එක් බසක් උපදින්නේ තවත් බසක් දෙකඩ වීමෙනි. මාලදිවයිනේ අද භාවිතා වෙන "සදිවෙහි බස" උපන්නේ සිංහල බස දෙකඩ වීමෙනි. එසේම සිංහල බස උපන්නේ ඊට කලින් භාවිත වුනු බසක් දෙකඩ වීමෙනි. සිංහලයේ උපතට මූලාශ්‍ර වූ මේ බස කුමක් ද? එය ඉන්දියාවෙහි භාවිතා වුණු එකක් ද?
සිංහල බසේ උපතට හේතු වුණු ඉන්දියානු බස නැගෙනහිර ඉන්දියාවේ භාවිත වුණු වංග බස යැයි බොහෝ වාග් විද්වත්හු අනුමාන කරති. ඊට හේතුව මහාවංශය වැනි වංශ කතා වල එන එකතරා පුවතකි. ඒ අනුව වංග රටින් පිටුවහල් කරනු ලැබූ පිරිසක් අහම්බෙන් මෙන් මේ දිවයිනට සේන්දු වූහ.
මේ පිරිසේ නායකයා වූයේ විජය නම් කුමාරයායි. මේ කුමාරයාගේ හැසිරීම ගැන අසතුට ට පත් වුනු ජනතාව , ඔහුත්, ඔවුන්ගේ අනුගාමිකයිනුත් රති පිටුවහල් කරන මෙන් රජතුමාගෙන් ඉල්ලා සිටි බව මහාවංසය සඳහන් කරයි. අකමැත්තෙන් වුවද සිය පුත්කුමරා වංග දේශයෙන් පිටුවහල් කිරීමට සිංහබාහු රජතුමාට සිදුවිණ.
විජය කුමරා ඇතුලු මේ පිරිස මේ දිවයිනට සේන්දු වූයේ බුදුන් වහන්සේ පිරිනිවන් පාන පිනිස කුසිනාරා නුවර සල්ගස දෙකක් අතර වැදහොත් දිනයේ බැව් වංසකතාකරුවෝ කියති. එසේ නම් විජය රජතුමා මෙරට ට පැමිණ ඇත්තේ අදට වසර දෙදාස් ගණනක ට උඩදී බව පෙනේ.
විජය කුමරා පැමිණියේ පාළු දිවයිනක ට නොවේ. ඒ වන විටත් නොයෙක් ගෝත්‍රවල මිනිසුන් මෙහි විසූහ. තවද ඔව්හු දියුණු ශිෂ්ඨාචාරයකට හිමිකම් කියන්නෝද වූහ. යක්ෂ නම් ගෝත්‍රයට අයත් කුවේණි නම් කුමරියගේ නෑදෑයන් හඳුනා ගත් විජය කුමරා ඇතුළු පිරිස මෙහි පදිංචි වූහ. ඔව්හු මේ දිවයිනට තම්බපණ්ණි හෙවත් තම්මැන්නා යයි නමක් දුන්හ. කොළොම් ඔය ඔස්සේ අනුරාධපුරය දෙසට පැමිණ ඔව්හු ජනාවාස පිහිටුවා ගෙන ගොවිතන් බත් කරන්නට පටන් ගත්හ. දිවයිනේ විසූ යක්ෂ ගෝත්‍රිකයන් ඇතුළු ආදිවාසීන්ගේ උදවු උපකාර ඔවුනට ලැබිණි. විජය ඇතුළු පිරිස මෙහිපැමිණියේ වංග දේශයෙන් නිසා ඔවුන් කතා බස් කළ බස හැඳින්විය යුත්තේ වංග භාශාව යන නමිනි. කලක් යනවිට වංග දේශයේ ජනතාව හා තිබූ සන්නිවේදන සම්බන්ධකම් කෙමෙන් කෙමෙන් අඩු වන්නට විය. මෙහි විසූ ආදිවාසීන් ගේ කතා බහ ඔවුන් කෙරේ බලපාන්නට විය. මේ හේතුව නිසාවෙන් වංග බස නව මුහුණුවරක් ගනිමින් වැඩෙන්නට විය.
වංග බසේ ඇතම් පදවල යෙදුණු "ආ" ශබ්දය මෙහිදී කෙටි ශබ්දයක් බවට පත්විණ. මින් ඇතැම් "ආ" ශබ්ද යෙදුනේ පදයක ආරම්භයේදීයි.
| වංග බස | තම්බපන්ණි බස |
| ආකාශ ආභරණ ආරාම ආහාර | අහස අබරණ අරම අහර |
ඇතැම් "ආ" ශබ්දයන් යෙදුනේ ව්‍යංජන ශබ්දයකට පසුවයි.
| වංග බස | තම්බපන්ණි බස |
| කාල නාම විශාල උපාසක | කල් නම් විසල් උපසක |
| වංග බස | තම්බපන්ණි බස |
| සංඛ දීර්ඝ ධර්ම භාෂා | සත් දිගු දම් බස් |
| වංග බස | තම්බපන්ණි බස |
| උපදේශ අපාය දීප පාප | උවදෙස් අවා දිව් පව් |
| වංග බස | තම්බපන්ණි බස |
| චන්ද්‍ර චතුර චීවර චෝර | සඳ සතර සිවුරු සොර |
| වංග බස | තම්බපන්ණි බස |
| කරම කර්ණ දන්ත කාන්තා | කම් කන් දත් කත් |
මේ ආකාරයෙන් වෙනස් වන්නට වූ වංග භාෂාව හඳුන්වන්නට අලුත් නමක් ද යොදා ගැණින. සිංහ බාහු රජතුමා ගේ පුත් කුමරා වූ විජය රජුට සිය පියාණන් ගේ සිංහ සම්බන්දකම් මතක් වන්නට ඇත. ඒ අනුව මේ අලුත් භාෂාවට " සිංහල " යන නම ලැබිණ.
මාලදිවයිනට ගොස් පදිංචි වූ සිංහලයන් දෙවෙහි බස් නමින් නව බසක් බිහි කලාක් මෙන් ලංකාවට පැමිණ අලුතින් පදිංචි වූවෝ සිංහල නමින් අලුත් බසක් බිහි කළ හ.
[මූලය: වැඩෙන බසක රූ සොබා]
මාලදිවයිනට ගොස් පදිංචි වූ සිංහලයන් දෙවෙහි බස් නමින් නව බසක් බිහි කලාක් මෙන් ලංකාවට පැමිණ අලුතින් පදිංචි වූවෝ සිංහල නමින් අලුත් බසක් බිහි කළ හ.
5 කියවල මෙහෙම ලිව්ව ලු.:
තොරතුරු වලට තුති,
වංග බසින් "බස" ට කිව්වේ "භාශාව"
කියල ද? "භාෂාව" කියලා නෙවේද?
සිංහල බසත් ඇතුලු වන ඉන්දු-යුරෝපීය භාෂා පවුල ගැන හොඳ ලිපියක් විකිපීඩියා වල තියෙනවා. ඒ භාෂාවල් එකිනෙකට දක්වන සම්බන්ධයත් පෙන්වල තියෙනවා.
http://en.wikipedia.org/wiki/Indo-European_languages
තම අදහස් පල කලාට දෙදෙනාට ම තුති.
@අඛිල : සමාවන්න, එය මගේ වරදක්. වරද පෙන්වා දුන්නාට ගොඩාක් ස්තූතියි මිතුර.ඔන්න එය නිවැරදි කළා.
@The Chinthaka: භාෂා ගැන හොඳ ලිපියක් ම තමා. ස්තූතියි ඔබට විකී සබැඳුම මෙහි පළ කලාට.
ගොඩක් වටින ලිපියක් ලිෂාන් ආසාවෙන් කියවන්න පුලුවන් ඉදිරියටත් මෙවනි තොරතුරු ඉදිරිපත් තරයි කියලා හිතනවා ස්තුතියි !
මෙහෙමයි ඉතින්. මහාවංශේ තියන එකත් හරිමයයි කියල පිළිගන්න පුළුවන්ද කියල සැකයක් තියනවා. මොකද, මෙහේ ජනයා හොරෙක් - දාමරිකයෙක්ගෙන් පැවත එනවායැයි කියන්න ඕනෑ කාටද? මම නං හිතන්නේ (ආවානම්) විජයත් ඇවිල්ලා ඔහේ ඉන්න ඇති. අපේ හිටපු මුත්න් මිත්තන්ගෙන්ම තමා අපි පැවතෙන්නේ.
ඒක කොහොම වෙතත් සිංහලය පැවතෙන්නේ වංගයෙන්ම කියලා කෙලින්ම කියන්න බෑ. ගොඩක් වචන ඉස්සර තිබුනු දඹදිව කියන රට - ඉස්සර දඹ දිව තිබුනු භූමියේ දැන් තියෙන්නේ ඉන්දියාව කියලා අලුත් රටක්. ඒ මිස "ඉන්දියා" කියන්නේ "දඹදිව" අලුත් නම නෙමෙයි - ආශ්රිත භාෂාවල එකම විදියට යොදා ගැනෙනවා. ඒ නිසා සිංහලේ මුල් බස වංග කියනවට වඩා, දඹදිව ආශ්රිත භාෂා සමූහය එකට වැඩුනු සහෝදර භාෂා කියලා හැඳින්වීම තිවැරදිව තොරතුරු ලැබෙන තෙක් සාධාරණයි.
Post a Comment