Sunday, July 26, 2009

හරිම ආදරේ හිතෙන රූප පෙළක්..

මට මේ රූප ටික ලැබුනේ email එක කින්.. කවුද..? කොහෙද? කාගේද කියලා තිබුනෙ නෑ. නමුත් තිබ්බ රූප ටික නම් හරීම ආදරවන්තයි. ලෝකේ කොහේ ඉපදුනත් පොඩිවුන් පොඩිවුන්මයි නේද කියලා හිතෙනවා.. මේ තියෙන අහිංසක කම බිංදුවක් හරි ඉතුරු වෙලා තියෙනවා නම් ලොකුවෙන කොට මේ දෙගිල්ලො ගාවම... බලන්න... හිතන්න..

දසපද්දුර ක්‍රියා හා රවිශෛලාශයින් ගේ විළි වැසූ සළු රීති...

ceylon copy අපි කුඩාකල අපේ මව් පියන් නිතර කියන වදනකි "දහපදුරාවී" යන්න. අනාචරයේ හැසිරෙන කාන්තාවන් ට සමහර උදවිය දහපද්දුරාවී යන්න භාවිත කළ බව පැරැන්නන් කියනවා අපි අසා තිබෙනවා... මෙහි මුල් උට්ඨානය සිදු වූයේ [රවිශෛලාශ]යක්ෂගෝත්‍රික සිරිත් විරිත් සමඟයි. ඒවාට පටහැනිව ක්‍රියාකිරීම දසපද්දුර ක්‍රියා නමින් හඳුන්වනු ලබනවා. නමුත් මේ වචනයේ අර්ථය දන්නේ අතළොස්සක් බව නම් නියතයක්..

Saturday, July 18, 2009

“අදහස්” - කියවන්නේ නැතුව කීයටවත් අතහරින්න එපා...!!!

idea book
මට ළඟදී මල්ලි කෙනෙකුගෙන් පොතක් ලැබුණා.. ඔහු මනෝවිද්‍යාව ගැන කුඩා කල සිට ම ඇල්මක් තිබුණු කෙනෙක්. පොතෙ නම "අදහස්". එය " Idea Book " හි පරිවර්තනයක්. පොතේ මුල් කතුවරයා "ෆ්‍රෙඩ්‍රික් හරේන්"[Fredrik Haren]..පොත සිංහලයට පරිවර්තනය කර තිබෙන්නේ, එම්.එච්.එම්. යාකූත් සහ ලීලා වික්‍රමරත්න විසින්. ඒවාගේම මෙය “interesting.org” ආයතනයේ ලාභය බලාපොරොත්තු නොවන ඉදිරිපත් කිරීමක්. පොත පෙරලද්දී අනෙක් සාමාන්‍ය පොතක් වාගේම වෙනසක් නොදැනුනත්.., පෙරවදනේ සිට දිගටම කියවාගෙන යද්දී.., මට දැනුනේ කියා ගත නොහැකි තරමේ ඓශ්චර්යක්.., මක් නිසාද කියනවා නම් මේ පොත ගැන මම මෙතෙක් කල් දරපු මත සියල්ලම පළමු පිටුව කියවනා විටම වාගේ බිඳවැටුණු නිසා.

Wednesday, July 8, 2009

කිචි කවාගන්න උවමනා නැත..!

අද මම මගේ පරණ ලාච්චුවක් අදිනකොට පරණ නැෂනල් ඉන්ක්වයර් සඟරා වගයක් හම්බ උනා. නිකමට වගේ කියවලා බලනකොට ලිපි අග පුංචියට තිබුන කතා ටික කියවලා බැලුවා. 1970 දී පලවූ සඟරා උනත් ඒ කතා වල “ටොක්ක” තාමත් හොඳට ඔලු වලට වදින්නේ කතාව තුල අපට හිතන්න දේවල් ඉතිරි කරල තිබෙන හන්දයි..
කෑමක් උනත් වැඩිය රස බෙදාහදා ගෙන කනකොට නිසා කතා වලින් ස්වල්පයක් ඔබත් එක්ක රස්තියාදුවේ යවන්න හිතුවා.

Wednesday, July 1, 2009

ලෝකුරු නයිදේ ගේ "හත් බොරු කවිය".

ලෝකුරු නයිදේ කන්ද උඩරට අවසාන රජුව සිටි ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ කවිකාර මඩුවේ සිටි මුඛරි කවියෙකි. රජතුමා කවියන් පිරිවරා සිටි විවේක අවස්ථාවල දී ඔවුන් ලවා කවි කියවා ප්‍රීති වීම සිරිතක් විය. නිතරම එකම කවි අසා හෙම්බත් වී සිටි රජතුමා කවීන් අතර තරඟයක් ඇතිකිරීමට සිතා ගත්තේය.