සිනමාවට හිත බැඳගත් රසික පවුරක් සිටින රටක සිනමාත්මක සංගීතයෙන් බැහැරව සිය ස්වර රටා වටා ඊටම පෙම් බඳින රසික කැලක් තනාගැනීම ශ්‍රී ලංකාව වැනි රටක කෙසේ වෙතත් ඉන්දියාව වගේ රටක නම් ඉතා අපහසු දෙයක්, නමුත් සංගීතය වෙත ඇති දිව්‍යමය හැකියාව සහ ඔවුන්ට අනන්න්ය වූ සංගීතමය සංස්කෘතියක් තනාගත් කයිලාශ් ඛේර් සහ ඔහුගේ සංගීත වෘන්දය වූ කයිලාසාව ට නම් එය ඉතාමත් සුලු දෙයක්.