සැමුවෙල් .එල්. ක්ලෙමන්ස් ව අප වඩාත්ම අසා ඇත්තේ ඔහුගේ සත්‍ය නමින් නොව ලිවීමේදී භාවිතකල කතුවර නාමය වූ "මාර්ක් ට්වේන්" නමිනි. ට්වේන් යනු මේ දක්වාම සිය ජනප්‍රියත්වය නොනසා පවත්වාගෙන යන කතුවරයෙකි. ඔහු කතුවරයෙකු මෙන්ම හාස්‍ය කතා කරුවෙක් ද විය. ජීවිතයේ සමහර සන්ධිස්ථාන වල දී කල කී දෑ වල වෙනසක් නොවුනත් අදාල සල්ලාපයන් හිදී ඔහුගේ වදන් භාවිතය අපට ගෙනෙන්නේ රසය නොනසා ගත් හාස්‍යයකි..,
පහත උපුටනයන් ලබා ගත්තේ දෙල්තොට චන්ද්‍රපාල මහතාගේ රසමුසු කථා කෘතියෙනි.
Friday, October 8, 2010
Tuesday, August 24, 2010
සනී මාමා
කාමරයේ කමිසය අඳිමින් සිටි මාව ලසියාගේ අඬ ගැසීමෙන් ඒ දෙසට යාමට මෙහෙය වීය. කොරිඩෝව දිගේ යනවිට එළියේ තව කවුරුන් හෝ සිටින බව ලසියාගේ හා රචියාගේ හඬ මැද්දට තවත් කීප දෙනෙක් ගේ හඬ මුසුවීමෙන් මට ඒ වන විටත් තේරී තිබිණි..!
අවසාන බොත්තමත් උඩම කාසයට දමාගත් මම එළියට පැමිණියෙමි..! මගේ අතින් අල්ලාගත් ලසියා ගෙදර ප්‍රධාන දොර ඉදිරියේ වූ හාන්සි පුටුවේ වූ පුද්ගලයාට මාව අඳුන්වා දෙන්නට විය..,
සනී මාමා මේ රචින්ත මතකයි නේ.., මේ මගේ වම් පැත්තෙන් ඉන්නේ ලීෂාන් මූ තමා මම කිව්වේ රත්නපුරේ ඉන්නවා කියලා..!
Tuesday, June 15, 2010
දුක්ගන්නාරාළලා කියන්නේ කාටද..?
අතීත සිංහලය හෙවත් කන්ද උඩරට රාජධානියේ රජතුමාගේ පුද්ගලික වැඩකටයුතු කරන සේවකයෝ නැතිනම් රාජ පුරුෂයෝ හැඳින්නුවේ දුක්ගන්නාරාළලා නමින්. ඔවුන් හඳුන් වන්නට යොදාගත් විශේෂිත නාමය නම් "අප්පුහාමි" යන නමයි. උසස් යැයි සම්මත පවුල් පසුබිම් වලින් පමණක් තෝරාගන්නට යෙදුනු මේ නිලධාරීන් විටෙක "මහත්තයා, නිලමේ" යන නම් වලින් සිවිල් සමාජයේ ආමන්ත්‍රණය කරන්නට වුනා. රජතුමා ඔවුන්ගෙන් බලාපොරොත්තුවූ ප්‍රධානම දේ රාජපාක්ෂික භාවයයි.
Monday, May 3, 2010
සොඳුරු මිතුදම් ගොඩක් මැද්දේ වරුවක් ගත කළෙමි..!
රංගී අක්කා මේ සැරේ ලංකාවට ඇවිල්ලා තියෙන්නේ ලොකු කාලෙකට.., ඒ කියන්නේ මාස තුනකට විතර.., ඇවිල්ලා මාසයක් ගෙවුනත් පුදුමෙ කියන්නේ මට විවිධ හේතුකාරණා නිසා ඇයව හමුවන්නට බැරි වුනා. සචී අක්කා හෂිත අයියාලා එක්ක සොකරි නාඩගම් බලන්න ගිය දවසට පහුවදා අපේ මුචා, ආගන්තුකයා, පිටස්තරයා, රංගී අක්කා, මලියා සහ හිතාදර නොදරුවා හා මරේ එක්කාසු වෙලා පවත්තපු සාදයටත් පොල්ල තියන්න වීම නිසා මට ඒ කට පිං සිද්ද වෙන්න නොසෑහෙන්න බැණුම් හා විවිධාකාර කරදර වලට මූණ දෙන්න සිද්ධ වුනා..,
Wednesday, March 31, 2010
Monday, March 29, 2010
ඉරිඟු කරළින් ජීවිතයට කතා දෙකක්.
මට මේක අහන්න ලැබුනේ ඊයේ.., ඒ අපේ ගෙදරට ආපු අයියා කෙනෙක් නිසා.., ඔහු ළඟදී විවාපත් වීමට සූදානම් ව සිටින කෙනෙක්. අපි දෙදෙනාගේ සංවාදය නෑයින්ගෙන් පටන්ගෙන දේශපාලනය, ආර්ථිකය, සමාජීය වගකීම් අතරින් ගලාගෙන ගිහින් ආදරය විවාහය වැනි පුලුල් මාතෘකා අතරටද විහිදුනා. මේ අතරෙදී ප්‍රේමණීය සිතුවිලි ඇතිවීම හා එය ප්‍රකාශයට පත්වීම , ආදරය හා විවාහය යනු ඇත්තට ම කුමක්ද කියන ගැටලුවට ඔහු ලබාදුන්නේ හරි අගේ ඇති පිළිතුරක්.
Wednesday, March 24, 2010
සිදුවීම් හා විස්තර කිරීම්
යමක් කියනා විදිය හා එය පෙනෙනා විදිය අතර වෙනසක් තියේදැයි මම නොදනිමි. එනමුත් කියනා විදියට අනුරූප ව පෙනෙනා විදිහ වෙනස් වන්න ට හැකි බව මා දනිමි. එසේම පෙනෙනා දේ හා කියනා දේ අතරද කිසිම ලෙසකින් සම්බන්දයක් නැති අවස්ථාද මම දැක ඇත්තෙමි. විටෙක මේ ලියන මා තුලද මේ ලක්ෂණ විටින් විට මතුවී ඇතිවා මතක ඇත.., ඒ මිනිස් ස්වභාවය මිස අනෙකක් නොවේ.
Subscribe to:
Comments (Atom)
