රංගී අක්කා මේ සැරේ ලංකාවට ඇවිල්ලා තියෙන්නේ ලොකු කාලෙකට.., ඒ කියන්නේ මාස තුනකට විතර.., ඇවිල්ලා මාසයක් ගෙවුනත් පුදුමෙ කියන්නේ මට විවිධ හේතුකාරණා නිසා ඇයව හමුවන්නට බැරි වුනා. සචී අක්කා හෂිත අයියාලා එක්ක සොකරි නාඩගම් බලන්න ගිය දවසට පහුවදා අපේ මුචා, ආගන්තුකයා, පිටස්තරයා, රංගී අක්කා, මලියා සහ හිතාදර නොදරුවා හා මරේ එක්කාසු වෙලා පවත්තපු සාදයටත් පොල්ල තියන්න වීම නිසා මට ඒ කට පිං සිද්ද වෙන්න නොසෑහෙන්න බැණුම් හා විවිධාකාර කරදර වලට මූණ දෙන්න සිද්ධ වුනා..,