එක විදියට මේ කරල තෝරාගත්තත් මට දැන් හිතෙනවා මීට වඩා ලොකු කරල් වගාව ඇතුලේ තිබුණ.., ඒත් මට ඒවා පහු වුණා කියලා.
එවිට ගුරුතුමා සිසුවාට මෙසේ කියන්නට උනා.
ආදරයත් ඒ වගේ.., ආදරය තුලදී අපි හොයන්නේ හොඳම එක. එහෙත් ඒ හොඳම ආදරය අත්පත් කරගත්තාට පසුව අපිට හිතෙන්න ගන්නවා.., මීට වඩා හොඳ තෝරාගැනීම අප කල යුතුව තිබුනා නේද කියා..
විවාහය
විවාහය ගැන සිසුවා විමසා සිටීමේදී ගුරුතුමා කියා සිටියේ ඉහත ක්‍රමවේදය මයි. ඒ.., බඩ ඉරිඟු වගාවකට ගොසින් එහි ඇති ලොකුම කරල තෝරාගෙන එන්න. ඒවගේම එයට පැනවූ නීතියද එක හා සමාන උනා. ඒ., ඔබට එක පේලියක යා හැක්කේ එකවරක් පමණක් බව.
මෙසේ කියූ විට සිසුවා පෙරපරිදිම වගාව තුලට ගොසින් ලොකුම ඉරිඟු කරල නිරීක්ශණය කරන්නට උනා. එහෙත් මේ වතාවේදී ඔහු ආදරය ගැන ඇසූ පැනයේදී ට වඩා සැලකිලිමත් උනා.., ඒ වගාවේ ඔහුට හමුවෙන මුල්ම විසාල ම බඩ ඉරිඟු කරල තෝරාගෙන ඒමට. බඩඉරිඟු කරල කඩාගෙන ගුරුවරයා ඉදිරියට ඒමේදී ගුරුතුමා ඇසුවේ ඉගත ගැටලුවම යි.
කොහොමද..?
ඔබ මේ රැගෙන ආවේ වගාවේ ලොකුම බඩඉරිඟු කරල ද?
ඔව් එහෙත් මම වගාවට ගොසින් මුලින් ම තිබෙන ලොකුම කරල කඩාගේ ආපසු හැරුනා.
පුතා විවාහයත් ඒවගේ.., ඔබ ආදරයේදී හෙව්වේ හොඳම එක., එහෙත් එය හොඳම එක නොවේ යැයි ඔබ සිත තුලින් තැවෙන්නට උනා. නමුත් ඔබ විවාහයේදී ඔබට ලැබුණු දෙයින් සැහීමට පත්වුනා. නො එසේනම් එසේ පත්වෙන්නට ඔබ ඔබටත් හොරා ඔබේ යටිහිත හිත හදාගෙන.
දැන් තේරුනා නේද ආදරයේ හා විවාහයේ වෙනස...?
.::Bohemian::.
3 කියවල මෙහෙම ලිව්ව ලු.:
ඒකනම් විශිෂ්ඨ පැහැදිලි කිරීමක්. ආදරයයි, විවාහයයි කියන්නෙ බඩ ඉරිඟු වගාවක ලොකුම බඩ ඉරිඟු කරල එකවරකින් හොයන්න උත්සාහ කරනවා වගෙ....
මමත් මේක කියවල තියෙනවා කාලයකට පෙර . . ඊයේ පෙරේදත් ඊමේල් එකකින් අවා. අන්තර්ගතය ගැන කතා කලොත් . . කොයි තරම් ලොකු ඇත්තක්ද මේ කතාවේ ගැබ් වෙලා තියෙන්නේ . . . විවාහ වුනු අය 100කගෙන් අහල බලන්න පිලිතුරු . . . .
Post a Comment