Wednesday, December 10, 2025

ශිෂ්ටාචාරයක පළමු සලකුණ

මානව විද්‍යාඥ මාග්‍රට් මීඩ් මහත්මිය


වසර කිහිපයකට පෙර මානව විද්‍යාඥ මාග්‍රට් මීඩ්ගෙන් ශිෂ්‍යාවක් විසින් සංස්කෘතියක තුලදී "ශිෂ්ටාචාරයක පළමු ලකුණ ලෙස සලකන්නේ කුමක්ද?" යි විමසා ඇත. එම ශිෂ්‍යයා ඇත්ත වශයෙන් ම මීඩ්ගෙන් බලාපොරොත්තු වූයේ ඈ මාළු කොකු හෝ මැටි මුට්ටි හෝ ඇඹරුම් ගල් ගැන කතා කරනු ඇත කියා යි.

නමුත් ඒ වෙනුවට මීඩ් පවසා සිටියේ සංස්කෘතියක් තුලදී "දියුණුවෙමින්" පවතින ශිෂ්ටාචාරයක පළමු සලකුණ" ලෙස "කැඩී බිඳී ගොස් පසුව සුව වූ කලවා අස්ථියක් (femur) බවයි.

වැඩි දුරටත් තම මතයේ අරුත පැහැදිලි කල මීඩ්,
"සත්ව රාජධානියේ දී අනතුරකින් ඔබේ කකුල කැඩී ගියහොත් ඔබට මිය යන්නට ඇති අවස්ථා ඉතා ඉහළයි. ඒ වගේම ඔබට අනතුරකින් පලා යාමට, දිය ලබා ගැනීම සඳහා ගඟකට යාමට හෝ ආහාර සඳහා දඩයම් කිරීමට නොහැකි වෙනවා. එහි ප්‍රථිඵලය වන්නේ තවත් සතෙකුට ඔබව ගොදුරක් වීමයි. කිසිම සතෙක්ගේ අස්ථියක් කැඩී නැවත සුව වෙනතුරු ජීවත්ව ඉඳලා තියෙනවා කියලා කොහේවත් සඳහන් වෙලා නෑ."

යමෙක් වැටුණු තැනැත්තා සමඟ සිටීමට කාලය ගත කර, තුවාලය බැඳ, පුද්ගලයා ආරක්ෂිත ස්ථානයකට ගෙන ගොස්, සුවය ලැබීමෙන් පුද්ගලයාට සත්කාර කර ඔහුගේ බිඳුණු කලවාස්ථිය සුව වූ බවට සාක්ෂියක්.

"ඒ කියන්නේ දියුණුවට පත්වන ශිෂ්ටාචාරයක ලක්ෂණයක්. දුෂ්කරතා මැද වෙනත් කෙනෙකුට උපකාර කිරීමම දියුණු ශිෂ්ටාචාරයක් ආරම්භ වන තැනයි" මීඩ් සිය සිසුන්‍ වෙත පවසා සිටියා. 

Ira Byock විසින් ලියන ලද මුල් සටහනේ පරිවර්තනයකි. 
22/08/2024 රාත්‍රීය.

2 කියවල මෙහෙම ලිව්ව ලු.:

කෞශල්‍ය said...

වැඩගත් පොයින්ට් එකක්. ස්තුතියි බෙදා ගත්තට

Lishan Puwakovitage said...

ස්තූතියි කියෙව්වට :)