Tuesday, November 11, 2025

ඒ මගේ පුතා!

සිසිලනය කරන ලද වීදූරු වලින් වටවී ගත් එහා මෙහා පෙනෙනා කාමර තුල තිබෙන නිසල විවිධ ඉරියව් වලින් හැඩ ගස්වා තිබූ ප්‍රාණ නිරුද්ධ සිරුරු ඇති ලාස් වේගාස් හී ව්‍යුහාත්මක සිරුරු ආගාරයක් තුල කිම් එරික් ස්මිත් මහත්මිය ඇවිදිමින් සිටියේ තව මොහොතකින් තමන්ට වන්නට යන ඛේදවාචකය ගැන කිසිදු අදහසකින් තොරව ය. එක වරම ඈ එක් වීදුරු කූඩුවක් අසල නැවතිණි. හඳුනා ගැනීමට නොහැකි සිරුරු වලින් වට වී ඇති මේ සිරුරු ප්‍රදර්ශනාගාරයේ තමා ඉදිරියේ ඇති සිරුර තමන්ට වඩා හුරුපුරුදු බවක් දැනෙන වග ස්මිත් මහත්මියගේ සිත ඈ හට පැවසුවා ය. 

ලේ කිරි කර පොවා උස්මහත් කල බව නිසාදෝ එක වරම ඇගේ සිතට ක්ශණයකින් එහා මෙහා වී තිබූ තිත් එකිනෙක යාවෙන සෙයක් දැනෙන්නට විය. තමා ඉදිරියේ නිරුවත් කර හම ඉවත්කර ස්නායු කපාට ලිඟු මනාව ප්‍රදර්ශනයක් කරමින් සිරුරේ නහර අතුනු බහන් කිසිවක ජීවය නොමැති නමුදු හදවත තුලින් අම්මා කියා නිහඬව කෑගසන්නේ අන් කිසිවෙකු නොවන වග ඇයට පසක් විය. 

"ඒ මගේ පුතා" 

දිගු කලක් තිස්සේ තමන් සොයමින් සිටි අතුරුදන් වී යැයි පොලීසිය පවා සැක කල සිය පුතු වන "ක්‍රිස්ටෝපර් ටෝඩ් එරික් (Christopher Todd Erick)ගේ සිරුර එහි විය. සයනයිඩ් ශරීර ගත වීමකින් මරණය සිදු වූ සිය පුතුගේ සිරුර කෞතුකාගාරයක් තුලින් මතුවීම ස්මිත් මහත්මිය පමණක් නොව එවකට මුලු සමාජය තුලම පාහේ කැළඹිල්ලක් ඇති කිරීමට සමත් කාරණාවක් විය. වසර 2012 නොවැම්බර් 10 වන දින සිය මිත්තනියගේ නිවසේදී ඝාතනයට ලක් වන ක්‍රිස්ගේ සිරුර මෙසේ මවගේ අනුදැනුමකින් තොරව කෞතුකාගාරයක් වෙත භාර දී ඇත්තේ අන් කිසිවෙකු නොව ඔහුගේ ම පියා විසින් බව ස්මිත් මහත්මිය පවසා සිටියි. එය පූර්ණ වශයෙන්ම අදාල මල්ශාලාව සහ පියා මැදිහත් වීමෙන් කරවූ එකක් වග ඇය මුහුණුපොතේ තබා තිබෙන සටහන් සහ දමා ඇති කොමෙන්ටු වලින් පෙන්වා දෙයි. 


නමුත් පෙරදී ඇය විසින් කල ප්‍රකාශයට විරුද්ධව කෞතුකාගාරය කියා සිටියේ මෙම සිරුරු සියල්ලම පාහේ නීත්‍යානුකූලව පාර්ශවකරුවන්ගේ පූර්ණ එකඟතාවය මත සිර්රු ප්‍රදර්ශනාගාරය වෙත ලබා දුන් ඒවා බවයි. මෙයට එදිරිව ස්මිත් මහත්මිය ඉල්ලා සීටියේ ඉතාම සරළ සහ නීත්‍යානුකූලව පුද්ගල අනන්න්‍යතාවක් හදුණාගැනීමේදී ඉතාමත් සාර්ථක භාවිතාවක් ලෙසට ප්‍රකට එක් පරීක්ෂණයක් පමණි. එය DNA පරීක්ෂණයක් විය.

ඇයගේ පුතා කිසිදු හෝඩුවාවක් නොමැතිව අතුරුදහන් වී නැති බවක් ඔහු විද්‍යා සංදර්ශනයේ වීදුරු කූඩුව තුල සිටින්නේ සාක්ෂි ගොන්නක් පිරිවරා බව ස්මිත් මහත්මිය තේරුම් ගත්තා ය. ක්‍රිස්ටෝපර්ගේ මේ නිහඬ යුද්ධය ව්‍යුහ විද්‍යාවට එරෙහිව නොව සිරුරක් කාට අයිතිදැයි සොයා නොබලා ප්‍රදර්ශනයක් කිරිමට හා එය පිටුපස ඇති අභිරහස නොවිසදීමට එරෙහිව ය. 



කෙසේ නමුදු මෙම නඩුව වැළැලී තිබු බිය කරළියට ගෙනෙන්නට සමත් විය. ඇත්තටම මෙම ප්‍රදර්ශනයට තබා ඇති සිරුරු නියමිත අයුරින් ප්‍රදානය කල එවා නොවනවා නම්, මේ සිරුරු කාලය විසින් වැළලී ගිය මළගිය ඇත්තන්ගේ සාක්ෂි වසන් කර පරිත්‍යාග කල එවා නම්? ඒ වාගේම මෙම "පරිත්‍යාග කරන ලද" සිරුරු කීයක් නම් ඇත්ත වශයෙන්ම හිමිකම් නොකියන ලද, යුක්තියක් දැක නොමැති වින්දිතයින් හෝ කැමැත්තෙන් තොරව ප්‍රදර්ශනයක් තුල සිරවී සිටින අතුරුදන් වූ ආත්මයන් නම්? සිරුරු වටා ප්‍රබන්ධයන් තිබිය හැකිය. නමුත් ප්‍රබන්ධය තුලට මරණයේ බියකරු බව සත්‍ය වශයෙන් පැමිණි විට ප්‍රබන්ධය ප්‍රබන්ධයක් වීම නවතී. මක්නිසාද යත් මවක් සිසිලනය කල වීදුරු කුටියක තබා ඇති මළ සිරුරු අතර තම පුතා හඳුනා ගන්නා විට කලාව කලාවක් වීම නතර වේ. රුදුරු බියකරු සිහිනය ආරම්භ වේ..

ප.ලි: පහතින් ඇති සබැඳි වලට ඔබේ ඇස යොමන්න. එවායින් ඔබ මේ කෙටි සටහනින් නොකියවූ බොහෝ දේ දැනගන්නට ලැබෙනු ඇත.

https://www.facebook.com/photo/?fbid=10235378473824042&set=a.2639019096208 
https://www.facebook.com/kim.ericksmith
https://x.com/kimericksmith 
https://www.change.org/p/demand-dna-test-of-the-thinker-model-at-real-bodies-the-exhibition-balley-s-chris-erick 


4 කියවල මෙහෙම ලිව්ව ලු.:

අජිත් ධර්මකුමාර - මොස්කව් said...

ඉතාම වැදගත් ලිපියක් අකුරු කිරීම සම්බන්ධයෙන් පුවක්ඕවිටගේ මල්ලියාට තුති.

කෞශල්‍ය said...

ස්තූතියි ලියමනට.. ඔබගේ බ්ලොගය නැවත පණ ගසා නැගිටීම පිලිබඳව හද පිරි මෙව්ව එක!! දිගටම යන්නට හැකි වේවායි පතමි.

Lishan Puwakovitage said...

දිගටම ලියන්න හිතාගෙන ඉන්නේ අජිත් අයියා! :)

Lishan Puwakovitage said...

දිගටම ලියවේවි කෞශල්‍ය!