Monday, August 3, 2009

මසැස , මනැස සහ තෙවන ඇස.

විවරණය..>
                      උප්පත්තියේ සිටම පවතින්නා වූද, උඩ, යට, වම හා දකුණ යන චතුර්විද ප්‍රදේශ වලට චලනය කල හැකි භෞතික දේ පමණක් පෙනෙන අවයවය "ඇස" හෙවත් මසැස නම් වෙයි. භෞතික දේ පමණක් පෙනෙන ඉහත පැවසි මේ අවයවය තුලින් පෙනෙන දේ තුල ඇති අරුත, විදග්ධ බව, ලාභාලාභ බව ගණනය කරණු ලබන්නේ,මන තුල පවතින ඇස හෙවත් මනැස තුලිනි. මනැසින් බලාගන්නා ලද තීරණ වැරදි නිවැරදි මත සහිත කෝවක බහා ඉන් අත්වන තීරණය චෛතසික වලට දැනුම් දී ඒ අනුව සිතද, සිතට අනුව ගතද ක්‍රියාකරවන අංගය තෙවැනි ඇස හෙවත් අදිසි හස්තය ලෙස නම් කල හැකිය.
demon-eye-by-treehouse-charms
"විටෙක නිවැරදි තීරණ හා වැරදි තීරණ ගන්නා මේ අංගාත්‍රය මනුසමාජය තුල හැම කෙනෙකුටම වාගේ ඇතත් මින් බොහෝවිට ප්‍රයෝජන ගන්නේ මසැසින් පමණි."

හරි දේ වැරදි දේ...>
මූලිකවම අප පිළිගත යුතු දෙයක් තියෙනවා. ඒ නම්..,අපට හරි කියා පෙනෙන දේවල තව කෙනෙකුට වැරදි වෙන්නට පිළිවන්. බොහෝවිට මෙහි කණපිට ද විය හැකියි. යම දුටුවිට මසැස, මනැස හෝ තෙවෙනි ඇස හෝ කුමකින් දුටුවත් හරි වැරදි කියා බෙදන්නට නොහකියි.

නිදසුන අංක 01

නිදසුනක් විදියට අපි " මිනිසෙක් බල්ලෙකුට ගහනවා දැක්කා "කියා සිතමු. අනිවාර්යයෙන්ම ඒ දේ වැරදීයි කියා ඔබ සිතාවි. නමුත් ඒ බල්ලාට ගැසූ මිනිසාගෙන් ඇසුවොත් ඒ ගහන්නට හේතුව, ඔහු කීවොත් " ඒ බල්ලා මාව කන්න පැන්නා " කියා.., එවිට කාගේ තීරණයද හරි..? කවුරුවත් අත නෑ නේද..? ඒ කියන්නේ ඒ දෙන්නම හරි. අපි පවු කිව්වේ ඒ මිනිසා බල්ලාට ගහනවා ගහනවා දුටුනිසා.. ඒත් බල්ලාට මිනිසා ගසා තිබෙන්නේ ඌ මිනිසාව කන්නට පැනපු නිසායි.

මේ තත්ත්වය අප වටා ඇති අනික් දේ වලටත් අදාලයි. මේ ලෝකේ සභ්‍ය හෝ අසභ්‍ය කියා දෙයක් නෑ. වෙනස තියෙන්නේ අප ඒ දිහා බලන විදිය අනුවයි. තිත්ත උනත් මේ සත්‍යය අපි භාරගත යුතුයි..!

නිදසුන අංක 02

කාන්තාවක් පිරිමියෙකු සමඟ මෛථුනය [ ලිංගික සංසර්ගය, ලෝකාස්වාදනය] සිද්දකරමින් සිටින පිංතූරයක් අපසතුයි කියා සිතමු. එය දකින සමහර අය කියන්න පිළිවන් " චිකේ මහ වල් පිංතූරයක්.., මට නම් බලන්නවත් බෑ.., මුං මේවා කොහොම බලනවාද මංදා " කියලා.., නමුත් සමහරෙක් කිව්වොත් "ෂහ් මාර කලාත්මකයි..! හරියට ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් වල තියෙන කජුරාහෝ දේවස්ථානයේ කැටයමක් වගේ. මේ පිංතූරේ බැලුවහාම මට වත්ස්‍යායනගේ කාමසූත්‍රය මතක් වෙනවා. "

කාගේ හිතේද වල්කම හා හැදියාව බෙදෙන්නේ..? එහෙම වෙන්නේ අපි ඒ දිහා බලන විදිය අනුවයි. බලන්නට පෙර අපේ හිත් තුල තැම්පත් වී ඇති විවිධාංගී කරණය වූ " චිත්ත කසළ ගොඩවල් " අනුවයි.

ඒනිසා පෙනෙන හැම දේම සත්‍ය නොවේ..,සත්‍ය හැමවිටම පිටතට පෙනෙන්නේද නොවේ. පෙනෙන දේ තුල නොපෙනෙන..,නොපෙනෙන දේතුල පෙනෙන., දේට වඩා යථාර්තයක් තියෙන්නට පිළිවන්. එම නිසා අන්තවාදී නොවී මධ්‍යස්ථව තීරණයකට එළඹී සිත ජය ගන්න. හදවතට නොව මොළයට තැන දෙන්න.., මක්නිසාද., ආදරය උපදින්නේ හදවතේ නොව සිත තුළයි. සිත ඇත්තේ හදවත තුළ නොව මොළය තුලයි.

ඒනිසා මසැස , මනැස සහ තෙවන ඇස හරහා මොලයෙන් වැඩක් ගමු.

8 කියවල මෙහෙම ලිව්ව ලු.:

දුකා said...

නියමයි . . . හොඳට පැහැදිලි කරල තියෙනවා . . . නරක දෙයක් උනත් හොඳ විදිහට බැලුවොත් . . . හොඳ විදිහට දකීවි . . . මූලික වෙන්නෙ බලන්න අවශ්‍ය කොයි කෝණයෙන්ද කියන දේ වටහා ගන්න එක . . එහෙමද ?

-බිன்ku- said...

මාත් එකඟයි මචං, මෙහෙමත් සිද්ධියක්දි මෙම සටහන අදාල කර ගත්විට???


කොටි දෙනෙක් මුව දෙනෙක් පසුපස හමාගෙන යනවා. ඔබ සතුව තුවක්කුවක් තිබෙන අතර ඔබට ඉන් එකෙකු මැරිය යුත්තේ නම් කුමක්ද කරන්නේ?

තමීර said...

වටිනා, ඇස් අරවන ලිපියක්!

දුකා said...

@ -බිன்ku-

උඹට දෙන්නවම ඕන නම් . . . කොටි දෙන මුව දෙනව මරනකම් ඉඳල . . . කොටිදෙනව මරපන් . . . හික්ස්

දුකා said...

අහ් සමාවෙන්න උඹ කියල තියෙනව ඉන් එකෙකු ඕන නම් කියල . . . සමාවෙන සේක්වා . . . !

malee_msg said...

ඔතන නිදසුන් අංක 1 තව පැත්තක් තියනවා. ඒ බල්ලාගේ පැත්ත. ඇයි බල්ලා කන්න පැන්නේ?

මේ ලිපිය කියෙව්වම මට ගොඩක් දේවල් මතක් වෙනවා. මම පොඩි කාලේ ඉදං පොත් කියවනවා උනාට එඩ්වඩ් මල්ලවාරච්චි වගේ අයගේ තරුණ අය ඉල්ක්ක උනු නවකතාවක් (චාතූර්යා) කියවන්න මට ලැබුනේ 5 වසරෙදි. පොත අපේ අක්කා කෙනෙක් ගේ. අපේ අම්මා මට ඒ වෙලාවේ කිව්ව දෙයක් මට මතකයි. ඕන දෙයක් කියවන්න බලන්න ඒත් ජීවිතය‍ට වැදගත් වෙන දෙයක් තියනවා නම් ඒ ටික ඔළුවට අරගෙන අනිත් දේවල් අමතක කරලා දාන්න. හොද නරක හිතලා ‍තෝරගන්න එක ඔයාට බාරයි.එයින් පස්සෙත් මම ගොඩක් පොත් කියෙව්වා. ‍ගොඩක් දේවල් ජිවිතේට‍ එකතු කරගත්තා. අම්මටවත් මට වත් ප්‍රශ්ණයක් උනේ නෑ. ඒත් මගේ පංතියේ යාළුවෙක් හිටියා. එයා නවකථා කියවන්නේ පාසලේදී විතරයි. ‍මොකද එයාගේ අම්මා ‍නවකථා තහනම් කරලයි තිබ්බේ. ඇයි දන්නේ නැහැ.

Hakuna Matata said...

http://myresignation1.blogspot.com/

LishWish said...

@දුකා... අනිවාර්යයෙන් ම. අපි බලන ඒ පිළිබඳ සිතන ආකාරය අනුව අපි ඉලක්ක ගත කරන දේ පිළිබඳ විනිශ්චය වීම තීරණය වෙනවා

@-බිன்කු-... මචං.., දැන් ගැටලුව තුන්කොන් වෙනවා. මුව දෙන පිටුපස කොටිදෙන හමා යන්නේ මුවා මරන්නටයි.. මුවා දිව යන්නේ පණ බේරාගන්නටයි. සමහරවිට කොටියා මුවා පසුපස හඹායන්නේ තම පැටවුන්ට ආහාර සඳහා විය හැකියි. එවිට කොටියා හා මුවා යන චරිත දෙකම දුවන්නේ තම ජීවිතය උදෙසායි.
අවසන.., මෙතනට එන අපේ අතේ තුවක්කුවක් තිබෙනවා. අපි බොහෝවිට මුවා බේරීම උදෙසා කොටියාටත්., මුව මස් කෑම සඳහා කොටියා මුවා යන දෙදෙනාටමත් වෙඩිතියන්න ඉඩ තිබෙනවා.. එවිට අපි මේ ක්‍රියා දෙකම කරන්නේ චිත්ත වින්දනය උදෙසායි. එනම් ජීවිතය උදෙසායි.
දැන් තේරෙනවා නෙද විවිධ මට්ටම් තුනක සිටියත් තිදෙනා තුලම තිබෙන්නේ එකම අරමුණක් වග. ඒ මනස මසැස හා තෙවෙනි ඇස ක්‍රියාත්මක වීමහි පවතින විවිධාංගීකරණය නිසාවෙන්.

@තමීර... ඔබට තුති සොයුර.

@දුකා... හිකිස් :)

@malee_msg... ඔව් ඒක ඇත්ත.. අපි හරණය කල යුතු දේත් එකතුකර ගතයුතු දේත් ඇත්තේ අප අතමයි.