කලාකරුවා වනාහි මනුෂ්‍යයෙකි.., සිය දේශපාලන අයිතිය වෙනුවෙන් සටන් වදින දේශපාලනික සත්වයෙකි. හෙතෙම සිය භාව ප්රකාශනය කරන්නේ වදනට වඩා සහසකුත් වදනකට වඩා බලවත් වන කලා නිර්මාණයකිනි. වර්තමානයේ කලාකරුවාගේ හිස් අත්පා විවිධාකාරයේ රෙජිමයන්ට යටත් ව දඬු කඳේ ගසා තැබුවත්, වර්තමානයේ ආත්ම ප්රකාශනයන්ට ගරු කරන්නන්ගේ දේශයක් වන ජර්මනියේ වොර්සෝ නැමැති යුදෙව් ජනාවාසය තුල එක්තරා කලාකරුවෙක් හිට්ලර්ගේ දණ ගසාගෙන සිටින ඉරියව්වෙන් සිටින මූර්තියක් තැන්පත් කිරීම තුලින් සිය ප්රකාශනය ඉදිරිපත් කර ඇත.
Sunday, March 24, 2013
Thursday, January 10, 2013
සචිත්ර සමඟ දිදුලන දුහුවිල්ල
කාලෙකට පස්සේ පහුගිය දවසක සරසවි පොත්හලට ගොඩ වැදෙන්න අවස්ථාවක් ලැබුණා. ඉස්සර රොටරියේ සන්නස්ගලගේ සිංහල පන්තියට යන අපි පන්ති ඉවර වෙලා ස්ටැන්ලි තිලකරත්න මාවතේ පිහිටලා ඇති මේ අපූරු පොත් කඩයට හරි, ඉන් එහා පැත්තේ ඒ කාලේ තමන්ගේ අංකුර ප්‍රකාශන කර්ත්ව්ය ආරම්භ කරපු ජානක ඉනිමංකඩගේ විදර්ශන පොත් ගෙදරට යන්න හුරු වෙලා හිටියා. කොහොම හරි ඒකට යන අතරමඟදී මගේ පාසල් මිතුරෙක් වෙන සචිත්‍රව මට හමුවෙන්න ලබුණා. ඉස්සර කලා අංශයේදී අපි එක්කලා එකට අධ්‍යයන කටයුතු කල මේ අපූරු මනුස්සයා මේ වෙනකොට ලේක් හවුස් කතෘ මණ්ඩල සාමාජිකයෙක් විදියට කටයුතු කරනවා. ඔහුගේ මේ හමුවීමේන් පසුව මම පොත් හලට ගොඩවෙනකොට ම පොත්හල දොරටුව අසල තබා තිබුණු සරසවි පොත් හලේ වැඩියෙන්ම අලෙවි වන පොත් දහය වෙතට මගේ නෙත යොමු වුණා.., එහි හත් වෙත් තැන මස් ඉඹුලගේ "සෙංකොට්ටං" වගේම අට වෙනි තැන ලබා තිබුණේ මගේ මිතුරා සචිත්රගේ "දිදුලන දුහුවිල්ල" නවකතාවටයි. සරසවි ප්රකාශනයක් විදියට කල එළි බැස ඇති මේ පොත මිලදී ගන්නට මා වැඩියෙන්ම යොමුවෙන්නට ඇත්තේ පොතේ පසු කවරයේ වූ කතානායකයා වූ සුමේධ තෙරුණුවන් පිළිබඳ වූ පසු සටහනටයි..
Subscribe to:
Comments (Atom)
