ඔලුවට එන අදහස් මෙ දවස් වල මහා කමකට නැති ඒවා අප්පා.... කවියක් ලියලා බ්ලොග් එකේ දාන එක අරෙන්න මේ ලෝකෙ වැඩක් කලේ නැහැ, දවස් ගානක ට. අම්ම ට පෙන්නන්නත් බැහැ ලියන කවි, ඇයි අම්ම ල දන්නෙ හතර පද කවි නෙ. එලිසම, එලිවැට නැති, නූතන පරපුරේ කවි දන්නෙ නැහැනේ.දවසක් මම ලියපු කවියක් මේසෙ උඩ තියෙනව දැකල ඒක කියවල අම්ම කියනව මරු රචනාව ලු. මට නේද? පොලොව පලාගෙන යන්න හිතුනා.
හිතට එන ඒව පිටකරගන්න ක්රමයක් තියෙන්නත් ඕන හන්ද මම මගෙ හිතේ තියෙන දේවල් මගෙ blog කොල වල වෙන්දේසි දානව.මෙතැන ඉඳන් කතා කරන්න පටන් ගන්න මගෙ කට කැඩිච්ච නාහෙට නාහන නිදහස් කතා ටික.....
එහෙනම් මම කැපුනා !
මම,
Bohemian