Tuesday, June 30, 2009

කයිලාසාවට පෙම් බැඳීම හෙවත් "Chaandan Main" ඇසීම.

මේ වියමන ඉන්දියනු සූෆී සංගීතය නවමු මාවතකට යොමුකළ Kailash Kher ගේ “Kailasa-Chaandhan Main”ඇල්බමය පිළිබඳව පෙරවදන කි.
KKCM
ඇසීමට නොහැකි තරම් කලබලකාරී මෑත කාලීන ඉන්දියානු සංගීත ලොව තුලින් කාලයකට පසුව මා හට කයිකාසාවන් ගේ "Chaandan Main" හමුවිය. කයිලාසා යනු තිදෙනෙකුගෙන් යුතු සංගීත කණ්ඩායම කි. [Kailash Kher, Naresh Kamath, Paresh Kamath] සමඟ ඔවුන් ගේ හතර වන ගීත සංහිතාව වන "චාන්දන් මේන්" මා ඇසුවනම ප්‍රභාශ්වරයට පත්විය. ඒ එතරම්ම අලංකෘත නිසාවෙනි. කයිලාසාවන් ගේ මෙයට ප්‍රථම ඇල්බමයන් වූ "ආවාර්ගී[Awargi], කයිලාසා [Kailasa]සහ ජූමෝ රේ[Joomoo re]" ට පසුව මා ඉහත පවසන්නට යෙදුන ඇල්බමය පසුගිය ජූනි 21දා නිකුත් විය. මේ වන තුරුත් ඉන්දීය ශාස්ත්‍රීය ගීත අතර මුල් ස්ථාන අත්පත් කරගෙන සිටින කයිලාසාවන් මෙයට පෙර ප්‍රසිද්ධියට පත් වූයේ "දේශද්වානියා [Deshadhwaniya]හා පර්නාලි[Parnali]" හි සංගීත අදියුරුවන් නිසා වෙනි.

Saturday, June 27, 2009

කාලය

කාලය මනින්නේ කොහොමද කියලා කෙනෙකුගෙන් ඇහුවොත් පැය විනාඩි තප්පර වලින් කියලා කෙනෙකුට කියන්න පුලුවන්.., නමුත් මම මෙහෙම කිව්වොත්, හොඳ කාලය, නරක කාලය කියලා එහෙම බෙදන්න බැරිද කියලා... උත්තරය...: ගැටලුවක් වෙන්න පුලුවන්..

Friday, June 26, 2009

වාසගම් - දන්නා දේ ගැන නොදන්නා යමක්.

         මූලිකවම වාසගම යනු පුද්ගලයෙකු ගේ නම අගට හෝ මුලට යෙදෙන, තමාව අයිති පවුලේ [පෙළපතේ] නාමයයි. [වාසගම යන වදන පවුල්නාමය යන පදයේ පර්යාය පදය ද වෙනවා.] එමෙන්ම වාසගම ලෙස බොහෝ විට යෙදෙන්නේ පිය පාර්ශවයේ නාමය වුවත්, අමහර සංස්කෘතීන් හි වාසගම ලෙස යොදන නාමය මාතෘනාමය ලෙස වෙනසකට භාජනය වෙනවා.
         පරණ අය තම වාසගම් විදියට භාවිතා කරගෙන තියෙන්නේ, තමා කරන රස්සාව එහෙමත් නැතිනම් ජීවන වෘත්තිය.  තවත් විදියට මගේ පෞද්ගලික අදහසට අනුව ඔය කුල මල වල මූලික කාරණයත් ඔය ඉහත කාරණාවම යි. තමන් ඉන්න ප්‍රදේශය අනුව, කල ජීවනවෘත්තිය අනුවත්, තම අයත් උන කුලයත් යන මේ මූලික කාරණා දෙක පදනම් කරගෙන තමයි, වාසගම් යනාදිය හැදී ඇත්තේ.
          සමහර අවස්ථා වල "චීන සංස්කෘතික කවයේ [Chinese Cultural Sphere]" තිබෙන [නිද: ජපානය, කොරියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, බුරුමය ආදී] රටවල් වල සමහර ජන කොටස් තමා දරන දේශපාලන මතය පෙන්වීමට දේශපාලනයේ සමහර සිවිල් චරිත වල නම් තම නම් අගට ඈඳා ගත් අවස්ථා තිබෙනවා.

රක්ෂාව අනුව: හෙට්ටිආරච්චි, චෙට්ටියාර්, අප්පුහාමි, මුදියන්සේ , Cooper, Smith [ Blacksmith, Silversmith, Goldsmith, Coppersmith etc] .
ජීවත් වන ප්‍රදේශය අනුව: පුවක් ඕවිට, ඉද්දමල්ගොඩ, කිරිඇල්ල, කිරිපෝරුව, Kingston.
කුලය අනුව: මනන්නලා ගේ, නැකතිගේ.

          වාසගම් වගේම භාවිතා වන නම් ගිහියන් නොව පැවිද්දන් අතර තමා හට පැවදි වන විට ලබාදෙන නාමයට ඉදිරියෙන් භාවිතා වෙනවා. එහිදී තමා උපන් ගම හෝ පැවදි වන විට ජීවත් ව උන් පලාත දැකිය හැකියි.
එල්ලාවල මේධානන්ද, ඇල්ලේ ගුණවංස, ගැටහැත්තේ සෝභිත ආදිය නිදසුන් ලෙස පෙන්වාදෙන්න ට පුලුවන්.

Tuesday, June 23, 2009

රාවණා

රාවණා කියන්නෙ කව්ද? ඉතිහාසය තුල රාවණා හට ඉතිරි වී ඇති හිඩැස, ඔහුට සත්‍ය වශයෙන් ම හිස් 10 [ඔලු 10ක්] සහිතව සිටියේද? දඬුමොණරය යනු කුමක්ද? මේ හැම දේම හා කස්සප අතර ඇති සම්බන්ධය කුමක්ද?... ඔය ආදී අති විශාල ගැටලු ගණනාවක් ඉතිහාසය තුල අපට විසඳා ගන්නට බැරිව තිබෙනවා.. සමහරවිට රාවණා යනු අතීත මනු ගති පිළිබඳ අපට ඉතිරි වී ඇති එකම මොඩලය වන්නටත් පුළුවන්.
මේ ලියමන, රාවණා හා කස්සප පිළිබඳ නිරීක්ෂන පත්‍රිකාවක් ලෙස යොදා ගන්නටත් බ්ලොග් හිතකාමී ඔබට මගෙන් කිසීම තහනමක් නෑ..

ඇත්තට ම රාවණා කියන්නේ කව්ද?rawanax

මනු රාජවංශය අවසාන වූවායින් පසුව, තවත් රාජ වංශ තුනක් ගැන ඉතිහාසයේ සඳහන් වෙනවා, ඒ පිළිවෙලින් තාරක [වසර 10,000 කට පෙර] මහාබාලි [වසර 7,500කට පෙර] රාවණා [වසර 5,000- කට පෙර] ආදී වශයෙනුයි. මේ තිදෙනා අතුරින් රාවණා පිළිබඳව පවතින තොරතුරු ඉස්මතුවන්නේ ඉන්දියානු සාහිත්‍යයේ සඳහන් වන රාවණා තුල පවතින තාක්ෂණික හා යුධ බලය නිසාවෙන්මයි. සාහිත්‍යයේ සඳහන් වන පරිදි, රාවණා හට හිස් දහයක් සහ අත් ගණනාවක් පවතිනවා යැය් කීමෙන් පෙනීයන්නේ, ඔහුතුල තිබූ විවිධාකාර දේ කිරීමට තුබූ නිපුණ තාවය වියහැකියි. එනමුදු අවසානයේ දී මේ තරම් දක්ෂතා තිබූ රාවණා රාමා ගේ [ ඔහු පිළිබඳව මම වෙනම තොරතුරු ගෙන එන්නම්] යටතට පත්වනවා... ඉන්දියානු ජනතාව "දීපාවලී" ලෙස සමරන්නේ අර ඉහත කියූ රාවණාව රාම ගේ යටතට ගැනීමයි.
[රාවණා රාම පිලිබඳව පවතින අරුමැසිවාදී සංස්කරණ අතුරින් වාල්මිකී ගේ රාමායනය ග්‍රන්ථය ප්‍රධාන තැනක් ගන්නවා.]

ආචාරිය ලාල් සිරිනිවාස් හා මිරැන්ඩෝ ඔබේසේකර යන මහත්වරුන් පවසන පරිදිරාවණා පිලිබඳ වූ ඉතිහාස හා භූගෝලීය තොරතුරු එක් රැස් කර බලන කල පශ්චාත් ඓතිහාසික පුරාවිදු සංධිස්ථානයක් වන සීගිරිය යනු.., මීට ශත වර්ශ 50 කට ඉහත දී සාදන ලද රාමායනයේ එන රාවණා ගේ පියරජතුමා වූ කුවේරයා විසූ ආලකමන්දාව ද? යන ගැටළුව මතු කරනවා.

ධූරාවලිය
පොළොන්නරුවේ සිටියා යැයි කියන මහාරිශි පුලස්ති ගේ මුනුපුරා වූ කුවේර ගේ පියා වෙසමුණි යනු මහාරිශි පුලස්ති ගේ වැඩිමහලු දරුවා විය. කුවේර යනු වෙසමුණිගේ පළමු විවාහය වූ බ්‍රාහ්මීන් ගේ රූමත් දියණියක වූ ඉල්ලාවිලා දේවිය ගේ දරුවා විය. පසුව වෙසමුණි ගේ දෙවැනි විවාහය ලෙස කේශිණී පත්විය. කේශිණීට වෙසමුණි ට දාව දරුවන් පස් දෙනෙකු ලැබිණි. ඔවුන් රාවණ, විභීශණ, කුම්භකර්ණ, හේම සහ පුෂ්පික නම් විය.
කාලය ගත වෙත්ම කුවේර, තම පියරජතුමා වූ වෙසමුණි ගේ අභාවයෙන් පසුව සාමකාමීව රට පාලනය කලේ ය. මේ අතර කුවේරගේ දෙටුසහෝදරයා වූ රාවණා තම බලවත් කම ඉහළ යත්ම, ලංකා රාජ්‍යය පිළිබඳ ව සිත් පහළ විය. පසුව, රාවණා ලංකා රාජ්‍යයත්, එහි පිහිටි "ආලකමන්දාවත්", කුවේරගේ අහස්යානය වූ "පුෂ්පිකයත්" තමාට අවැසි බව දැන්වීය. මින් ඉතා කෝපයට පත් වූ කුවේර, රාවණාව ඉහත යෝජනාව ද ප්‍රතික්ෂේප කර පලවා හැරීය. එනමුදු ලෙහෙසියෙන් පරාජයට පත් වන්නට තරම් ලාමක නොවූ රාවණා ස්වකීය ඥාතීන් වූ ‍යක්ෂ ගෝත්‍රිකයන්ව කුවේරට විරුද්ධව මෙහෙයවා ලංකා රාජ්‍යය සියතට ගැනීමට සමත් විය.තවද කුවේරගේ ධනය, මාළිගය සහ අද දඬුමොණරය ලෙස හැඳින්වෙන " පුෂ්පිකය" ද සියතට ගන්නට සමත් විය.

සිවු හෙළය
සමහර ප්‍රකෘතිමත් අතීත වාර්තා පවසන පරිදි., සිංහල ජාතියෙහි උපත සිදුවී ඇත්තේ ප්‍රධාන පෙළපත් හතරක් මුල් කරගෙනයි., ඒ යක්ඛ, නාග, දේව සහ ගන්ධබ්බ යන සිවු පෙළපතයි. තවද ඉහත කී සිවු පෙළපත පැවත එන්නේ මහාරිෂි පුලස්තිට ස්ගෝත්‍රීයව යි. එනයින් ගත්කල සිවුහෙළය යනු හිරු දෙවියන්ට වැදුම් පිදුම් කල එකම රටක එක කොඩියක් යටතේ පාලනය වූ රාජ්‍යයක් බව නොරහසක්. තවද., හිරු සඳු සහිත රාවණ කොඩිය ලංකාවේ පැරණිත ම කොඩිය වනවා. දැනට පවතින සිංහ කොඩි සංකල්පය මෙරටට ආවේ මෙයට ශතවර්ශ 25 කට පෙර පැමිණි විජය කුමරුන් සමඟිනුයි.

රාවණා බලයට පැමිණි වහාම, ඉදිකලා යැයි කියන තම මවුපියන් [වෙසමුණි හා කේෂිණී] සිහිකර තැනූ දෙවොල, අතීතයේ මලවුන් වන්දනාව යක්ඛ ගෝත්‍රය තුල තිබූ බවට සලකුණක් ලෙස හඳුනා ගන්නට පිළිවන්.මේ දෙවොල පන්ඩුකාභය රජ දවස බොදු ආගමික ස්ථානයක් බවට පත් කල බවට සැළකෙනවා. පන්ඩුකාභය රජු යනු, යක්ඛ ගෝත්‍රය පිළිබඳ විශේෂ සැලකිල්ලක් දැක්වූ රජ කෙනෙක් බව ඉතිහාසයේ සඳහන් වෙනවා. මෙම ස්ථානය අද වන විට “ඉසුරුමුණිය” ලෙස හඳුන්වන බව සඳහන්..

චිත්‍රකූටද? ආලකමන්දාවද? සීගිරියද?
රාවණා වත නැමති පුස්කොළපොතට අනුව සීගිරියේ සැකසුම් ශිල්පියා වන්නේ "මායා දන්නාව" නමැත්තායි. හෙතෙම සීගිරිය තනන්නට යෙදුනේ රාවණා ගේ පියා වූ විස්තවාස රජු [වෙසමුණි] ගේ නියෝග පෙරදැරි කරගෙනයි. එකල සීගිරිය, ආලකමන්දාව නමින් හැඳින්වූ අතර කුවේර රජ සමය එය හැඳින්වූයේ චිත්‍රකූට නමිනුයි. පසුව, රාවණාගේ අභාවයෙන් පසුව "විභීශණ" රජකමට පත් වූ අතර හෙතෙම තම රාජධානිය කැළණියට ගෙන ගිය අතර ආලකමන්දාව ට විභීශණගේ ඥාතියෙකු වූ යක්ඛ වංශාධිපතියෙකු වූ චිත්තරාජ තම වාස භවන ලෙස යොදා ගත් බව එහි සඳහන්. තවද, චිත්තරාජ යනු පණ්ඩුකාභය කුමරු [ක්‍රි.පූ.437-367] හට රජකම ලබාදෙන්නට උපකාර කල අයගෙන් කෙනෙක්, ඒ පණ්ඩුකාභය කුමරු ගේ දෙමාපියන් යනු චිත්තරාජ ගේ වංශයෙන් පැවතෙන්නන් වූ බැවින්.
තවද, රාවණා වතෙහි කියැවෙන ලෙසට,පණ්ඩුකාභය රජ දවසින් පසුව ධාතුසේන රජුගේ පුත්‍රයා වූ කස්සප කුමරු තම වාසභවන ලෙස චිත්‍රකූටය ලෙස තෝරාගත්තේ ඔහු ගේ මව යක්ඛ ඇදහිලි විශ්වාස කරන්නියක් වූ බැවින් හා ඇය ද ඉන් පැවතෙන්නියක් නිසාවෙන්. කස්සප රජු යනු චිත්තකූටය රාවණා කල අයුරින්ම ප්‍රතිසංස්කෘත කල හා පවත්වාගෙන ගිය එකම රජතුමා ද වෙනවා.චිත්තකූටයේ [පසුව සීගිරියේ] ඇති ලෝපසිඳු බිතුසිතුවම් වලින් දැක්වෙන්නේ සිවුහෙළයත් එහි ඇති නිල්පැහැති කාන්තාරූපයෙන් පෙන්වන්නේ යක්ඛ ගෝත්‍රය බවත් අනෙක් කාන්තා රූ වලින් දැක්වෙන්නේ නාග, දේව සහ ගන්ධබ්බ යන ගෝත්‍ර වල නියෝජනය බවත්, අලංකෘත මල් වලින් දේශයේ එකමුතු බව පෙන්වන බවත් රාවණා වතෙහි සඳහන්.

සෝපානය හා පුෂ්පිකය [දඬුමොණරය]

තවත් එක් විශේෂ කාරණාවක් වන්නේ චිත්තකූටය යනු දැවයෙන් නිර්මිත සෝපානයක් ඉහල සිට පහලට ක්‍රියාකර වූ සිරිලක එකම බලකොටුව ද වෙනවා.සිංහ කට අසල සිට ඉහලට විද නිර්මිත කුහරය තුල මේ දැවයෙන් නිර්මිත සෝපානය දිනපතා සේවයේ යොදවාගත් බව සඳහන්.

පුරාවිද්වතුන්, ඉතිහාසඥයින් උපකල්පනය කරන ආකාරයට දඬුමොණරය, හිමාලයෙන් ගෙන එනලද සැහැල්ලු දැවයෙන් නිර්මාණය කරන්නට ඇතිබව සඳහන්. තවද, සීගිරිය වටා එහි රූප පන්සියයක ට අධික ප්‍රමානයක් චිත්‍රණය කරත් ස්වාභාවික හේතූන් මත කාලයත් සමඟ ඒවා මැකීගොස් ඇතිබව කියැවෙනවා. තව ද රාවණා යනු වෙදකමෙහි මෙන්ම කලාවේ ද කෙල පැමිණියෙකු වන නිසා ඔහුට හිස් දහයක් හා අත් විස්සක් ඇතැයි කීමට හේතුවක් කරගත්තා ද වන්නට පුළුවන්.

කුමක් උවත් රාවණා හෝ කස්සප නිසා හෝ චිත්තකූට හා ආලකමන්දාවෙන් හැඳින්වෙන සීගිරිය ලොව පැරණිතම බලකොටු මාලිගාව වීම වලකන්නට නම් බැහැ.

.::Bohemian::.

පැන්සල.., ඔබට, මට, ජීවිතයට, දෙන පාඩම්…!

පැන්සල දෙන නිදසුන්   එය ඔබට, මට, ජීවිතයට, දෙන පාඩම්

පළමු උපදේශය.[01]
පැන්සල හැමවිටම තමාව හසුරවන ඇඟිලි වලට අනුකූලව හැසිරෙන්නට සූදානමින් ඉන්නවා.

 

ජීවිතයට දෙන පාඩම.
ඔබට මොනතරම් දේ කලහැකි උනත්, හැමවිටම ඔබව මෙහෙයවීමට සුදුසු කෙනෙකුට බලවේගයකට ඉඩදෙන එක....අපගේ ආගමික විශ්වාසයන් ට අපෙ ජීවිත හැඩගස්වන්නට ඉඩදෙන්න ට පුරුදුවන්න.

දෙවන උපදේශය[02]
අප ලියන අතරතුර පැනසල වරින්වර උල් කරගන්නවා. ඊට පසුව එය වඩාත් තියුණුව වඩාත් උද්යෝගිමත් ව ලියැවෙනවා...

 

ජීවිතයට දෙන පාඩම.
කරදර.., කම්කටොළු..,බාධක.. මේ හැමදෙයකින්ම කොපමණ පීඩාවක් ලැබුනත් ඒ හැම පීඩාවකින් පසුවම වඩාත් උද්යෝගිමත්ව සාර්ථකව, නැඟීසිටින්න ඉගෙන ගන්න

තෙවන උපදේශය[03]
පැන්සල එය අතින් වූ අඩුපාඩු, වැරදි, මකාදමන්නට ඉඩ දෙනවා..

 

ජීවිතයට දෙන පාඩම.
තමා අතින් වෙන වැරදි පිළිගන්නට නිහතමානී වන්න..,එය කිසිසේත් ම පරාජයක් ලෙස හිතන්නට එපා.,නිවැරදි කිරීම.., එයට ඉඩතැබීම සැමවිටම අපව සාර්ථකභාවයේ යුක්තියේ මාර්ගයේ යාමට උදව් වනවා..

සිව්වන උපදේශය[04]
පැන්සලයේ වටිනාම කොටස පිටතින් පෙනෙන අලංකාර ලී පතුරු කොටස නොවෙයි..,එහි අභ්‍යන්තරයේ ඇති අඳුරු මිණිරන් කොටසයි.

 

ජීවිතයට දෙන පාඩම.
ජීවිතයේ බාහිර වැඩි අලංකාරයට නොරැවටී.., එහි අභ්‍යන්තරයේ ඇති හරය සොයායන්න..

පස්වන උපදේශය[05]
පැන්සල හැමවිටම තමා කතා කරන දේ පිළිබඳ සටහනක් ඉතිරි කරනවා

 

ජීවිතයට දෙන පාඩම.
අප කරන හැම දේකින් ම අවසානයේ ඉතිරි වන්නේ හොඳ හෝ නරක පමණයි..,ඒ බව සිහි තබාගෙන කටයුතු කිරීමෙන්, කරන, කියන හැම කටයුත්තකදී ම වඩා අවධාරණයෙන්.., සාර්ථකව වැඩ කටයුතු කරගෙන යාමට අපට හැකියාව ලැබෙනවා...

මම,
Bohemian

Sunday, June 21, 2009

සිතුවිළි මිටියක් හිතට කඩා වැටීම.

මම පහු ගිය දවස් ටිකේ මගෙ කවි කොලේ ට ඔලුව දාගෙන හිටපු හන්දා බොහීමියන් ගැන බලන්ට බැරි උනා. සමාව භජනය කරනවා එයට.. පහු ගිය දවස් මගෙ හිතට තද දොම්නසක් එකතු වෙච්චි කාලයක්, මම ඒ ගැන පස්සෙ කියන්නම්.
මුලු දවස් ටිකේ ම කලේ බොහීමියාවේ[මේ පිටුව්වේ තිබ්බ] කවි වලට මගෙ ලිෂ්විෂ් බ්ලොගයට ට්‍රාන්සර් එකක් දුන්න එකයි, ට්විටරයක් හදාගෙන බූට් සින්දු ලිය ලියා හිටපු එක. බින්කුයි, උපුල් මහත්තය එක්ක කත කරනව ඇරෙන්න මෙලෝ වැඩක් කලේ නෑ. අනේ මංද මට මොනා වෙලාද කියලා...
[ මට කරුණාකරල ටික කාලයක් දෙන්න මගෙ ඔලුව හදාගන්න, සිතුවිළි මිටියෙන් තදට ඔලුව ට ගැහුවාම දරා ගන්න හරි අමාරුයි... ඒකයි..]

මම,sleep
Bohemian